(අංජුල මහික වීරරත්න සහ ප්‍රසංග සිල්වා)
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි.
ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාද නවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
ආරම්භ කරන ලද පළමු අදියරට මෙගාවොට් 220 ක ධාරිතාවයකින් යුත් F පන්තියේ ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.
දෙවන අදියර, 2025 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීම හරහා බලාගාරයේ ධාරිතාවයට අතිරේක මෙගාවොට් 130 ක් එකතු කරනු ඇත.
ගෑස් ටර්බයිනයෙන් පළමු අදියරේ අතුරු ඵලයක් ලෙස නිෂ්පාදනය කෙරෙන තාපය උපයෝගී කර ගනිමින් බලාගාරයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති අතර අවසානයේ සමස්ත නිෂ්පාදනය මෙගාවොට් 350 දක්වා වැඩි කරයි.
මෙම විදුලිබලාගාරය මගින් රටේ ජනතාවට ස්ථාවර සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් ලබා දීම, කාර්මික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා සහාය වේ.
මෙම බලාගාරයෙන් රටේ වත්මන් විදුලි ඉල්ලුමෙන් ආසන්න වශයෙන් 12%ක් සපුරාලීමට අපේක්ෂා කරයි.
“සොබාදනවි” බලාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කළේය.
විදුලිබල බලාගාරයේ පළමු විදුලි සැපයුම වන මෙගාවොටි 220ක ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇ
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“සොබාදනවි” විවෘත වෙයි