(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධි අරමුදලේ මුදල් රුපියල් කෝටි 4952 කට වැඩි මුදලක් විවිධ ස්ථානවල ආයෝජනය කර තිබුණද ඒ කිසිදු මුදලක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට වාර්තා ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
ඒ අනුව මෙමගින් රජයේ මුදල් අවභාවිතා වීද යන්න පරීක්ෂා කළ නොහැකිවීම හේතුවෙන් මෙම මුදල් රජයේ මූල්‍ය පාලනයෙන් බැහැර වී ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි එම වාර්තාවේ දැක්වේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශයේ සතුව රක්ෂණ අරමුදල් ද ඇතුළුව ව්‍යවස්ථාපිත නොවන අරමුදල් පහළොවක් පවතින බවත් එයින් අරමුදල් නවයක් අක්‍රීය අරමුදල් බවත් විගණන කාර්යාලය පවසයි.
2023 වර්ෂයේදී සියයට 11හි සිට සියයට 26 දක්වා පොලී අනුපාතය යටතේ මෙම මුදල් අයර්ජනය කර තිබුණත් බැංකු වෙත ලබාදී තිබුණු පොලී අනුපාතිකය සියයට පහක් අඩු වූ බව නිරීක්ෂණය වී ඇත. මෙයින් සමෘද්ධිලාභීන්ට ගෙවිය යුතු පොලිය සියයට හතරක් බවත් අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් සෘජුවම බැංකු වෙත ප්‍රේෂණය නොකර බැංකු මූල්‍ය අංශය තුළ රඳවාගෙන ආයෝජනය කිරීමෙන් ප්‍රජා මූල බැංකු විසින්ම ආයෝජනය කර පොලී ආදායම උපයා ගැනීමේ අවස්ථාව අහිමිවීම නිසා එම මුදල් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ඇති අවස්ථාවද අහිමිව පැවතුණ බව එහි සඳහන් වේ.
සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල රුපියල් කෝටි 23 කට වැඩි මූල්‍ය අක්‍රමිකතා 165 ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම අක්‍රමිකතා සිදුවී ඇතැයි පැවසෙන්නේ 2019 වර්ෂයේ සිට 2023 මාර්තු 31 දක්වා කාල පරිච්ඡේදයේදීය මින් අක්‍රමිකතා පහලවක විමර්ශන කටයුතු අවසන් කර නොතිබූ බවද එහි වාර්තාවක දැක්වේ.
නිලධාරීන් මෙසේ දිගින් දිගටම මූල්‍ය වංචා කිරීමට බැංකු පද්ධතිය තුළ පවතින අඩුපාඩු හා විනය නියෝග තුළින් දඬුවම් ලිහිල් වීමද හේතු වී තිබුණු බව විගණන කාර්යාලයේ නිරීක්ෂණයවී ඇත.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සමෘද්ධියේ කෝටිපන්දාහක් පිට පාරේ ගිහින්
Ramani Wednesday, 08 January 2025 10:57 AM
ඔය අහුවෙන්නෙ හොරු
රුවන් Wednesday, 08 January 2025 07:28 PM
ලක්ෂ ගානක් හොරා කාලත් මදිද? කෝටි ගාණක් ඇයි හොරා කන්නේ? ඇත්තටම මේ හොරාකාලත් මේ රට දුවනවා නම් හොරකම් බිංදුව නම් ලංකාව සිංගප්පූරුව වගේ දියුණු කරන්න පුළුවන් අවුරුදු 10න්...