(අංජුල මහික වීරරත්න)
මාලි රාජ්‍යයට ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් එම රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමට ගෙන ඇති තීන්දුවත් සමඟ සාම සාධක හමුදා සේවයෙ ඇතිවන හිඩැස පිරවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට රජය තීන්දු කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට පත් කොට තිබේ.
එහි පළමු පියවර ලෙස සාගල රත්නායක මහතා එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සමඟ සාකච්ඡා කොට ඇත. එහිදී සාගල රත්නායක මහතා දැනුම් දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සිදුවන තැන් තවත් තිබේදැයි සොයා බලන ලෙසයි.
මන්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් යෙදවීමෙන් මෙරටට විදේශ විනිමය සේම අදාළ නිලධාරීන් වෙත ද සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට අවස්ථාව උදා වෙයි.
සාම සාධක හමුදා තම රටට තව දුරටත් අවශ්‍ය නැති බව මාලි රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇති අතර ඒ අනුව මාලි රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික හමුදා ඇතුළු වෙනත් රාජ්‍යයන් වලට අයත් හමුදා ද ඉවත් කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සාම සාධක සේවයට අපේ අය යවන්න සාකච්ඡා