IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සමථ මණ්ඩල වැඩ 70%ක් සාර්ථකයි

(අංජුල මහික වීරරත්න)

සමථ මණ්ඩල සදහා යොමු වන පැමිණිලි වලින්  සීයයට හැත්තෑවකට වර්තමානයේ විසැදුම් ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් සදහා හදුන්වා දුන් ඉඩම් සම්බන්ධ සමථ මණ්ඩල ක්‍රමය ඉතාමත් සාර්ථක බව කී අමාත්‍යවරයා එම ක්‍රමය දිවයින පුරා හදුන්වාදීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

සමථ මණ්ඩල කටයුතු වෙනුවෙන් ලබා දෙන පහසුකම් ලබා ගනිමින් එම ක්‍රමය තවදුරටත් ජනතාව අතර ව්‍යාප්ත කිරීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අධිකරණ ක්‍රියාවලිය මුහුණ දී සිටින බරපතල ගැටළුක් ලෙස නඩු ප්‍රමාදය සදහන් කළ හැකි බවද  නඩු ප්‍රමාදය අවම කිරීමට ක්‍රියා මාර්ග රාශියක් ගෙන තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා කීය.

යුරෝපා සංගමයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ආසියානු පදනම හා බ්‍රිතාන්‍ය කවුන්සිලය  SEDR  ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශිය මට්ටමින් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය හා සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සදහා සමථ වැඩ සටහන් නිලධාරීන් හා  සංවර්ධන නිලධාරීන් (සමථ) වෙත පරිගණක ලැප්ටොප් ප්‍රදානය කිරීමේ වැඩ සටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.

අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම වැඩ සටහන පැවැත්විණි.



අදහස් (1)

සමථ මණ්ඩල වැඩ 70%ක් සාර්ථකයි

හේමන්ත Saturday, 17 February 2024 01:19 PM

මමත් සමථ මණ්ඩලයේ කටයුතු කරන්න කැමතියි. මම රජයේ සේවයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් දරා විශ්‍රාම ලැබූ අයෙක්. සමත මණ්ඩලය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළා.. සම්මුඛ පරීක්ෂණ සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ සිට අධ්‍යාපන සහතික සමග එන්න කියපු නිසා ගියේ නැහැ. සාමාන්‍යයෙන් රජයේ සේවයේ හිටපු කෙනෙකුට අවසාන වශයෙන් සේවය කළ ස්ථානයෙන් ලබාගත හැකි සේවා සහතික මත බඳවා නොගැනීම නිසා බලවත් කණගාටුවක් ඇති වුණා.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 219 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 11 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 912 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1422 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 998 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site