(අජන්ත කුමාර අගලකඩ)
හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත.
කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි බී 12 නිල නිවස, විපක්ෂ නායක නිල නිවස ලෙස වෙන්කර ඇති අතර ආර්. සම්බන්ධන්මහතා මේ වන විටත් එම නිල නිවසේ පදිංචිව සිටී.
සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ මෙම නිල නිවස ලබාදී ඇති අතර ඊට අදාළ විශේෂ කැබිනට් සංදේශය එවකට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයාවූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි මස 26 වැනිදා මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.
කොළඹ 07 පිහිටි අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවස පිහිටා ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු උද්‍යාන කරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් සේවකයන් පස් දෙනකු යොදවනු ලැබ සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම හා නිල නිවස නඩත්තුව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ.
2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව සම්පන්ධන් මහතා විපක්ෂ නායකධුරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවස ලබාදී ඇති අතර 2017 වසරේදී එහි අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 350 ක මුදලක්ද රජයෙන් වැයකර ඇත.
2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කිරීමත් සමඟ පිහිටවූ දින 52 ආණ්ඩුව වෙනස්වූ පසුව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකධුරයට පත්වුවද විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කරනු ලැබුවේද සම්බන්ධන් මහතා විසිනි.
සම්බන්ධන් මහතාට පහසුකම් සැලසීම හේතුවෙන් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කළ විශේෂ කැබිනට් මණ්ඩල සංදේශය අනුව ඔහුට මෙම සුවිශේෂි පහසුකම් ලබාදී තිබේ.
සංහිඳියාව සඳහා සම්බන්ධන් මහතා දක්වන සුවිශේෂී දායකත්වය මත ඔහුට පහසුකම් සැලසීම රජයේ වගකීමක් බවත් සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ කතානායකවරයාගේ ඉල්ලීම මත මෙම නිල නිවස ලබාදිය යුතු බවත් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා සිය කැබිනට් මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇති බව වාර්තාවේ.
නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල්පත් දුරකථන බිල්පත් හා නඩත්තු වියදම් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් දරනු ලබන අතර මෙම නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින නමුත් එම අමාත්‍යාංශයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද දැන ගන්නට ඇත.
එම විශේෂ කැබිනට් තීන්දුව ප්‍රකාරව සම්බන්ධන් මහතාට KX-2330 සහ KO-6339 යන අංක දරණ මෝටර් රථ දෙකද වෙන්කර ඇති අතර ඒ සඳහා මසකට ඉන්ධන ලීටර් 600 බැගින්ද ලබාදෙනු ඇත.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුව වැඩ බලන විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා මේ පිළිබඳව විමසමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර ඇති අතර මෙය සම්බන්ධන් මහතාට දී ඇත්තේ විපක්ෂ නායක නිල නිවස ලෙසද යන්න එමගින් විමසා ඇත. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඊට කිසිදු පිළිතුරක් එවා නැතැයිද පැවසේ.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට රජයෙන් නිල නිවසක් ලබාදෙන නමුත් හිටපු විපක්ෂ නායකවරුන්ට හෝ පක්ෂ නායකයන්ට රජයෙන් නිල නිවාස ලබාදීමක් මෙතෙක් සිදුවී නැති බවත් සම්බන්ධන් මහතාට මෙලෙස විශේෂ වූ නිල නිවසක් ලබාදීම නරක පූර්වාදර්ශයක් බවත් රජයේ ඇමැතිවරු පෙන්වා දෙති.
විපක්ෂ නායක නිල නිවස සම්බන්ධන් මහතාට ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලංකා ඉතිහාසයේ පක්ෂ නායකත්වයකට රජයෙන් නිල නිවසක් ලබාදී නැති බවත් මෙය පළමුවැනි අවස්ථාව බවත්ය.
මෙය නරක පූර්වාදර්ශයක් බව කී ඇමැති තෙන්නකෝන් මහතා පසුගිය රජය මෙම නිල නිවස සම්බන්ධන් මහතාට ලබා දුන්නේ කුමන පදනමින්ද යන්න ගැටලුවක් බවද කීවේය.
