IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


'සමහර මන්ත්‍රීවරුන් සභාවට එන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කාලකන්නි කුඩුකාරයන් පිරිසක් ගංජා කාරයන් පිරිසක් අරක්කු බී  මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම නිසා අද සමහර මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ  අනුන්ගේ ඇඳුම් ඇඳගෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.

මේවාට උල්පන්දම් දුන්  දේශපාලන පක්ෂවල අයත්  අද මෙතැන සිටින බව   හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී  ආර්. රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු  කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයේ ආයතන දෙකක් ද සමග තමාගේ නිවෙස ගිනි තැබූ  කාලකන්නින්ට අධිකරණයෙන් ඇප දෙද්දී  තම පක්ෂයේ මිනිසුන් ඇතුළත දැමූ බවද  ඔහු කීවේය.

තමාගේ ගෙදරට 1977 දීත්  ගිනි තබා විනාශ කළ බවත් ඒ අවස්ථාවේදී පවුලේ සියලු දෙනා ජීවත් වුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ එකම කාමරයක බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මාදිවෙල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමට තීරණය කළේ අද ඊයේ නොවන බව පැවසූ අමාත්‍යවරයා  මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට මේ නිවාස හිමිවන බවද සඳහන් කළේය

මෙම  කාරණය ගැන කවුරුත්  මේ අවස්ථාවේදී සංවේදීව  බැලිය යුතු බවත්  සමහරුන් ශුද්ධ වන්තයන් ලෙස මෙතන කතා කරන බවත් ඔහු පැවසුවේය.

නිවාස අහිමි වූ මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න ගැන සොයා බැලීම තමාගේ යුතුකමක් බවද රණතුංග මහතා කීවේය.



අදහස් (10)

'සමහර මන්ත්‍රීවරුන් සභාවට එන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන'

ChangethesystemSL Thursday, 09 June 2022 04:29 PM

මැයි 9 ශ්‍රී ලංකාවේ නව නිදහස් දිනය ලෙස නම් කරන මෙන් මා ඉල්ලා සිටිමි

:       0       0

චන්දන Thursday, 09 June 2022 04:58 PM

ස්කෝල වල ලමයින්ද එහෙම එනව කියල මේ උත්තමයො දන්නවා ද දන්නෙ නැහැ

:       0       0

Lalith M Thursday, 09 June 2022 05:42 PM

මේ කප්පම්කරුවාට මේ වගේ කථා කරන්න මොන අයිතියද තිබෙන්නේ. ඇමතිකමෙන් නොවේ පාර්ලිමේන්තුවෙන්ම පන්නල දාන්න ඕන.

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 09 June 2022 06:09 PM

ඕක මොකක්ද ප්‍රසන්න කප්පංකාරයෝ අධිකරණයෙන් දඬුවම් නොලබා නිදහසේ එලියට එන්නේ.

:       0       0

Neela Thursday, 09 June 2022 06:28 PM

ඔය කුඩුකාරයින්, ගංජා කාරයින්, අපරාධකාරයින් මෙරටට බිහි තලේ රාජපක්ෂ මූලික වූ හැත්ත බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. දැන් ෂැප ද?

:       0       0

Peduru Friday, 10 June 2022 05:14 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන බලතල හා වරප්‍රසාද මෙන්ම පඩිය , අවු.5 විශ්‍රාම වැටුප් කපා හැර අධිකරණය ස්වාධීන කරන විවස්ථාවක් නැවත ගෙන ආ යුතුය. මෙම රටෙහි 1972 ට පෙර එවැනි විවස්ථාවක් තිබුනා. රට පාලනය කලේ ඇමතිවරු නොවේ ස්වාධීන කොමිෂන් සභාය. එනිසා දේශපාලකයන්ට බලතල නොතිබූ නිසා ඔවූන් දූෂිත නොවීය. 1972 මෙම රට ජනරජයක් වීම තුල සම්පාදනය කල විවස්ථාව නිසා එතැන් පටන් රට අරාජික විය. දැන් නම් මුන්ට අමුඩ තමයි දෙන්න ඕනෑ.

:       0       0

Hemantha Kumara Friday, 10 June 2022 05:54 AM

ඔබතුමාලා රටට කරපු දෙවල් නිසා තමයි අද අනුන්ගේ ඇඳුම් අඳින්න වුනේ ඒක මතක තියා ගන්න ඇමතිතුමෝ.

:       0       0

beau Friday, 10 June 2022 07:41 AM

හොඳ වැඩේ . කන්නෙත් අපේ මහජන මුදල් වලින්, නරිය

:       0       1

Vira Friday, 10 June 2022 07:41 AM

අනේ පවු මගෙත් පරණ ඇදුම් ටිකක් තියනව දෙන්න ඔනෙ

:       0       2

Palitha Vithana Friday, 10 June 2022 09:20 AM

ඇනෙ පව්. කාටද මෙ බොරු කියන්නෙ. ඔයාල අත යටින් ගහපු සල්ලී ඇතිනෙ වෙන එකවුන්ට් වල. ඒව ඇදඩල ඇදුම් ගන්න ගෙවල් හඩගන්න. සමහරුන්ට නැවුත් තියන බව හැම කෙ‌‌‌නෙක්ම දන්නව. ඵිටරට ඉන්න ලමයට කියල සල්ලී හොයා ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 336 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 258 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 320 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1036 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2738 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 364 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site