(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙකු දුමිරියේ ගමන්ගත් යුවළක් බිය ගන්නා සැමියාගේ සුළැගිල්ල වෙන් වනතෙක් කඩුවෙන් කොට බිරිඳ සතු රන්මාලය, හා රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහිත පසුම්භිය කොල්ලා කා ඇතැයි පොලිසිය පවසයි.
මෙම දුමිරිය අද (6) අලුයම 4.30 ට පමණ කොළඹ කොටුවේ සිට වාද්දුව බලා ධාවනය වෙමින් සිට ඇති අතර අලුයම 5.30 ට පමණ අඟුලාන දුමිරිය ස්ථානයේ ළගා වු අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා දුමිරියට ගොඩවී ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් දුම්රිය ගොඩ වු අවස්ථාවේ මෙම මැදිරියේ ගමන්ගෙන ඇත්තේ මෙම අඹුසැමි යුවළ පමණක් බවත්, සැකකරුවන් කාන්තාව වෙත ගොස් ඇයට පහර දී ගෙලබැදි රන් මාලය කඩා ගැනීමට උත්සහ කිරීමේ පිරිමි පුද්ගලයා එය වලැක්වීමේ දී සැකකරුවන් ඔහුට කඩුවෙන් පහර දී ඇති බවද පොලිසිට තොරතුරු ලැබී ඇත.
අඹු සැමි යුවළගේ කෑ ගැසීම ඇසී දුමිරියේ ගමන් කිහිපදෙනකු එම මැරිදිය පැමිණ ඇති බවත්, එම අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා ඉදිරියට දිවගොස් ලුනාව ධාවනය වෙමින් තිබු දුමිරියෙන් පැන ඇති බවද පොලිසිය පවසයි.
මගීන් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත දැනුම් දීමෙන් පසු මොරටුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත.
පොලිසිය සිදුකළ සෝදිසියේ දී එහිදී ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන්න එක් සැකකරුවෙකු තුවාල ලබා දුම්රිය මාර් ගයේ වැටී සිටියදී පොලීසිය භාරයට ගෙන තිබේ.
දුමිරියෙන් පැන්න සෙසු සැකකරු රන් මාලය සහ රුපියල් ලක්ෂ 2ක් සහිත මුදල් පසුම්බිය රැගෙන පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට මුහුණදුන් අඹු-සැමි යුවළ මන්නාරම පල්ලිමුණෙ දකුණ ප්‍ර දේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණ ඇත්තේ මොරටුව ප්රළදේශයේ ඇති යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින් මෙලෙස පැමිණ ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
සැකකරුවනගේ කඩු ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
තුවාල ලබා පොලිසිය බාරයට ගත් කොල්ලකරුගේ හිසට සිදුවූ තුවාල සිදුව ඇති බවත්, එම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවූ පුද්ගලයකු බවත් ඔහු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් මොරටුව පොලීසිය පවසයි
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැමියාට කඩුවෙන් කොටා බිරියගේ රන්මාලය-ලක්ෂ 2 ක් කොල්ලකාලා
sugath Thursday, 06 October 2022 07:56 PM
අද රටේ මිනිසුන්ගේ පුද්ගලික ආරක්ෂාව බිංදුවට බැස තිබේ. පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. එබැවින්, ගමනක් යනවිට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා යම් ආයුධයක් රැගෙන යා යුතුයි...!
ගමේ එකාලා Friday, 07 October 2022 01:29 PM
කෝච්චියේ මාල කඩා ගන්නවනම් රත්තරන් දන්න කෙනෙක් වෙන්ඩැ.