IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සභානායකවරයා නැතිව මැතිසබය පැය භාගයකට ඇනහිටියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සභානායකවරයා සහ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  සභාවේ නොසිටීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) පස්වරුවේ පැය බාගයකට  පමණ ඇන හිටියේය.

සභාවේ කටයුතු මෙසේ පැය භාගයකට කල් දමනු  ලැබුවේ මුලසුනේ සිටි හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසිනි.

පැය බාගයකට පමණ පසු සභාවේ කටයුතු ආරම්භවූ අවස්ථාවේදී  විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මෙසේ කල් තැබීම සම්බන්ධයෙන් මුලසුනෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ.

මේ අවස්ථාවේදී මුලසුනේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලේකම් මණ්ඩලයේ උපදෙස්ද ලබා ගෙන  පැවසුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නොමැතිව සභාවේ කටයුතු පවත්වාගෙන යා නොහැකි  හෙයින් සභාව මෙසේ කල් තැබුණු බවයි.

එම  දෙදෙනා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  රැස්වීමට ගොස් සිටි බවද ඔහු පැවසුවේය.

එම දෙදෙනා මේ මොහොත වන විටත් නොසිටින හෙයින්  සභාව  දැන් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී යළිත් ප්‍රශ්න කළහ.

මෙහිදී අදහස් දැක්වූ අජිත් රාජපක්ෂ මහතා  තමා මේ කාරණය කතානායකවරයාට දැනුම් දෙන බව පැවසුවේය.



අදහස් (1)

සභානායකවරයා නැතිව මැතිසබය පැය භාගයකට ඇනහිටියි

මසිරිපාල Tuesday, 09 November 2021 02:16 PM

මම හිතුවෙ කථානායක කියන්නෙ පාර්ලිමේන්තුවේ සභාපති කියලා නැත්නම් සභානායක කියලා. .ඔහු නැතුව එවෙලෙට පත්කර ගත් කෙනා තාවකාලික සභාපති නොවෙයිද.මෙලෙස කථානායකට අමතරව සභානායක ආණ්ඩු පක්ෂයේ සංවිධායක විපක්ෂයේ සංවිධායක වැනි තනතුරු සදහා අමතරව ගෙවීමක් කරනවාද නොදන්නා නිසා අහන්නෙ පහදා දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 69 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 389 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 770 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 50 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 398 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19796 24

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site