IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සමන්තා පවර් කුඹුරට බසී

(විමුක්ති එස්.රුද්‍රිගු සහ තිස්ස කොටින්කඩුව)

තෙදිනක නිල සංචාරයක නිතරව සිටින ජත්‍යාන්තර සංවර්ධනය සදහාවු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය  ජාඇල ඒකල කුඹුරුයායකදී ගොවි ජනතාව මුනගැසි විශේෂ සාකච්චාවක් පැවැත් වූවය.

තෝරාගත් ගෙවීන් පිරිසක් සමග පැවැති සාක්ච්ඡාවේදී ගොවි ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇති සමන්තා පවර් මහත්මිය මෙරට දීමට නියමිත ණය සහනවලට අමතරව තවත් ආධාර ලබාදීමට තීරණය කර ඇත.

පොහොර අර්බුදය  වගාවන්හිදී මුහුණ දෙන ගැටලු සහ රාසායනික පොහොර නැවැත්වීම ගැන ද මෙහිදී සාකච්ඡාකර ඇත.

මෙම අවස්තාවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්  සහභාගි විය.   

 



අදහස් (25)

සමන්තා පවර් කුඹුරට බසී

බිමල් Saturday, 10 September 2022 08:14 PM

මෙතන පිංතූරවල ඉන්න ගොයියෝ හොයාගන්න කෙනාට තෑගි.. අපිට වෙලා තියෙන්නේ ඔය හෙනේ තමයි.. ප්‍රශ්නේ තියෙන කෙනා පැත්තක.. කොහෙවත් ඉන්න අය රඟනවා..

:       0       0

sisira Saturday, 10 September 2022 08:19 PM

අමෙරිකාවෙන් හෝ වෙනත් රටකින් ලංකාවට ලබදෙනාවූ මුදල් පරිත්‍යාග නිසා ගොවීන් හට නොමිලයේ පොහොර හෝ වෙනත් කිසිවක් ලබා නොදෙන්න. වර්තමනයේ පොහොර ලබාදෙන මුදලටම පොහොර ලබා දෙන්න. ලෝකයේ කිසිවක් නොමිලයේ ලබානොදේ. ජනතවට නොමිලයේ ලබාදෙනවා කියනාවූ වචනය දේශපාලකයන් විසින් ඉවත්කර ගත යුතුව ඇත.

:       6       149

සිල්වා Saturday, 10 September 2022 08:27 PM

ලංකාවට ආදාර දෙන රටවල නියෝජිතයන් රටේ ආදාර ලබාගැනීමට සුදුසු පිරිස රිජුවම මූන ගැසී සාකච්ඡා පැවැත්වීමට පෙලඹීම රජය කෙරෙහි තිබෙන ජාත්‍යන්තරය අවිශ්වාසය මනා ලෙස පැපැහැදිලි කරයි.

:       81       83

Priyantha Anuruddha Saturday, 10 September 2022 08:52 PM

කතා දෙකක් නැ ඔය සල්ලිත් මුන් හොරා කනවා ෂුවර් .

:       76       65

නිමේෂ් Saturday, 10 September 2022 09:13 PM

දෙන අධාරයක් කෙලින්ම ගොවීන්ගේ අතටම දෙන්න , දුක්විඳින මිනිසුන්ට ගෑස් ටික ගන්න දීපු ලෝක බැංකු අධාරයෙනුත් කොමිස් ගහපු රනිල්ගේ හොර නඩයට දෙන්න නං එපා.

:       77       66

RohanaSaturday, 10 September 2022 10:37 PM

හොරකමට හුරුවූ දේශපාලකයින් හා නිලධාරීන් නිසා මේ රටට පැවැත්මක් නැත.

:       1       34

BamunuarachchiSunday, 11 September 2022 06:31 AM

ගොවියන්ට පොහොර ගන්න දෙන ආධාරෙන් සමන්තා කොමිස් ගහයි කියාලා හිතන්නේ නැති එක පුදුමයි. ජෙප්පෙක් කිව්වානම් සමන්තා කොමිස් ගහනවා කියලා මේ හාදයින් හීනෙනුත් දකී සමාන්තා කොමිස් ගහන හැටි. ගොවියාට පොහොර ගන්න අතට සල්ලි දුන්නොත් ගොයියා පළමුව කරන්නේ පුතාට බයිසිකලයක්, දුවට ස්මාට් ෆෝන් එකක් අරන් දෙන එකයි. එම නිසා ගොයියාගේ වැඩ ගැනත් එතරම් විශ්වාස කරන්න එපා...

:       0       0

ruwan Saturday, 10 September 2022 10:39 PM

ජා- ඇල ද කුඹුරු තියෙන්නෙ.

:       9       87

nimaMonday, 12 September 2022 01:37 PM

ජාඇල ප්‍රදේශයේ කුඹුරු තියෙනවා. මුතුරාජවෙල මේ ප්‍රෙද්ශයට අයිතියි.

