IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සමාජවාදී තරුණ සංගමයේ 84ක් අත්අඩංගුවට

(ශාන්ත රත්නායක)

සමාජවාදී තරුණ සංගමය අද 24 කොළඹ දී සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ

කොළඹ පුරහල අසළින් ගමන් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණු අතර කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ අධි අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය

මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග  ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන් වේ

අරගලයේ නව ජවයක් තරුණ බලය යළි කොළඹට යන තේමාව යටතේ මෙම පා ගමන සංවිධානය කර තිබිණි

 



අදහස් (18)

සමාජවාදී තරුණ සංගමයේ 84ක් අත්අඩංගුවට

Perera Saturday, 24 September 2022 11:59 PM

අරගල මර්දනය ලෝකේ කොහෙවත් සදහටම සාර්ථකව කරලා නැහැ. බෝලයක් බලෙන් වතුරේ යට සඳහටම හන්ගන්නත් බැරි බව මේ මෝඩ ආණ්ඩුව දන්නේ නැහැ.

:       75       29

VithanaSunday, 25 September 2022 11:34 AM

පෙරේරා රා බීලාද ඉන්නේ? රට වනසන්න උදව් කරන්න එපා වචනෙකින්වත්. අරගල කළ යුත්තේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න මිසක් තවත් වනසන්න නෙවෙයි....!

:       11       74

randilMonday, 26 September 2022 10:12 AM

රට වැට්ටුවේ කවුද කියලා බැලයින්ට අමතකයි. කන්න බොන්න නැතිව බඩගින්නේ ඉඳලා රට ගොඩනගන්න. මේ වගේ නිවටයින් ඉන්නකල් මොන අරගලද? ඒවාට කැමැති අය කොයිතරම්ද? පේනවනේ දාලා තියෙන ලයික් ගාණ...

:       39       7

VithanaMonday, 26 September 2022 12:45 PM

ඊයේ පෙරේදා ඉපදුණු රන්දිල්ලා වගේ අය නොදන්නවාට රට ගිනිතියලා, මිනීමරලා කැලෑ ඇඳිරිනීති දාලා ජනජීවිතය අනික් පැත්තට හරවලා අනෙකුත් පක්ෂවල නායකයින්, සාමාජිකයින් මරලා කරපු පාලනය ගැන අපට නම් හොඳට මතකයි.

:       5       29

Bamunuarachchi Sunday, 25 September 2022 06:48 AM

එනපොට හොඳ නැහැ පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව නියපොත්තෙන් බෙල්ල කඩලා හරි නවත්තන්න. 1989 රට කෑවේ මේ කාලන්නින්ගේ පරම්පරාවේ එවුන් තමයි. චන්දයක් තියන කාලෙට ආණ්ඩුව වෙනස් කර ගනින්. 1970 ගණන්වල තිබුන නියම සමාජවාදී ආණ්ඩුව කෑවේ මේ පාහරයින්. දැන් සමාජවාදී වෙලා. මුන් දන්නවාද සමාජවාදී කියන්නේ මොකක්ද කියලා.

:       18       85

රොනි Sunday, 25 September 2022 08:35 AM

ජවිපය එක මේ පාරත් පිස්සුවක් නටන්න වගේ සූදානම 1971 රටේ ප්‍රශ්න තිබිලාද පිස්සු නැටුවේ... බැංකු කැඩුවා, බස් ගිනි තිබ්බා, ට්‍රාන්ස් ෆෝමර් ගිනි තිබ්බා. පාසල් ගිනි තිබ්බා, පොලිසි කැඩුවා, සිගරට් බයිසිකල් හොරකම් කළා.. මොනවද නොකළේ..? මේ රට විනාශ කළේ ජවිපය එක ආරම්භ කළේ 1971 රජය දරදඬු නීති දාලා මේවා මර්දනය කළයුතුයි...

:       11       79

shantha gunasekara Sunday, 25 September 2022 09:29 AM

මේ ජේ.වී.පී. කාරයින්ට දණහිසෙන් පහළට වෙඩිතියන්න ඕනි උන්ගෙම දර්ශනය එය නිසා. මුන්ගේ සමාජවාදය නියමු රටවල් කරන්නෙත් යුද්ධයමයි. මිනිස්සුන්ගේ ලේවල පිහිනීම මේ අයගේ දර්ශනයයි. මේ අයට විරුද්දව රටේ මිනිස්සු පෙළ ගැසෙන්නම ඕනි. මහින්ද , චන්ද්‍රිකා රට කරනකොට මෙයාලා කුක්කො වගේ මහ ඇමතිකම් කළේ. කෝ මොකද කලේ. මේ අරගල කරන්නේ මිනිස්සුන්ගේ යහපතටද? නැහැ. මෙයාලගේ වාසියට.

:       14       80

Anura Nanayakkara Sunday, 25 September 2022 09:39 AM

තරුණ ජවය කියලා රට තුළ රස්තියාදු කාරයන්ට නීති කඩන්න දෙන්න බැහැ. මේක රට අරාජික කිරීමට ගෙන යන ව්‍යාපාරයක්.

