IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි

 (බිමල්  ශ්‍යාමන් ජයසිංහ) 

බොරලැස්ගමුව‍ සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී  වැලිකඩ  සුඛෝභෝගී සිව් මහල් නිවසක හිමිකරුවකු තවත් පුද්ගලයකු සමඟ  කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ පරිගණකයක් , ප්‍රින්ටරයක් , ලැමිනේටින් යන්ත්‍රයක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් , ව්‍යාජ ආදායම් බලපත්‍ර , විදේශ වීසා පිටපත් අධ්‍යාපන සහතික පාඨමාලා සහතික ඇතුළු විවිධ ව්‍යාජ සහතික පත්‍ර තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට  ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී එක් හැදුනුම්පතක් ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව   සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

 



අදහස් (4)

ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි

වින්සන්ට් කජ්ජා Wednesday, 09 April 2025 07:54 PM

නෑමොල් ජාතික ලැයිස්තු හොර උපාධි ගැනනම් මතක් කරන්නවත් එපා...

:       6       27

පොඩිඑකා Wednesday, 09 April 2025 09:33 PM

එතන සූරවීරවංස කියල කෙනෙකුත් හිටියද?

:       0       9

de silva Thursday, 10 April 2025 08:37 AM

ව්‍යාජ හැදුනුම්පත් නිකුත් කිරීම බරපතල ප්‍රශ්නයක් , තවම මේ සම්බන්ධ විමර්ශන සම්පුර්ණයෙන්ම අවසන් නැතුව ඇති , නමුත් නිලධාරීන් සියලු දෙනාගේම පින්තුර පත්තරේ දැමුවම ඉදිරියට වැටලීම් කරන්න සිවිල් නිලධාරීන් එනකොට අපරාධ කරුවන්ට පුළුවන් දුරතියාම අදුර ගන්න , මෙහෙමත් මෝඩ බොළඳ පොලිසියක් ලෝකෙම නැතුව ඇති ,

:       0       5

කෞෂිThursday, 10 April 2025 11:47 AM

ඒ වුණාට හරි පොටෝජෙනික් නේද...? නම, ගම, වයස එක්ක පින්තූරේ විස්තරේ වැටෙනවානේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 723 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2255 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 561 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 578 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 292 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 528 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site