IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7  මහගමසේකර මාවතේ නිල නිවෙසේ  වසර 8ක පමණ කාලයක සිට  රැඳී සිටින බව වාර්තාවේ.

ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ  ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින්  2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසුව යැයි කියති.

සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද  පසුගිය කාලයේදී  ඉවත්විය. දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි.

ඉකුත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු  ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී ඇත.

2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමග පිහිටු වූ දින 52 ආණ්ඩුව වෙනස් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ  විපක්ෂ නායක ධුරයට පත් වුවද විපක්ෂ නායක නිල නිවෙස දිගටම පාවිච්චි කරනු ලැබුවේ ද සම්බන්ධන් මහතාය.



අදහස් (14)

සම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේ

රංබොඩ Wednesday, 03 April 2024 11:38 PM

මහජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙ⁣වී කොටි චූං කරනවා.

:       6       33

Bamunuarachchi Thursday, 04 April 2024 12:00 AM

හා හා ජෙප්පෝ, අනුර කුමාර සම්බන්දන් නිලනිවාසයේ බින්න බැහැලා ඉන්න එක දකින්නේ නැහැ හැබැයි මහින්දගේ බල්ලා වත්තේ කොනක කැත කලානම් ඒක ආකිමිඩිස් යුරේකා යුරේකා කිය කියා දිව්වා වගේ බල්ලා ගේ කැත ගොඩ කියමින් රට‍පුරා දුවලා TV සංදර්ශනයකුත් තියලා.

:       31       34

Ajantha Thursday, 04 April 2024 12:00 PM

එතකොට JVP එක විතරමද ඔය හැමදේම බලන්න ඕනේ .අනික් උන්ට ඇස් කන් මොලයක් එහෙම නැද්ද

:       1       2

senaThursday, 04 April 2024 03:12 PM

ඉතින් ඔයා වත්ත කොනේ කැත කරන්නේ මොකද වැසිකිලි යන්න පුරුදු කරලා නැද්ද??

:       0       1

Bamunuarachchi Monday, 08 April 2024 09:07 AM

මම කැත කලානම් කරන්නේ තමුසේගෙ කටේ.

:       0       0

Sharm Thursday, 04 April 2024 06:22 AM

උතුරේ දුක් විඳින ජනතාවට සේවය කරන්න නේ දෙයියනේ

:       0       26

lankaputha Thursday, 04 April 2024 06:38 AM

ඔබ අපෙන් ගොස් ඔහුව එළවා දමනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද?

:       0       9

Nilantha Thursday, 04 April 2024 06:48 AM

ලාල්කාන්ත අවු 19 ක් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසෙක.වසන්ත සමරසිංහත් එහෙමයි

:       14       31

Bunny Preena Thursday, 04 April 2024 09:34 AM

දේශපාලුවෝ ඔක්කොම යාළුවො මල්ලී

:       0       40

Asanga samantha Thursday, 04 April 2024 01:03 PM

එතකොට මුන්ට නීතී කෝ?

:       0       1

සෙනෙවිරත්න Thursday, 04 April 2024 05:33 PM

බමුනෝ, ඕවා හොයන්න කියන්න තමුන්නැහැලා පත්කරපු නායකයින්ට, මන්ත්‍රී කෙනෙක් නිල නිවාසෙක හිටිය එක හොයනවට වඩා රටේ හොර වංචා වෙනවා. අනෙක ඕවා හොයන්න රජයේ නිලධාරීන් ඉන්නවා නේද? රාජපක්ෂලා රටට කරපු විනාශය එක්ක බැලුවාම මේක මොකක්ද..!

:       3       3

Bamunuarachchi Friday, 05 April 2024 06:40 AM

හලෝ කියනවා බලන්න විනාශය මොකක්ද කියලා ? මෙතන කියන්න බැරිනම් එනවා YouTube එකට කථා කොරන්න. හලෝ 2005 මහින්ද බලයට නෑවානම් අද රට කොහෙද කියනවා බලන්න. ඒ කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ. ජෙප්පෝ කලේ චන්ද්‍රිකාට, මහින්දට, රනිල්ට අත් උදව් දෙන එක නේද? ඒ කාලේ අනුර කියලා කෙනෙක් ගැන දැනගෙන හිටියාද? 2005 - 2014 දක්වා මහින්ද තරම් රටට වැඩකරපු නායකයෙක් 1977 පස්සේ හිටියාද? අන්තිමට කරපු ව්‍යාපෘතිය තමයි උමා ඔය හැරවීම. ජෙප්පෝ ඔය එකක වත් හොඳ පැත්ත දැක්කාද? කොළඹ වරාය නගරය ඉඳි කොරන විට කිව්වේ රටේ කළුගල් ටික මුහුදට දානවා කියලා. හම්බන්තොට වරායෙන් රනිල්ට ප්‍රයෝජනගන්න බැරි උනාට චීන්නු ප්‍රයෝජනය ගන්නවා. එතකොට වැරැද්ද වරායහදපු එකද ප්‍රයෝජනය ගන්න නොදැනීමද? කියනවා බලන්න කරපු විනාශය අපිට දැනගන්න. ජෙප්පෝ චන්දෙ ගන්න දෙමළාට හම්බයාට රට පාවා දීම ලොකුම විනාශක්‌.

:       1       1

Prasad Friday, 05 April 2024 02:04 PM

ඔව්. අපි මහින්ද රාජපක්ෂගේ මුල් කාලෙ වැඩපිළිවලේ වරදක් දකින්නෙ නෑ. හැබැයි, ඉන් පස්සේ පවුලේ උදවිය ඈඳගෙන රටට කළේ මොනවද කියලා මධ්‍යස්ථව හිතලා හොයලා බැලුවා නම් මොනවද කියන්නෙ කියන එක අගේට පැහැදිලි වෙයි.

:       0       1

ප්‍රසාද් Friday, 05 April 2024 02:08 PM

මේ රටේ මහජන නියෝජිතයොයි කියන කිසිම කෙනෙක් ස්වෙච්ඡාවෙන් රට ගැන හිතන, රට සංවර්ධනය කළාම තමනුත් සංවර්ධනය වෙනවා කියලා හිතන්න තරම් බුද්ධිමත් නෑ. උන් ඔක්කොම මෙකට එන්නෙ තමන්ට සැප විඳින්න විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 20 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 83 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 131 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 150 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 150 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site