IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක්


(අජන්ත කුමාර අගලකඩ)

මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත.

යල කන්නයේ වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියකුගෙන් වී කිලෝ 5000ක උපරිමයකට යටත්ව වී මිලදී ගැනීමටද රජය සැලසුම් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදීගැනීමට කටයුතු යොදා ඇති අතර, එහි සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සිදුකෙරෙනු ඇත.

ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා වී අලෙවි මණ්ඩලය මගින් මෙවර යල කන්නයේ වී ටොන් ලක්ෂ 2ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 1042ක් පමණ වේ.



අදහස් (15)

සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක්

Nilantha Friday, 17 July 2020 11:24 AM

එක ගොවියාගෙන් ටොන් 5 බැගින් ගන්නවා කියා බොරුවට වී ටිකක් විතරක් අරන් ඡන්දෙට කලින් ගොවියා රවට්ටන උප්පර වැට්ටියක්.

:       2545       3073

Bamunuarachchi Friday, 17 July 2020 12:31 PM

සහතික මිල නියම කිරීමෙන් පමණක් හරියන්නේ නැත. රුපියල් 55-60 ගානේ පුද්ගලික වෙළඳ වී මිලට ගත්තාම වී අලෙවි මණ්ඩලයට රුපියල් 50 ගානේ ගන්න දෙයක් ඉතිරි වන්නේ නැත. ඉන්පසු වෙන්නේ වෙළෙන්දා රුපියල් 100ට නියම කළ හාල් 120 ගානේ විකිණීමයි. එමනිසා සහන මිලට පොහොර ලබාගන්න නම් රජයට වී වික්ක කුවිතාන්සිය ඉදිරිපත් කරන්න කියන්න. හමුදාව යොදවා වී එකතු කරන්න.

:       250       244

MaheshSaturday, 18 July 2020 03:26 AM

ඒක නම් ඇත්ත.. නමුත් සහනමිලට තියා සල්ලි දීලා ගන්නවත් වෙළඳපලේ ඕනෑම කරන පෝර වර්ගත් නෑ.. ඉළඟ කන්නේ පටන් ගන්න කොට ඒක හොඳටම තේරෙවි. අනික ඉතින් මේ ආණ්ඩුවේත් කයිවාරුව විතරයි කියලා පේනවා රනිල්ගේ ආණ්ඩුව වගේම.

:       2       70

BamunuarachchiMonday, 20 July 2020 08:16 AM

එහෙනම් ඉතින් පොහොරත් ලාබෙට නැතිනම් නොමිලේ දෙන රු 20000 ක් පිනට දෙන ආණ්ඩුවක් පිහිටුවා ගන්න.

:       0       0

Champa Friday, 17 July 2020 03:40 PM

කිලෝවකට රුපියල් 50ක් කියන්නේ වී වලට හොඳ මිලක්. වී කිලෝ 100ක් ගත්තොත්, කිලෝ 20ක් විතර පොත්ත. සාමාන්‍යයෙන් වී කිලෝ 100කින් හාල් කිලෝ 68ක් විතර තමයි නිෂ්පාදනය කරන්න පුළුවන්. ආණ්ඩුව නියම කරන මිලට නෙමෙයි ඊට ටිකක් වැඩියෙන් වී මිලට ගත්ත වුණත් හාල් මෝල්කාරයින්ට පාඩුවක් නැහැ. ඒ මොකද කිව්වා නම් වී කිලෝ 100කින් ගන්න පුළුවන් හාල් කිලෝ 68ක් විතර වුණාට, ඉතිරි දහයියා කිලෝ 32 හාල් මෝල්කාරයින් අතුරු නිෂ්පාදන සඳහා ඉහළ මිලකට විකුණන නිසා. වීවලට සහතික මිලක් නියම කරන කොටම, හාල්වලටත් සහතික මිලක් නියම කරන්න ඕනේ. එහෙම කරන කොට දහයියා වලින් හාල් මෝල්කාරයින් උපයන මුදලත් බලලා හාල් මිල නියම කරන්න ඕනේ. ඒ මොකද කිව්වා නම් හාල් මෝල් දහයියා විකුණලා ගන්න විශාල ආදායම හංගන නිසා. මගේ අදහස නම් සම්බා, නාඩු, කීරි සම්බා විකුණන්න පුළුවන් උපරිමය රුපියල් 70 සහ 75 අතර කරන්න ඕනේ. මෙහෙම නොකොළොත් හාල් මෝල්ලු වඩා ආකර්ශනීය මිලක් වී වලට දීලා ඒ වගේ දෙගුණයකට හාල් විකුණන්න පුළුවන්. එතකොට වී සහතික මිල විහිළුවක් වෙනවා. ආණ්ඩුවක් වුණාම වී ගොවියා සහ පාරිභෝගිකයා කියන දෙකොටසටම සාධාරණ වෙන්න ඕනේ.

:       0       170

ranjith Friday, 17 July 2020 11:28 PM

මේ රට දියුණු කරන්න බැරි ජීවන වියදම වැඩි නිසා බඩු ගණන් වැඩිකරන කොට කම්කරු කුලිය ඉබේම වැඩිවෙනවා. එතකොට නිෂ්පාදන මිල අධිකව ඉහළ යනවා. ජනතාව ගොනාට අන්දමින් ඡන්දෙ කරන එක විතරයි අද කරන්නේ.