විපක්ෂ නායක නිල නිවස සම්පන්ධන් මහතාට මෙසේ ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩල තීන්දුවක් වන බැවින් එය වෙනස් කළ යුත්තේද කැබිනට් මණ්ඩල තීන්දුවකින්ම බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින් තමා මේ පිළිබඳව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බවද ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.
උතුරේ ජනතාව දුක්විඳිද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ නායකයන් මෙලෙස කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බවද ඇමැති තෙන්නකෝන් මහතා පැවැසීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්බන්ධන්ට ගිය රජයෙන් නිවසක් ලබාදීලා
Kalu Sunday, 29 December 2019 06:42 PM
ඔහොම තමයි යහපාලු ආණ්ඩුව ලංකාවේ මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා, දෙමළ ඩයස්පෝරාවට, මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍ය විදිහට රට විනාශ කලේ...
ඒකනායක අනුරාධපුරම් Sunday, 29 December 2019 11:11 PM
සම්බන්ධන් මහතාට මෙලෙස විශේෂ වූ නිල නිවසක් ලබාදීම නරක පූර්වාදර්ශයක් නොව වර්තමාන දේශපාලනයේ සිටින, අඩ සියවසක් පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන උගත්, බුද්ධිමත් වැදගත් දේශපාලකයෙකි. ඔහුගේ වයෝ වෘද්ධ සහ සෞඛ්‍ය හේතුන් මත පසුගිය රජය මෙය ලබා දෙන්නට ඇත. මෙම නිවාස පිළිබඳව ඔහු සමග රජය සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙනවට වඩා මෙය ජාතිවාදී ප්‍රශ්නයක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව අප කණගාටු වෙමු. පසුගිය මැතිවරණයේදී දෙමළ ඡන්ද රජයට ලැබුනේ නම් සම්බන්ධන් මහතාට නිවසක් නොව නිවාස දෙකක්ම ලැබෙනු ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැනි හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් මෙයට වඩා වැදගත් වටිනා යමක් බලාපොරොත්තු විය නොහැක. ජාතිවාදයට මුල් තැනදෙමින් ක්‍රියාකරන ප්රජාතන්ත්රවාදී දේශපාලනය පිළිබඳව මළපොතේ අරුතක් නොදන්නා නමුත් අවස්ථාවාදී දේශපාලනයක නියැලෙන තවත් දේශපාලකයෙකි.
janahitha Monday, 30 December 2019 03:46 AM
එක්තරා ජාතියකට තම දේශපාලන වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දීම යු අන් පි පක්ෂයට තරම් නොවේ එය ඩි ඇස් සේනානායක ප්‍රතිපත්තිය නොවේ මෙය තනිකරම ජාතිවාදී ක්‍රියාවකි කොළ නිල කන්නාඩි ඉවත් කරගත යුතු කාලය එළඹ ඇත
nuwan Monday, 30 December 2019 03:48 AM
ඔයා සම්බන්ධන් නේද.? ඇත්ත කියන්න.
ManojMonday, 30 December 2019 04:46 AM
වයෝවෘද්ධ නන් විශ්‍රාම යන්න ඕනේ...
mahinda RTuesday, 31 December 2019 02:40 PM
පොළොන්නරුවේ හිටන්ට ලොකු ගෙයක් දුන්නනේ...
Bandara Sunday, 29 December 2019 06:57 PM
හොඳවෙලාවට පුතාණෝ ගෙදර ගියේ... නැත්නම් රටෙන් කෑල්ලකුත් දෙනවා.
[email protected]Tuesday, 31 December 2019 04:29 AM
ලැජ්ජා නැතිව කියන හැටි........කලිනුත් රට විකුණලා දැන් ඇවිත් මාසයක් යන්නත් කලින් විකුණුවේ නැද්ද ?
Ratna P Sunday, 29 December 2019 06:58 PM
මේකට තමයි කියන්නේ මහජනයාගේ මුදල් "කජු ඇට කොස් ඇට වගේ" වියදම් කරලා කියලා...
siri Sunday, 29 December 2019 07:58 PM
කීයද ඔට්ටු..? ඔය මොනවා වුණත් මෙයා නම් කුදලාගෙන උසාවි ගෙනියන්නේ නැහැ...
prasanka Sunday, 29 December 2019 08:39 PM
ඔක්කොම ඇමැතිලා ඔහොම තමයි.
