IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ස්මාර්ට් දුරකථන ගන්න ගුරුවරුන්ට සහන ණයක්

(යොහාන් භාසුර)

රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

කොවිඩ් වරයිරස් අර්බුදය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලබාදීම සඳහා ගුරුවරු දැවැන්ත කැපකිරීමක් සිදුකරන බවත් දරුවන්ගේ අපහසුතා පමණක් නොව ගුරුවරුන්ගේ අපහසුතා පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 



අදහස් (24)

ස්මාර්ට් දුරකථන ගන්න ගුරුවරුන්ට සහන ණයක්

Ruhunu Monday, 21 June 2021 04:56 PM

ගුරුවරුන්ට මාසයකට පඩියක් හරි ලැබෙනවා.. එදා වේල හම්බකරන් කන පවුල්වල ළමයින්ට කවදා සහනයක් ලැබෙයිද?

:       5       144

කිරිපුතා Monday, 21 June 2021 05:10 PM

ස්මාර්ට් ජංගම දුරකථනයක් නැති ගුරුවරුන් ඉන්නවද? ණය දෙන එකනම් සහනයක් නෙවෙයි. ඒවා ගෙවන්න එපැයි.

:       7       74

DK Monday, 21 June 2021 05:43 PM

මාර්ගගත අධ්‍යාපන කටයුතු ක්‍රමවත් නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන, කලාප අධ්‍යාපන, කොට්ඨාශ අධ්‍යාපන, විදුහල්පති, ගුරුවරු අයුරින් ක්‍රමවත්ව නියාමනය කරමින් ගුණාත්මක මාර්ග ගත අධ්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපනය කල යුතුයි. එය කොරෝනා උවදුර නිසා රටේ අනාගත වගකීම් දැරීමට සිටින දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට සිදුවන බලපෑම අවම කිරීමට රුකුලක් වෙයි.

:       2       64

C.K.Lankaputhra Monday, 21 June 2021 05:45 PM

යහපාලනේ කාලේ රනිල් මහත්තයා පාසැල් ළමයින්ට නොමිලේ ටැබ් දෙන්න හදනකොට ඔහෙලා ඒක කෝචොක් කරලා පොල්ල දාපු හැටි දැන් අමතකද?

:       74       620

මුණසිංහMonday, 21 June 2021 06:22 PM

මෙතුමා දන්නවද දන්නේ නැහැ කරන්න හදපු වැඩේ. ළමයින්ට ටැබ් ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට පන්තියට ගෙනිහින් පාඩම ඉවර වුණාම ආපසු ගෙනත් තියන්න ඕනෑ. පාසලකට ඒ විදියට ජීවිත කාලෙටම ලැබෙන්නේ ටැබ් 200-300ක් විතර. ඒකයි ක්‍රමේ. දැන් ළඟදිම නියමු ව්‍යාපෘතියක් විදියට ඒක ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේ වනවිට තෝරාගත් පාසල් කීපයතට ඒවා බෙදා හරිමින් ඉන්නවා. ඒ වුණත් එය නෙවෙයි විය යුත්තේ... ඊට කලින් විදුලිය නැති පාසල්වලට විදුලිය දීමත් පන්ති කාමරවලට ස්මාර්ට් බෝඩ් දීමත් ඊට වඩා වැදගත්...

:       269       243

කපිල Monday, 21 June 2021 08:54 PM

සාඩින් බයියො තමයි ඉන්නේ...

:       2       159

janabala asamagi Tuesday, 22 June 2021 03:41 PM

ඔන්න තවත් ඒකක් ඒ්පාර

:       0       0

sancharanaTuesday, 22 June 2021 03:43 PM

අපෝ කියලා වැඩක් නැ මේවා ගැන

:       0       0

විපරමා Monday, 21 June 2021 06:05 PM

අපරාදේ කියන්න බැහැ. ගුරුවරු මාර කැපකිරීමක් කරන්නේ... මම දන්න ජනප්‍රිය පාසැලක ගුරු මහත්මියක් ගෙවල් ගානේ ගිහින් ටියුෂන් දෙනවා. සමහරු නම් කියන්නේ මාර ගැහිල්ලක්නේ ගහන්නේ කියලා..