:       2       4

ganegoda Saturday, 10 September 2022 10:56 PM

අමුඩ ගෙඩියකුත් ගස්සලම කුඹුර බැස්සුවනම් තමයි ලස්සන.

:       28       65

සෙනරත් Sunday, 11 September 2022 03:51 AM

ඔයලා නොදන්නනවාඋනාට මේ ඇමරිකන් සෙට් එක අනාගතය දන්නවා. ලංකාවේ ගොවි සීන් එක කවදා හරි ලෝකෙම අල්ලනවා කියලා ලෝකෙම දන්නවා. සමන්තබද්‍ර හාමුදුරුවන් තමා ඕක මුලින්ම වැටහුනේ. ඒ බුදුකෙනෙක් ....ලංකාවේ රන්ජන් හෝ සමන්තබද්‍ර හාමුදුරුවන් ජනාධිපති වෙනවා. මේ කොමෙන්ට් ගනං ගන්න එපා මම නිකං කියන කතා විතරයි.

:       60       2

Bamunuarachchi Sunday, 11 September 2022 06:23 AM

මොකද අර සමන්තාට වම්පැත්තෙන් ඉන්න ගොයියා දෙකට නැමිලා.

:       16       5

tikiribuwa Sunday, 11 September 2022 11:00 AM

කෙළින් ඉන්න කොන්ද පණනැති නිසා වෙන්න ඇති. ඒකනේ අපිට කොන්ද පණනැති රටක් ලැබිලා තියෙන්නේ..!

:       0       0

preethiSunday, 11 September 2022 05:47 PM

එයාටත් ඔයාට වගේ කොන්ද පණ නැහැ.

:       0       0

pakeer Sunday, 11 September 2022 08:16 AM

බැරිද කෘෂිකර්මාන්තය ඇමරිකාවට දෙන්න. අන්න ඒවගේ දෙයක් ඉන් පස්සේ හෙමින් හෙමින් අනිත් අමාත්‍යංශ ටිකත් දෙනවා. ඉන් පස්සේ ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වගේ.

:       3       11

nihal Sunday, 11 September 2022 08:24 AM

විදේශිකයන් තුළ තිබෙන අසරණ මිනිසුන්ට අතදී ගොඩගැනීම විශිෂ්ට මානාව ධර්ම ලංකාවෙ ඉපදුන රජපක්ෂලට නැත්තේ ඇයි?

:       24       21

විපරමාSunday, 11 September 2022 03:45 PM

බලතන්හාවෙන් ඔලුව උදුම්මා ගත්තු දූෂිත දේසපාලුවෝ නිසා..රටට හෙන ගැහුවත් බලය සහ පැවැත්ම ඊට වඩා වැදගත්..ලෝකෙට පෙන්වන්නේ නම් සැදැහැවත් බවුද්දයෝ කියලා.

:       1       5

කිරිපුතා Sunday, 11 September 2022 09:49 AM

සුද්දා සාමාන්‍ය විදිහට එනකොට අපේ පොරවල් සුද්දගෙ ටයි කෝට් එල්ල⁣න කුඹුරට බහිනවා. ඉස්සෙල්ලාම ආන්න එතන හදාගන්න වෙයි.

:       1       45

Rasika Sunday, 11 September 2022 10:00 AM

ගම සමග පිළිසඳර...!

:       0       0

amila Sunday, 11 September 2022 11:38 AM

ඇමරෙිකාවට ලංකාවේ මිනිස්සු ගැන තියන අනුකම්පාව ලංකාවේ ආණ්ඩුවට නැහැ.

:       33       22

gaming01 Sunday, 11 September 2022 01:42 PM

ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිව රුසියාවෙන් සහ චීනයෙන් දුරස් කිරීමට බව කරුවෙන් සලකන්න.

:       7       49

රොනි Sunday, 11 September 2022 01:01 PM

මේව නිකම්මනිකන් විහිලු වැඩ.

:       6       50

ගමේ එකාලා Sunday, 11 September 2022 03:49 PM

ආධාර අවශ්‍ය අයට දිය යුතුයි .අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආදාරත් හොරාකාපු දුශිත දේසපාලුවෝ අපේ රටේ ඉන්නේ.

:       0       9

Prabath Sunday, 11 September 2022 03:59 PM

කාදිනල් තුමා ද සංවිධානය කරේ ගොවියන් බලන්න අම්පාර පොළොන්නරුව පැත්තේ ගියා නම් හොඳයි ගොවියා විනාස වූ දින අපේ රට ඉවරයි දැනටමත් පේනවනේ.

:       2       10

nima Monday, 12 September 2022 01:41 PM

AC එහෙම ඉල්ලලා නැහැ වගේ. අපේ රටේ නිලධාරියෙක් නම්? ආදර්ශය ගොඩක් වටිනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 978 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 965 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 544 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 334 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 482 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site