(මනෝප්‍රිය ගුණසේකර)
සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.
සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකරු වන සයිමන් විදානලාගේ චන්ද්‍රසිංහ මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 20 වැනිදා තෙක් බලපැවත්වෙන අන්දමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහිර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.
සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකරු සයිමන් විදානලාගේ චන්ද්‍රසිංහ මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ඇතුළු පිරිසන් නම් කර ඇත.
සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකාර ධුරයේ තමන් කටයුතු කිරීම වළකාලන්නැයි හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ අතුරු නියෝගය නිකුත් කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඊට අමතරව බස්නායක නිලමේධූරය සඳහා පවත්වන නිළවරණයයෙදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර ඇත.
තත්ත්වය එසේ තිබියදී පසුගිය පෙබරවාරි 05 වැනිදා එක්තරා පුවත්පතක ‘හිටපු නිලමේ රත්නපුර සමන් දේවාලයේ වැඩබාර ගනී” යන ශීර්ෂය යටතේ පුවතක් පළ වු බවත් හිටපු බස්නායක නිලමේවරයාට යළිත් එම තනතුරේ කටයුතු කිරීමට අධිකරණය කිසිවිටකත් අතුරු නියොගයක් නිකුත් නොකළ බව සඳහන් කරන පෙත්සකරු මේ තත්වය යටතේ හිටපු බස්නායක නිලමේවරයා අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කර ඇතැයිද මේ තත්වය යටතේ සාධාරණ හා නීත්‍යානුකූල මැතිවරණයක් අපේක්‍ෂා කළ නොහැකි බවද ස`ඳහන් කළේය.
මෙම තත්ත්වය යටතේ සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේධූරය සඳහා නිලවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු අදාළ නිළවරණය පැවැත්වීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය පෙත්සම ලබන 20 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියේය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
Perera Monday, 10 February 2025 11:25 PM
දේවාලේ වැඩ වලට දෙවියන්ගේ පිහිට නැහැ වගේයි
කහංගම Tuesday, 11 February 2025 07:51 AM
අමුතු නමක් තියෙන්නෙ සාමාන්‍යයෙන් විදානෙලාගෙ කියන නමට මුලින් ගමක නමක් යෙදෙනවා මට හිතෙන්නෙ එම ගම දේවාලෙට සම්බන්ධයත් තියෙන්න ඕන කියලා
Lalla Tuesday, 11 February 2025 09:26 AM
මහජනයාට හරියටම අවශ්‍යම තොරතුර නැතිව අනිත් ඔක්කොම තාක්ෂණික දේවල්. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය අංශයේ තරම.... ඔළු ගෙඩි 225 මාරු කරා කියලා විතරක් අපේ රට වෙනස් කරන්න බැහැ.