සමනළ වැවේ පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාවත් සමග සමනළ,උඩවලවේ සහ චන්ද්‍රිකා වැව පිටාර මට්ටම පැමිණ තිබේ. මෙයින් මේ වන විට උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතකර ඇත.
උඩවලවෙන් පිටවන විශාල ජල කඳ චන්ද්‍රිකාවැව හරහා වලවේ ගඟට මුදා හැරීම නිස වළවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් අම්බල්තොට ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි නිවාස සහ මංමාවත් රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වලවේ ගඟෙ සාමාන්‍ය ජල මට්ටමට වඩා අඩි 9කින් පමණ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරි ඉංජිනේරුවෝ පවසති.
බළංගොඩ සහ හෝර්ටන් තැන් ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂා ජලය බෙලිහුල්ඔය හරහාත්, ශ්‍රී පාද රක්ෂිතයට ඇද හැළෙන වර්ෂා ජලය වලවේ ගඟ හරහාත් සමනලවැවට ලැබීම නිසා සමනළ වැවේ ජල මට්ටම ඉතා සීඝයෙන් ඉහළ යමින් පවතින බව සමනලවැව වාරි ඉංජිනේරුවෝ පවසති.
පැය 24 පුරා ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර සහ ගොවි කටයුතු වලට ජලය මුදා හරින සොරොව්ව හරහා සමනල වැවෙන් පිට වන මහ ජලකඳ උඩවලව ජලාශයට මුදා හැරීම නිසා උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වන විට විවෘත කර ඇති අතර එමගින් පිටවන ජල කඳ චන්ද්‍රිකාවැවට ගලා යයි. මේ වන විට චන්ද්‍රිකාවැවේ ජල මට්ටම ඉහළ යාම නිසා පිටවන ජලය හුළංදාව ඔය හරහා හල්මිල්ල කැටියෙන් වලවේ ගඟට එකතු වීම නිසා වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
සමනලවැවේ වාන් දොරටු අවසන්වරට විවෘත කර ඇත්තේ 2006 නොවැම්බර් 26 වැනි දාය. එදායින් පස මේ වනතෙක් සමනළවැවේ වාන්දොරට විවෘත කර නොමැත'
(ජයන්ත නානායක්කාර, වයි.ඒ.එස්,වීරවංශ, සනත් ගමගේ සහ සම්පත් ප්‍රියනන්දන)
සමනළවැව
උඩවලව
උඩවලව
උඋඩවලව
චන්ද්‍රිකා වැව
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමනළ,උඩවලව,චන්ද්‍රිකා පිටාර මට්ටමට