IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සම්මුඛ පරීක්ෂණ සඳහා ගණිත ගැටලුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)



හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගන්නා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ගණිත ගැටලුවක් යැයි පවසමින් එම විශ්ව විද්‍යාලයේ ලාංඡනය සහිත කොළ කැබැල්ලක ලියූ ගණිත ගැටලුවක් සහිත ඡායාරූපයකට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ නැවත වරක් විශාල අවධානයක් හිමිව ඇත.

මෙම ගැටලුව සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් සිසුන්ගෙන් සියයට 90 කට එය විසඳීමට අපහසු වී ඇතැයිද සමාජ මාධ්‍යයේ දැක්වේ. එම ගණිත ගැටලුවේ මෙසේ සඳහන් වේ "භාර්යාවන් හත් දෙනෙකු සිටින පිරිමින් හත් දෙනෙකු සිටී නම් එක් එක් පිරිමියාට සහ භාර්යාවට දරුවන් සත් දෙනෙකු සිටී නම් එතැන සිටින සම්පූර්ණ පුද්ගලයන් ගණන කොපමණද".

නමුත් අනෙක් ගණිත ගැටලු මෙන් නොවන මෙම ගණිත ගැටලුවට පිළිතුරු දෙකක් තිබේ. පළමු වතාවට මෙම ගණිත ගැටලුව 2021 වසරේදී සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති අතර නැවත වරක් මේ වනවිට එම ගණිත ගැටලුවට විශාල අවධානයක් හිමිව තිබේ.

නමුත් මෙම ප්‍රශ්නය කියවා තේරුම් ගන්නා ආකාරය අනුව සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ පිළිතුරු ලබාදී ඇති බවත් එම පිළිතුරු 21 සිට 448 දක්වා පාරසයකට දිව යන බවත් පෙනෙන්නට ඇත.

නමුත් එක් පිරිමියාට එක් භාර්යාවක් සිටින බවට තේරුම් ගතහොත් නිවැරදි පිළිතුර 63 ක් වන බවත් එක් පිරිමියෙකුට භාර්යාවන් 7 සිටින බවට තේරුම් ගතහොත් නිවැරදි පිළිතුරු 392 ක් බවත් ඒ සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම ගණිත ගැටලුවට නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසු කරුණක් බවද පැවැසෙයි.

සැබැවින්ම මෙය හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිත ගැටලුවක්දැයි සනාථ කිරීමට ක්‍රමයක් නොමැති බවද පැවැසෙයි.



අදහස් (3)

සම්මුඛ පරීක්ෂණ සඳහා ගණිත ගැටලුවක්

Lankaputha Thursday, 12 September 2024 01:05 PM

21, පිළිතුරයි. සියලුම පිරිමින් සිතන්නේ භාර්යාවන් ඔවුන්ට පමණක් අයිති බවයි, එබැවින් ඔවුන් එක් එක් භාර්යාවගේ දරුවන් ඔහුට අයිති බවට විශ්වාස කරයි. නමුත් සියලුම පිරිමින් සියලුම කාන්තාවන් සමඟ නිදා ගන්නා අතර සෑම කෙනෙකුටම 21 ළමයෙකු සිටී

:       0       2

Malan Thursday, 12 September 2024 03:59 PM

ඩී.එන්.ඒ. පරික්ෂණයක් කළොත් ඔය ප්‍රශ්නය අහන්න වෙන්නේ නෑ...

:       0       3

dala Thursday, 12 September 2024 09:24 PM

63

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 900 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1836 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2299 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5699 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1707 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6270 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18160 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site