:       12       79

Vithana Sunday, 25 September 2022 10:03 AM

ජවිපේ සහ පෙරටුගාමීන් අතර තියෙන සීතල යුද්දය විශ්වවිද්‍යාල සිසුන් පිටින් ඇරලා ඔවුන්ව බිලිබෝයිලා කරනවා. අන්තරේ බලය අල්ලගෙන ඉන්නේ පෙරටුගාමීන්. සමාජවාදී තරුණ සංගමය අයිති ජවිපෙට. පෙරටුගාමී එකේ කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිත් අරගලය අතට අරන් අන්තරේට තැනක් හදලා දෙන්න හදනවා. ජවිපේ ඒකට විරුද්දව සමාජවාදී තරුණ සංගමය යොදවලා තමුන්ගේ තැන රැක ගන්න හදනවා. මේ දෙගොල්ලන්ගේ තරඟය නිසා අහිංසක විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. රටේ අනෙකුත් වැඩ කටයුතුත් කඩාකප්පල් වෙනවා.

:       8       72

NishanSunday, 25 September 2022 11:40 AM

ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඕස්ට්‍රේලියාවේ තම දරුපවුල පිටින් ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගතකරන කුමාර් ගුණරත්නම් ලංකාවට එනවා. සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්න. මාස ගාණකින් උතුරු, නැගෙනහිරට නොගිය සුමන්තිරන්ලා, ශානිකියන්ලා ඉදිරිපත් වෙලා දකුණේ සිංහලයන් වෙනුවෙන්... විශ්ව විද්‍යාල සිසුන් අතරේ කොළඹ එන්.ජී.ඕ. කාර්යාලවල සේවය කරන නාකි අම්මන්ඩිලා ඉන්නවා බැනර් උස්සාගෙන... මේවා කඩාකප්පල්කාරී වැඩ. මේ ව්‍යාපාර වහාම තහනම් කළ යුතුයි.

:       6       62

ජයන්ත Sunday, 25 September 2022 12:28 PM

ජනතා කැමැත්ත නැති, සුබවාදි පාලනයක් නොවෙද්දී, රට සහ අපි දිනෙන් දින පහළට වැටෙද්දී මේ අය පන්නලා නව දේශපාලන බලයක් රටට ගෙන්වාගත යුතුමයි.

:       43       9

VithanaMonday, 26 September 2022 06:22 AM

ඡන්දෙදී ඒක කරගන්න. මහ පාරේ කලබල කරලා ආණ්ඩු පිහිටුවන්න දෙන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්...!

:       1       42

fairoos Sunday, 25 September 2022 02:03 PM

උඩ අදහස් ලියන අයට නම් දැන් සැප ඇතිනේ...? වහල්ලු, රටට මෙච්චර වෙලත් තවත් කඩේ යනවා.

:       54       7

NishanSunday, 25 September 2022 03:26 PM

අරගල කාරයින්ට රට තවත් වනසනවා හැර ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් නෑ...

:       4       52

BamunuarachchiMonday, 26 September 2022 06:53 AM

සිංහල අපේ රටේ අපේ පැවැත්ම ගැන උපදෙස් දෙන්නේ ගම්මිරිස් හොයන්න කණාවට ආපු හම්බ සෙට් එකයි...

:       2       16

VithanaMonday, 26 September 2022 12:51 PM

ලලිත් පුෂ්පකුමාර ඔයා වැරදියි. මේ උද්ඝෝෂණය කලේ පෙරටුගාමීන් එක්ක තරඟෙට. පෙරටුගාමීන් නිසා තමුන්ට නැති වේගෙන යන තැන රැකගන්න...

:       2       20

ලලිත් පුෂ්පකුමාර Monday, 26 September 2022 09:48 AM

මේ උද්ඝෝෂණය කරේ ආණ්ඩආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිනිස්සුන්ට තියෙන අයිතිය අනුව . කිසිම තැනක් ව්‍යවස්ථා උල්ලංඝනය වීමක්වත් නීති විරෝධී දෙයක්වත් උනේ නෑ . ව්‍යවස්ථා උල්ලංඝනය කරේ ආණ්ඩුව . ඕක රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්

:       29       7

Santhu Monday, 26 September 2022 10:12 PM

ගෝඨාභය ජනපති වගේ නෙවෙයි, වගේ වගක් නැතුව හීන් සීරුවේ වැඩ කරන්නේ දැන් ජනපති. එදා වගේ ජේ.වී.පී.ය හුරතල් කරන්නෑ. කොහොමත් 25 වෙනතුරු කරන් යනවා. ඔය ජේ.වී.පී., පෙරටුගාමීන් දැඟලුවාට රටක් පාලනය කරන්න රස්තියාදුවන්ට පුළුවන්ද? ළඟදීම ලක්ෂ ගාණක් කොළඹට ගේනවලු අරගලයට. පසුගිය මැතිවරණයෙන් ලද ඡන්ද ගානටද ලක්ෂ ගානක් කියන්නේ...? 1971 මේ රට නැත්තටම විනාශ කළ ජවිපයට ඒ කවමදාකවත් රටේ බලය නම් ලැබෙන්නෑ.. ඒක ශුවර්.... ඒ කෲර ක්‍රියාවන් මතක, ඇසින් දුටු, එදා ඒ ත්‍රස්ත ක්‍රියාවලින් බැටකෑ, අත් විඳි සහ හරියට ඒ ඉතිහාසය හැදෑරූ පිරිසක් ඉන්නතුරා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 701 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 938 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2042 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4341 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2266 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 848 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site