ලුම්බිණි Sunday, 29 December 2019 11:02 PM
මෛත්‍රීපාලට නිකම් ගෙයක් දීමෙයි මෙතන නිකම් ගෙයක් දීමෙයි වෙනස මොකද්ද? (දෙකම වැරදි බව නම් ඇත්ත)
dilan Sunday, 29 December 2019 11:46 PM
UNP ආණ්ඩුවක් කියන්නේ රටට හිතකර කිසිඳු දෙයක් කිසිඳු කලක නොකරපු ආණ්ඩුවක්, අන්න ඒ නිසාම මතය ජනතාවත් මේ මිනිස්සු කියන කරන හැම දේකටම විරුද්ධයි...
Bamunuarachchi Monday, 30 December 2019 12:23 AM
එජාප වහල්ලු මේ ගැන මොකද කියන්නේ කියලා බලමු. ඉතින් මේ අයට සිංහල බෞද්ධ ඡන්ද ලැබෙයිද? මොවුන්ට ඡන්දය දෙන්නේ සිංහල ජාතිද්‍රෝහීන්..
රවින් Monday, 30 December 2019 12:33 AM
කොයි ආකාරයටද අර දඹුල්ල රජ මහා විහාරයේ නින්දගම්, ඉඩම් විකුණුවේ? බෙදුවේ? ඉතිහාසය ටිකක් තිත්තයි.
BamunuarachchiTuesday, 31 December 2019 01:35 AM
සම්බන්දන්ට දුන්නේ විපක්ෂ නායක නිල නිවාස නම්, මහින්ද මහතා විපක්ෂ නායක උනාම එය මහින්ද මහතාගේ නිල නිවාස විය යුතුයි. මහින්ද මහතාත් මේ නිල නිවාස ඉල්ලන්නේ නැතිනම් මෙතැන මොකක් හෝ තිබෙනවා. පසුගිය ආණඩුවේ කෙරුවාවල් පැත්තකට දාලා සම්බන්ධන් දැන් විපක්ෂ නායක නොවන නිසා වහාම පිටවෙන ලෙස දන්වන්න.
sl Monday, 30 December 2019 02:03 AM
හැබැයි එහෙ ගිහින් කියන්නේ උතුරට දෙමල විතරයි සිංහල බැහැ කියලා. විග්නේශ්වරන්ගේ මල්ලි වගේ!
aruni Monday, 30 December 2019 02:44 AM
බදු මුදල් අවභාවිත කිරීම මේ අය කොළඹ ඉදන් උතුරේ කැලි ඉල්ලනේ.
sharm warn Monday, 30 December 2019 03:08 AM
ඇයි දෙයියනේ ... මතක නැද්ද ? අපිට නම් මේ කෙරුවාව මතකයි මොකද අපි මේකට විරුද්ධව කතා කළා ... විපක්ෂ නායකලා දෙන්නෙක් නඩත්තු කරන්නේ අහවල් පදනමකින් ද කියලා ... මේක තනිකරම රනිල්ගේ උවමනාවට සිදු වෙච්ච දෙයක්. ද්‍රවිඩ ඡන්ද පදනම රැක ගන්න මහජන මුදලින් ගහපු ගැටයක්. මොකද සම්බන්ධන් මුල ඉදන්ම උදව් කලේ රනිල්ට නිසා. එජාපෙ තව අවුරුදු 5ක් හිටිය නම් ලංකාව කියන්නේ ඉතිහාසේ සිතියම් වල තිබිච්ච දුපතක් විතරක් වෙන්නත් තිබුනා.
