(කේ බුද්ධික කුමාරසිරි සහ නිහාල් වෙත්තසිංහ)
පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයෙකු රාජකාරි කටයුතු සිදු කරමින් සිටියදී තමන් නව සභාපතිවරයා ලෙස පවසමින්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් ලිපියක් රැගෙන පැමිණී බැංකු විධායක නිලධාරියකු එම සංස්ථා වෘත්තීය සමිති සේවක විරෝධය හමුවේ අද (12) දින පලවා හැරීමට කටයුතු කල බව එම වෘත්තීය සමිති පවසයි.
එකම ආයතනයට සභාපතිවරැන් දෙදෙනෙකු එකම දින වාර්තා කිරීම නිසාවෙන් ඇති අර්බුදය ට විසදුමක් ලෙස නව සභාපතිවරයා මෙලෙස පලවා හැරීමට වෘත්තීය සමිති කටයුතු කළේය.
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරිවරයෙකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ජේ.එම්.සී. ජයසේකර මහතා එම කටයුතු සිදු කරමින් සිටියදී තමන් නව සභාපතිවරයා ලෙස පත්ව ඇතැයි පවසමින් වැඩ භාර ගැනීම සදහා හිටපු රාජ්‍ය බැංකු විධායක නිළධාරියෙකු බව කියන ඒ.ඩී. නිමල් ධර්මරත්න මහතා පැමිණීම නිසාවෙන් දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වූ බවද එම වෘත්තීය සමිති පවසති
ජේ.එම්.සී. ජයසේකර සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කල බව දැනුම් දීමකින් තොරව මෙලෙස නව සභාපතිවරයෙකු පත් කර එවීමත් නව සභාපතිවරයා පත්ව පැමිණි පසු ජයසේකර සභාපතිවරයා තනතුරින් ඉවත් කල බව දන්වා ෆැක්ස් පණිවිඩයක් එවීමත් පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය අප්‍රසාදය පල කරන බවත් මෙහිදී වෘත්තීය සමිති පැවසීය
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පොදුජන සේවක පෙරමුණේ සභාපති සුසන්ත චන්ද්‍රසිරි - රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කඩා වැටිල තිබුණ වෙලාවේ මේ සංස්ථාව නිසි මගට ගෙනාවේ ජේ.එම්.යූ ජයසේකර සභාපතිවරයා යි. අපිට වැඩ කිසිම දෙයක් නොතිබුණු කාලෙත් සේවකයින්ට වැටුප් ගෙව්වා. දැන් මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය කඩදාසි මෙට්‍රික් ටොන් හතක් ගේන්න කටයුතු කලේ මේ සභාපතිවරයායි. ආයතනය නිසි මගට ඇවිත් දැන් අපි සේවා සපයන්න හදනවිට නිසි ක්‍රමවේදයකින් තොරව මේ සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙකු පත් කර එවා තිබෙනවා. අවම වශයෙන් හිටපු සභාපතිවරයාට ගෞරවණීය සමු ගැනීමක් දීලා නැහැ මේ පත්වීම අපි කිසිසේත් පිළි ගන්නේ නෑ. මේ ආයතනය ගොඩ නගන්න තව වසරක කාළයක් ජයසේකර සභාපතිවරයා මෙහි සිටිය යුතුයි. වෙන කිසිවෙකුට මෙහි සභාපති ලෙස පත්වීමට ඉඩ දෙන්නේ නෑ
එම සංස්ථාවේ සභාපති ජේ.එම්.යූ. ජයසේකර මහතා -
‘මට කිසිදු දැනුම්දීමක් කර තිබුණේ නෑ මාව සභාපති ධූරයෙන් ඉවත් කලා කියල. මාව පත්කලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයායි. අධ්‍යාපන ඇමතිවරයාගේ ලිපියක් අර ගත්තු පුද්ගලයක් අාව මෙහි වැඩ භාර ගන්න කියල. ඊට පස්සේ තමා අධ්‍යාපන අමාත්‍යවරයා ගේ අත්සනින් මට ෆැක්ස් එකක් ආවේ තනතුරින් ඉවත් කලා කියල. මම ඉවත් වන්නේ නෑ. පාසල් පෙළ පොත් වලින් සියයට හතලිස් පහක් මුද්‍රණය කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවයි. මට ඒ වගකීම තියෙනවා ඒ වගකීම ඉවර කරලා තමා මම ඉවක් වන්නේ. මම ඉවත් උනොත් සේවක වර්ජන නිසා පාසල් පෙළ පොත් මුද්‍රණය ඇණ හිටීවී. මම මේ පත්වීම පිලි ගන්නේ නෑ. මෙතැනින් යන්නේ මගෙ වගකීම් අවසන් කරලා විතරයි.‘
නව සභාපතිවරයා ලෙස පත්ව පැමිණි ඒ.ඩී නිමල් ධර්මරත්න මහතා ගෙන් කල විමසීමේදී මෙසේ කීය -
‘කවුරැ විරෝධය පල කලත් ප්‍රශ්නයක් නෑ අද හැරිලා ආවට මම හෙට (13) දින වැඩ භාර ගන්නවා.මට අදාල පත්වීම ලබා දී තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනුයි. ඒ නිසා මම වැඩ භාර ගන්නවා‘ යැයි ඔහු කීය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සභාපති සිටිද්දී අලුත් සභාපතිවරයෙක් ඇවිත් ජරමරයක්
sharm warn Thursday, 12 January 2023 03:26 PM
ආ.. ඔය තියෙන්නේ දේශපාලන පත්වීම්... අර සමෘධි දුන්නු කතාවේ දෙවැනි කොටස...
ravin Thursday, 12 January 2023 03:56 PM
ඔන්න රට ඉදිරියට ගෙනයන්න පත්වුනු එවුන්. ඇමතියා දන්නෙත් නැහැ වඩ කරන ක්‍රමවෙදය.
ලුම්බිණි Thursday, 12 January 2023 04:25 PM
මෙහෙමත් විහිළු.
Sasith Thursday, 12 January 2023 04:42 PM
ඇමතිතුම, දෙල්කඳ පොලේ එහෙම යන්නෙ නැතෙයි,
SB Thursday, 12 January 2023 05:21 PM
මේ ඇමති නේද පහුගිය කාලේ පොර ටෝක් දුන්නේ, ඇමැතිකම් ගන්නකන් විතරයි ටෝක්... ගත්තු ගමන් සල්ලි නැති රටේ ඩොලර් වියදම් කරලා ඇමරිකා ගියා... සූම් එකෙන් සහභාගි වෙන්න පුළුවන්කම තියෙද්දී. දැන් හිතුහිතූ වෙලාවට එකඑක දේශපාලන පත්වීම්.... මහින්දලා වගේම තමයි මෙයාලාගේත් වැඩ. මේ රට, මේ විදිහට කෙළවෙන්න මේ උන්දැත් වගකියන්න ඕනේ... එහෙම වෙලත් තවම කරන්නේ තමන්ට ඕන දේ මිසක් රටට හරි දේ නෙවෙයි...