(ගයාන් සූරියආරච්චි)
අධිකරණ නියෝගයක් කඩකළ බව කියන ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී පොලිසියට තර්ජනය කළ සැකකාරියගේ දියණිය ඇතුළු තිදෙනකු අද (14) අත්අඩංගුවට ගෙන මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රතාත්වරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
අත්අඩංගුවට ගැනීමට ගිය සැකාකාරියගේ දියණිය සිය ගෙල ප්‍රදේශයට පිහියක් තබා සියදිවි හානිකර ගන්නා බවට පොලිසියට තර්ජනය කරකරමින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් රාජකාරියට බාධා කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
එහිදී පොලිසිය එම තත්ත්වය පාලනය කර එම ස්ථානයේ සිටි සැකකාරිය, ඇයගේ දියණිය සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව අධිකරණය නියෝගයකට අකීකරුවීම, අන්තරාදායක ආයුධවලින්, ක්‍රමවලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදුකිරීම, රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකශ කරනු ලැබූ ආඥාවකයට අකීකරුවීම හා සාපරාධි බියගැන්වීම යන වරද ඔස්සේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය වූ අවස්ථාවේදී එක් සැකකාරියක් විසින් තියුණු ආයුධයකින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නිහාල් තල්දූව මහතා පැවැසීය.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාම්පූර් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්