:       76       180

සුමනපාල Monday, 21 June 2021 06:08 PM

හරි නම් ගුරුවරුන්ට රජය විසින් නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදිය යුතුයි...

:       207       100

PrseMonday, 21 June 2021 07:22 PM

ෆේස්බුක් යන්න වෙන්න ඇති. පඩියක් දෙනවා නම් කිසිම දෙයක් දෙන්න අවශ්‍ය නැහැ.

:       98       56

මුණසිංහMonday, 21 June 2021 08:48 PM

මෙයාගේ අදහසට නම් අපි විරුද්ධයි. අපේ ළමයින්ට මේ දිනවල ගුරුවරු උගන්නන්න දරන මහන්සිය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඇත්තටම එයාලට ලැබෙන්නේ මූලික පඩියක් විතරයි. කැපෙන ඒවා සියල්ල එතැන් සිට කපනවා. සමහර ගුරුවරු පාසල් කාලයේ හවසත් උගන්නනවා එයාලට ඕටී නැහැ. පඩිය 50000ක් ගන්නේ අවු.20 විතර සේවා කාලයක් තියෙන අය බවයි අපි දන්නේ. අද දවස් කුලියට වැඩ කරන අයත් මාසෙකට දවස් 20ක් වැඩ කළත් 60000ක් වත් හොයනවා. ඒ නිසා ගුරුවරයෙකුගෙන් ඉගෙන ගත් අයෙක් නම් මෙවැනි වාචාල කතා කියන එකක් නැහැ... ගියපු පාසලේ වැරැද්ද මම හිතන්නේ...

:       8       69

විජේ Monday, 21 June 2021 07:40 PM

අනිවාර්යයෙන්ම. මොකද ඒ ගුරුවරයගේ ළමයට උගන්නන්න ගන්නවා නෙවෙයිනේ... එහෙම බැලුවාම කලින් ආණ්ඩුවේ "ලැප්ටොප් කෙලි" හා "ටැබ් වන්නම්" සාධාරණයි. "පියල්" වුණාට වැඩක් නෑ පුස්.

:       0       11

බමුණු. Monday, 21 June 2021 06:16 PM

මේ වැඩෙන් ගුරුවරුන්ගේ ඡන්ද ටික ලැබෙනවා. ඒක හොඳ අනාගතයකට වැදගත්. ෆෝන් කම්පැණි ටික අල්ල ගන්නවා. මේ ගුරු ණයෙන් ගන්නා ෆෝන් එකකින් රු. 500/- ක කොමිස් එකක් තිබුණා කියමුකෝ. අඩුම තරමේ ෆෝන් 10,000 ක් ගියොත්, රු.50,00000 /- ක් අතේ. ෆෝන් ගණන තව වැඩි වුණොත්, වැඩේ ගොඩේ ගොඩ. ඒත්, අපි මෙහෙම කිව්වාට, එහෙම කරාද නොකරාද කියා දන්නේ ඒ අයම තමයි. ඒත්, දේශපාලකයන් කරන දේවල් ගැන යි අප කිව්වේ...

:       14       216

siri Monday, 21 June 2021 06:30 PM

ඊට කලින් ගස් ගල් උඩ නැඟගෙන සිග්නල් හොයන අහිංසක දරුවන් විඳින දුක ගැන සොයා බැලුවොත් නරකද? මොනවා හරි කරන්න කලින් ඒ වැඩේ ප්‍රායෝගිකද කියලා හොයා බලන්නේ නැතුව ඔහේ කරන්නන් වාලේ කරන වැඩ නිසා අමාරුවේ වැටිලා ඉන්නේ ජනතාවයි. මැතිඇමති වරුන්ට ඒවා අදාළ නැහැ. මොකද ඒ ගොල්ලෝ කොහොමත් පින්බත් රජාලානේ... කිසිම සැලැස්මක් නැතුව වැඩ කරන්න ගිහින් දැන් මේ ආණ්ඩුව 69 ලක්ෂය ඇතුළුව මුළු රටටත් එපාවෙලයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයකවත් නැති එකයි.