:       0       9

nandasena Saturday, 18 July 2020 01:10 AM

විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? අද වනවිට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ මෙවන් දෑ සිදු නොවිය යුතුයි. එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයෙකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද? යන්න සමස්ථ මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 July 2020 02:28 AM

ලංකාවේ ප්‍රධාන වී මෝල් ටික තියෙන්නේ දේශපාලන වශයෙන් ලොකු හයියක් තිබෙන මුදලාලිලා ළඟ... පොළොන්නරුව පැත්තේ කෙනෙක් තම දේශපාලන සොයුරාගේ පිහිටෙන් වී හාල් බිස්නස් එකෙන් කෝටි ප්‍රකෝටි ගණන් සෙව්වේ කෙසේද? සහතික මිල කුමක් වුවත්, රජයේ නිලධාරින් හැරෙනවිට මෙවැනි අය තමන්ට අවශ්‍ය අඩුමිලට වී තොග ගබඩාකොට හමාරයි. මෙන්න මේවට නිශ්චිත පියවරක් ගත යුතුයි නේද? රුපියල් 75000 කින්, ඒකත් ණයට ගෙන ආරම්භ කළ වී හාල් කර්මාන්තයකින් මේ තරම් ලොකු ධනස්කන්ධයක් ඉපැයූවේ කෙසේද? මේ වී සහල් මාෆියාව පරාජය කරන තෙක් සහතික මිලක් තිබුණත්, ගොවියා සැමදා අමාරුවේමයි. මේවා කාට කියන්නද?

:       0       223

සරදියෙල්Saturday, 18 July 2020 06:49 AM

ලංකාවේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් යම් සම්බන්ධතාවන් තියෙන අයට තමයි. තමන්ට නැති දේ ගැන අනුන්ට ඉරිසියා නොකර තමනුත් කාට හරි සම්බන්ධ වුණොත් දියුණුවක් ලැබේවි...

:       345       169

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 18 July 2020 07:59 AM

අපට ඇති ඉරිසියාවක් නැහැ. අප කීවේ රටේ මුදල්, අහිංසක ජනතාවගේ මුදල්, දේශපාලන හයිය යොදාගෙන එක් තැනකට ඒකරාශි වීමයි.

:       0       0

සේනාරත්නSaturday, 18 July 2020 05:34 PM

මේ සරල යථාර්ථය තේරුම් ගන්න බැරි ලංකාවේ උගත් මෝඩයෝ ඉහළටම ඉගෙනගෙන, පිටරට උපාධිත් කරලා, ඒවා මොනවත් නැතිව සාර්ථක වෙච්ච අපේම රටේ ව්‍යාපාරිකයින්ට ඉරිසියා කරනවා. මොවුන්ට පේන්නේ නෑ... මේ ව්‍යාපාරිකයින් තමයි රට සෞභාග්‍යමත් කරන්න ජනාධිපතිතුමාත් සමඟ එක්වී ඉන්නේ කියා...

:       0       0

සේනාරත්නSaturday, 18 July 2020 05:34 PM

මේ සරල යථාර්ථය තේරුම් ගන්න බැරි ලංකාවේ උගත් මෝඩයෝ ඉහළටම ඉගෙනගෙන, පිටරට උපාධිත් කරලා, ඒව මොනවත් නැතිව සාර්ථක වෙච්ච අපේම රටේ ව්‍යාපාරිකයින්ට ඉරිසියා කරනවා. මොවුන්ට පේන්නේ නෑ මේ ව්‍යාපාරිකයෝ තමයි රට සෞභාග්‍යමත් කරන්න ජනාධිපතිතුමාත් සමඟ එක්වී ඉන්නේ කියා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 19 July 2020 03:39 AM

සරදියෙල්ගේ නොදියුණු ලපටි මොළයට සරිලන විදිහට තමයි එයාට එන අදහස්.. ඒක ඉතිං තමන්ගේ නොදියුනු බවේ සංකේතයක්. ඒත් ඒක පක්ෂග්‍රාහී ප්‍රකාශයක් බව, හොරකමට අනුබල දෙන ප්‍රකාශයක් බව දන්නෝ දනිති. එහෙත් සරදියෙල් නොදනියි.

:       0       0

de silva Saturday, 18 July 2020 07:31 AM

මේ ආණ්ඩුව ගොවියා රකින්න කියමින් වී මිල ඉහළ දමනවා. එතකොට සහල් මිල අහස උසට නගිනවා. පාරිභෝගික අප ගැන කතාකරන්න කිසිවක් නැහැ. පොහොට්ටුවේ සහයෙන් ප්‍රකෝටිපති සහල් මුදලාලි කිහිප දෙනෙකු කන්නෙකට පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා පාරිභෝගික අපි අපේ ඡන්දෙ වෙන කාට හරි දෙමු...

:       0       25

තුසිතSaturday, 18 July 2020 04:54 PM

රට, ජාතිය ආරක්ෂා කරන්න. ආර්ථිකය නගාසිටුවන්න උරදෙන ව්‍යාපාරිකයින් සමඟ රජයක් සහයෝගයෙන් වැඩ කිරීමේ වැරැද්ද මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 42 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 36 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 69 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 135 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 162 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site