IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


සම්පන්දන්ගේ බංගලාව 17 රජයට

(සුජිත් හේවාජුලිගේ )

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන්  මහතා  ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ   විපක්ෂ නායක රජයේ  බංගලාව ලබන මස 17 වැනිදා රජයට  බාරදෙන බව සම්පන්දන්  මහතාගේ දියණිය අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ  කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇත.

සම්පන්දන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමිවිය.

2018 වර්ෂයේදී විපක්ෂ නායක ධුරය අහිමිවීමෙන් පසුවද සම්පන්දන් මහතාට මෙම නිල නිවසේ දිගටම ජීවත්වීමට අවස්ථාව ලැබිණ. ඒ යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙනි.

සම්පන්දන්  මහතා මියගිය පසුගිය ජුලි මස 1  වැනිදාය. මියගොස් මාස තුනකට කාලයක් ගතවී ඇතත් තවමත් එම නිල නිවස පවතින්නේ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් බාරයේය.

මේ අතර මෙම නිල නිවස සම්පන්දන් මහතාට දිගටම පාවිච්චි කිරීමට අවසර ලැබුණු කැබිනට් පත්‍රිකාව වෙනස් කිරීමටද රජය කටයුතු කරමින් සිටී

මෙම නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල් පත්  දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්  නිවසේ නඩත්තු කටයුතු කරන සේවකයන්ට වැටුප් ලබා දෙන්නේද රජයෙන් බවත් දැනගන්නට ඇත.

 



අදහස් (0)

සම්පන්දන්ගේ බංගලාව 17 රජයට

ඔබේ අදහස් එවන්න

දියත

විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි
2024 ඔක්තෝබර් මස 25 39 0

මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ


දුම්රිය සේවකයන් දිරිමත් කරන්න අලුත් වැඩක්
2024 ඔක්තෝබර් මස 25 446 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්


වැසිකිලි පිරිසිදු කළ දරුවන් 22ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 25 874 1

බලන්ගොඩ නගරයේ පාසලක දරුවන් පිරිසක් අද (25) දා පාසලේ ඇති වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ සංකුලතාවයන් සහ ක්ලාන්තය තත්ත්වයන් හේතුවෙන් දරුවන් 22 කු


පොලිසියට බයේ දුවපු අයෙක් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 25 437 0

තිස්සමහාරාම කච්චේරියගම ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් නිදන් හාරමින් සිටින බවට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (24) දා එම ස්ථානය වැටලූ


මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 25 397 0

මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යො


පොල් හිඟය යට ගේම් එකක්
2024 ඔක්තෝබර් මස 25 1331 6

රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් කර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 568 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site