:       2       145

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 June 2021 06:36 PM

ගුරුවරයෙකුට ස්මාට් ෆෝන් එකක් ගන්න කාගෙන්වත් ණය ඕනේ නැහැ. ඒ දෙය දුරකථන සමාගම් හරහා වාරික වශයෙන් ගෙවා ගන්නට පුළුවන්. හැකි ඉක්මණින් දුප්පත් දරුවන්ට ටැබ් ලබාදෙන්න. ඔබාතුමාලා පසුගිය රජයෙන් ටැබ් දෙන එකත් නැවත්වුවා.

:       0       119

ගාම්ණි වික්‍රමසිංහ Monday, 21 June 2021 07:29 PM

ස්මාර්ට් දුරකථන වලට පෙර අන්තර් ජාල පහසුකම් යාවත්කාලීන කරන්න. 4G, 3G සිග්නල් අපට නැත.

:       0       23

සංහිද Monday, 21 June 2021 07:46 PM

ඔය ඔක්කොටම කලින් පෙළ පොත් නැති පාසල් වලට පෙළ පොත් ටික දුන්නා නම් ඔවුන් පෙළ පොත හරි කියවලා ටිකක් ඉගෙන ගනියි.

:       0       53

ගමේ එකාලා Monday, 21 June 2021 07:47 PM

ගුරුවරුන්ට අමුතුවෙන් ණය දෙන්න ඕනේ නැහැ.. ටියුෂන් පප්පලා අපේ රටේ ඉන්නේ...

:       86       66

සංහිදMonday, 21 June 2021 11:12 PM

හැම ගුරුවරයාම ටියුෂන් පප්පලා නෙමෙයි. ටියුෂන් නොකරන ගුරුවරුන් ඕනතරම් ඉන්නවා. සාමාන්‍යයෙන් 3 ශේණියේ (අ) උපාධි ගුරුවරුන්ගේ වැටුප රුපියල් 42500කි. වැන්දඹු, අනත්දරු, අග්‍රහාර, මුද්දර ගාස්තු, ආදිය අඩුකළාම රුපියල් 38000ක්, 39000ක් හම්බ වෙනවා. ඕකෙනුත් ගොඩක් අය මැරෙන්න කළින් ගෙයක් හදාගන්න ඕනෑ නිසා ලෝන් ගහලා තියෙන්නේ. ඒකටත් 20000 ක් විතර ගියාම ඉතුරු කොච්චරද?. අනික මා දන්නා තරමින් tv ඇඩ් දමා මහා පරිමාණයෙන් ටියුෂන් කරන අය පාසල් වල උගන්වන්නේ නැත. මා ගුරුවරයෙක් නොවේ.

:       0       0

sanjeewa Monday, 21 June 2021 08:48 PM

ගුරුවරයා සදාකාලික ණයකාරයෙකි... !!! 

:       40       15

Kumara Monday, 21 June 2021 10:43 PM

දැන්ද මතක් වුණේ? හොඳ ගාණක් කොමිස් අතේ...

:       0       0

janahitha Tuesday, 22 June 2021 03:38 PM

යහපාලනේ කාලේ රනිල් මහත්තයා පාසැල් ළමයින්ට නොමිලේ ටැබ් දෙන්න හදනකොට ඔහෙලා ඒක කෝචොක් කරලා පොල්ල දාපු හැටි දැන් අමතකද?

:       0       0

Chris Wednesday, 23 June 2021 12:30 PM

කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටුණු සාම්ප්‍රදායික අධ්‍යාපනයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූයේ ඔන් ලයින් හෙවත් දුරස්ථ අධ්‍යාපනය වේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙම විකල්පය ගළපාගත හැකිද යන ප්‍රශ්නය මගහැර යා නොහැක. දුරස්ථ අධ්‍යාපනයට ස්මාට් ජංගම දුරකථනයක් අවැසිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 497 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 53 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 247 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1210 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 347 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 804 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site