IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සමාජ මාධ්‍ය පරිස්සමින් පරිහරණය කරන්න

(යොහාන් භාසුර)
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ අමාත්‍යංශ තීරණ පහත් ලෙස සමච්චලයට සහ අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශ පළ නොකරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන් දැනුවත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවට අතිරේක ලේකම් විමර්ශන ධම්මික මුතුගල මහතා විසින් මෙම දැනුවත් කිරීමේ ලිපිය යොමු කර ඇති බවත් මෙය සියලුම රාජ්‍ය සේවයන් සඳහා යොමු කළ චක්‍රලේඛණයක් හෝ තහනමක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එවැනි දේවල් කරන රාජ්‍ය සේවයන් ආයතන සංග්‍රහයේ ‘අවිනය’ සහ තනතුරට නොගැළපෙන ලෙස කටයුතු කිරීම යන වරද සඳහා චෝදනාකරුවන් බවට පත්වන බව කී එම නිලධාරියා ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් පොලිස් බලතල සහිත ‘සාම නිලධාරීන්’ වන බැවින් ඔවුන්ට කෙසේවත් ආයතන සංග්‍රහය උල්ලංඝනය කළ නොහැකි බව සඳහන් කළේය.
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව ජනතාවගෙන් පැමිණීලි ලැබී ඇති බවත් රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කළ හැකි වුවද මහත් ලෙස සමච්චලයට ලක්කර නොහැකි බවත් එම නිලදාරියා කීය.



අදහස් (4)

සමාජ මාධ්‍ය පරිස්සමින් පරිහරණය කරන්න

Willow Drive Sunday, 21 November 2021 05:00 PM

එන පොට හොඳ නෑ පුතෝ...

:       0       16

Lalith M Monday, 22 November 2021 07:01 AM

මරණාසන්න රජයක ලක්ෂණ......

:       0       1

C.K.Lankaputhra Monday, 22 November 2021 08:20 AM

පහත් වැඩ කරනකොට සමාජ මාධ්‍ය ඒවා විවේචනය කරන එක පහත් වැඩක්ද? අමාත්‍ය මණ්ඩලයේ අය සහ රජයේ ලොකු ලොක්කන් කරන්නේ ඉහල වැඩ පමණද? එහෙමනං මේ රට මේ තරම් පහල මට්ටමකට වැටුනේ සමාජ මාධ්‍ය පහත් කතා නිසාද?

:       0       1

wahaldeepe Monday, 22 November 2021 03:37 PM

‘‘මහත් ලෙස සමච්චලයට ලක්කළ නොහැකි බවත් එම නිලධාරියා කීය..‘‘ එයා අඬන ගමන්ද කිව්වේ.. ?​

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 158 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 181 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 397 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 496 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 68 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 668 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26332 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site