(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21) සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.
පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ද පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය නීති අනුගමනය කරමින් දරුවන් වෙනුවෙන් මෙම පාසල් විවෘත කිරීමට තීරණය බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ දින 122ක් පමණක් පාසල් පැවැත්වූ බව ආණ්ඩුකාරවරයා කීවේය.
එහෙත් 2021 වසර තුල පාසල් පැවැත්වීමට හැකිවූයේ දින 56ක් පමණක් බව ද සඳහන් කළේය.
දරුවන් ගැන හිතලා පාසල් යළි විවෘත කිරිමට විදුහල්පතිවරුනගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය. ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සාධාරණ පියවරක් ගනු ඇතැයි ද පළාත් ආණ්ඩුකාරවයා කීවේය.
සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසුවේ අදියර තුනක් යටතේ සබරගමු පළාතේ පාසල් විවෘත කිරිම 21 දා ආරම්භ කරන බවයි.
මුල් අදියර යටතේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වු ප්‍රාථමික පාසල් දරුවන් සඳහා විවෘත කරන බව ඔහු කීවේය.
සබරගමු පළාතේ බොහෝ පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සේවකයින් එක්ව එම පාසල් පවිත්‍රතා කටයුතු සිදුකර අවසන් බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය. ඒ අනුව 21 දින සබරගමු පළාතේ ප්‍රාථමික පාසල්වලට දරුවන් 30000ක් පමණ පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 18, 19 සහ 20 වන දින එම පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පූර්ණ අධීක්‍ෂණය කිරීමට වගකිවයුතු නිලධාරියෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පත්කර ඇති ව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාවේ දී පැවසුවේය.
ගුරු විදුහල්පතිවරුන් නොපැමිණි නිසා ළමයින් 200ට අඩු පාසල් සුද්ද පවිත්‍ර කිරිම 18දා වන විටත් බව ඇතැම් පාසල්වල දරුවන්ගේ මව්පියෝ කීහ. ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංවිධානවල ශාඛා නියෝජිතයන්ගෙන් විමසුවිට ඔවුන් පැවසුවේ ආණ්ඩුවට හිතවත් ගුරු විදුහල්පතිවරු කිහිප දෙනෙක් හැර සෙසු ගුරු විදුහල්පතිවරු 21දා පාසල් විවෘතකිරීමේ කාර්යයට සහාය නොදෙන බවයි.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