Ruwan Kostha Monday, 30 December 2019 03:19 AM
මේ අය කියන්නේ උතුරේ ඉන්න ඕනේ දෙමල විතරයි කියලා ලැජ්ජයි සිංහල අපෙන්ම කකා බිබී උතුරට ගිහින් ඒ මිනිස්සු අවුස්සනවා.
kumara Monday, 30 December 2019 03:32 AM
මොකක්ද මෙතන වැරැද්ද? අනෙත් මැති ඇමතිවරු සියළු දෙනාට වගේ විපක්ෂ නායක වරයාටත් නිල නිවසක් ලබා දිය යුතු නොවේද? අනෙක ඒ ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩල තීන්දුවක් මත මිස අත්තනෝමතික ලෙස නොවේ. එසේනම් ප්රශ්නය විපක්ෂ නායක වරයා සුළු ජාතිකයෙක් වීමද?
NuwanMonday, 30 December 2019 05:35 AM
කවුද සම්බන්ධන් කියන්නේ... පුලුවන් නම් දෙමළ මිනිස්සු 1000ක් එක තැනකට රැස්කරලා පෙන්නන්න කියන්න... කසිප්පු, ටකරන් ආදිය නොදී. මහලොකු දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා. මෙයා ගැලවුම්කාරය වෙන්නේ ථෙරවාදී බුදුදහම තියන රටවලට විරුද්ධව ක්‍රියාත්මක වන බටහිර රටවල "සෙවනැලි ආණ්ඩු " ලෙස හඳුන්වන අයගේ. මම කියන්නේ බොරු නම් අනිකුත් ථේරවාදය පවතින රටවල වර්තමාන පසුබිමත් කියවා බලන්න. මෙවැනි සම්බන්ධන්ලා ඒවායෙත් හමුවෙනවා.
sharm warnMonday, 30 December 2019 05:39 AM
ඔයා කියන විදියට විපක්ෂ නායක ට නිල නිවසක් දෙන්න ඕන නම් කාටද ඒක දෙන්න වෙන්නේ ? මොකද මෙයා නෙමෙයි විපක්ෂ නායක වුනේ මහින්ද නේ. එතකොට තේරෙනවද වැරැද්දක් තියේද නැද්ද කියලා ?
JayaMonday, 30 December 2019 05:49 AM
යන්නේ කොහෙද මල්ලේ පොල්...
eresh S kumara Monday, 30 December 2019 03:35 AM
රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දුන්නු අයට නඩු පැවරිය හැකිය.
Uditha - London Monday, 30 December 2019 05:38 AM
මේ මිනිස්සු කොච්චර සුර සැප විදිනවද? හැම දෙයක්ම ගත්තම අසාදාරන දේවල්නේ... මොකක්ද මේ මොවුන්ගේ තියන සාදාරන කම. අපි කාව විස්වාස කරන්නද.
Anura Monday, 30 December 2019 05:54 AM
මම හිතන තරමට විපක්ෂ නායකයාට නිල නිවසක් හිමිවිය යුතුයි.
YapaMonday, 30 December 2019 07:36 AM
හැබැයි සදාකාලිකව ඉන්න නෙවෙයි. තනතුරේ සිටිනකම් ඉන්න. මෙතන තියෙන වැරැද්ද වෙනත් කිසිඳු විපක්ෂ නායකයෙකුට හිමිවූ වරප්‍රසාදයක් ගිය රජයෙන් මොහුට පමණක් ලබාදීමයි.
sharm warnMonday, 30 December 2019 09:27 AM
අනුර , දැනටත් 225ක ට කන්න අදින්න දීලා අපි නම් නට්ටන් වෙලා ඉන්නේ. අනේ කරුණාකරලා විපක්ෂ නායකගේ පැකේජ් එක ඔයාම භාර ගන්න. උඩින් තියෙන ආටිකල් එකේ තියෙන්නේ ගණන් හිලව් එක්කම නඩත්තු කටයුතු ගැන. අනේ අපිට නම් ඔය හැටි බදු ගෙවන්න බැහැ. ඔයාලා වගේ වන්දිභට්ටයෝ නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ.
maaraya Monday, 30 December 2019 08:18 AM
සියලු මන්ත්‍රී වරප්‍රසාද නැතිකළ යුතුයි. ඔවුනුත් සාමාන්‍ය ජනයාගේ නීතියට සහ වරප්‍රසාදවලට යටත්විය යුතුයි..
Mahinda Monday, 30 December 2019 12:22 PM
තව තව නෑදෑ පරපුරටත් ගෙවල් දීලා නැද්ද?