IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සමන් රත්නායකගෙන් අද ප්‍රකාශයක්

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය. ම

හේස්ත්‍රාත්වරිය හමුවේ රහස් පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද (04) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් මෙම සැකකරු වෙන් කර රඳවා තැබීමටද නියම කළාය. බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සැකකාර සමන් රත්නායක නමැත්තා පසුගිය පළමුවැනිදා රහස් පොලිසියට පැමිණී අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර පසුගිය 02 වැනිදා ඔහු මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් වු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් දීමට සුදානම් බවට කළ දැනුම් දීමකට අනුව එලෙස නියම කළාය.

සැකකාර සමන් රත්නායක නමැත්තා බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට කැමැත්ත පළ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ රහසිගතව කරන මෙම ප්‍රකාශය යම් අවස්ථාවක ඔබට එරෙහි සාක්කියක් වශයෙන් භාවිතා වීමට හැකියාව ඇති බවත් ඇතැම් විට ඔබ මෙම නඩුවේ සාක්කිකරුවකු කිරීමට හැකියාව ඇති බවත් පෙන්වා දුන් අතර ඒ අනුව ඒ පිළිබඳ හොඳට සිතා තීරණයක් ගන්නා ලෙස සැකකරුට දැනුම් දුන්නාය.

සැකකරු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමටද බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියම කළාය.

 



අදහස් (3)

සමන් රත්නායකගෙන් අද ප්‍රකාශයක්

නිහාල් Monday, 04 March 2024 10:21 AM

අපිට හිනා යන තිර පිටපතක් නොවේවා...!

:       0       10

nanda Monday, 04 March 2024 10:34 AM

තමන්ගේ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව හිමි උසස්වීම් වලින් සෑහීමකට පත් නොවී දේශපාලන උදව්වෙන් ඉහළ තනතුරු වලට යෑමෙන් තමන්ට සමාජයේ තිබුණු ගෞරවයත් යනවා නේද? කාටත් මෙය ආදර්ශයක්...

:       0       13

Nimal Monday, 04 March 2024 10:39 AM

එළිවෙන ජාමෙට හොඳ සෙල්ලම්...!

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 865 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 472 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 351 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 611 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 404 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1114 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site