IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


සියක් ආයුගත් නා හිමි ජුම්මා පල්ලියේ බැතිමතුන්ගේ කරමතින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී අද සවස සිදු කරනු ලැබූහ.

අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන්ගේ  කරමත තබාගෙන අවමංගල්‍යය පෙරහරේ ගමන් කිරීම ද විශේෂ සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බව එම දායක සභාවේ සමන් තිලක් නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

ප්‍රදේශයේ වූ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් අපවත් වී වදාළ සංඝානන්ද හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූහ.



අදහස් (21)

සියක් ආයුගත් නා හිමි ජුම්මා පල්ලියේ බැතිමතුන්ගේ කරමතින්

රුචිර Monday, 28 August 2023 11:06 PM

මෙන්න නියම ස්වාමීන් වහන්සේලා. ගෞරවය කියන එක බලෙන් ලබාගන්න බෑ. සමාජයට, සාසනයට,රටට නිහඬව සේවයක් කර ඇති බවයි පෙන්නේ.... ගෞරවනීය ස්වාමින්වහන්සේට නිවන්සුව පතමු.

:       7       75

කිරිපුතා Monday, 28 August 2023 11:40 PM

තොප්පියවත් ගලවන්නෙ නැතිව කරන ලද්දා වූ වේදිකා රංගනයට වසරේ හොඳම ත්‍යාගය හිමිවූවද කම් නැතැයි කියා ස්වප්නයකින් ඇව්ත් යමෙක් මට පැවසූ හෙයින් මම වික්ෂිප්ත ව අවදි වූවෙමි.

:       58       21

Bamunuarachchi Tuesday, 29 August 2023 01:34 AM

උඹලා ඔච්චර බෞද්ධආගමට ලැදි නම් මුස්ලිම් ආගම අත්හැර බෞද්ධආගම වැළඳ ගනින්කෝ ලෝකේ රවට්ටන්න නැතුව. මේ කරන්නේ ඇත්තක්‌ නම් පළමුව ගලවාපිය තොප්පිය. බෞද්ධ සිද්දහ්සහ්තානය කට ඇතුල් වෙනකොට පාවහන් හිස් වැසුම් ගලවනවා වගේ.

:       58       21

Perakum Tuesday, 29 August 2023 04:15 AM

දේශපාලුවන් මිස පොදු ජනතාව අන්තවාදීන් නොවන බවට හොද උදාහරණයක්…!

:       1       45

ප්‍රියනන්දන Tuesday, 29 August 2023 04:55 AM

සහජීවනය හරියටම දැක ගන්න පුළුවන් වෙන්නේ බෞද්ධ සෙට් එක මුස්ලිම් පූජකයකුගේ දේහයටත් කරගහපු දවසකට විතරයි.

:       3       30

MDS Kumarasinghe Tuesday, 29 August 2023 08:59 AM

අන්තවාදී නොවුණු මුස්ලිම් ප්‍රජාව කවදත් සිංහලයන් සමඟ සාමයෙන් කටයුතු කලා.

:       3       56

Mohamed Ramis Mohamed Rilwan Tuesday, 29 August 2023 09:06 AM

ඉතා හොඳ කාර්යයක් සිදු කර ඇත මාසා අල්ලාහ්

:       3       35

Bamunuarachchi Tuesday, 29 August 2023 03:30 PM

මාෂා අල්ලාහ් කියන කොරානයේම නේද කියන්නේ අල්ලා විශ්වාස නොකරන මිනිස්සු kafir ලා ඔවුන්ව jihad කරන්න ඕනේ කියලා. ඒ නිසා නේද පල්ලි වලට බෝම්බ ගැහුවේ.1918 ඉන්දියාවේ මුම්බායි හෝටලේ massacre එක කලේ.. උඹලා කාවද මේ රවට්ටන්නේ. මම උඹලා ගැන හොඳට දන්නවා.

:       22       13

සුසන්ත Wednesday, 30 August 2023 05:29 PM

ඔබේ තියෙන ජාතිවාදී අදහස් ලියන්න සුපිරි තැනක් මේක නම් ඔහොම යං. අපි දන්නවා ඔය බමුණා ඉන්නේ ප්‍රංශ රටේ බව.

:       2       2

Ranjith Gunasinghe Tuesday, 29 August 2023 09:29 AM

ඉතා හොඳයි

:       2       22

Bamunuarachchi Tuesday, 29 August 2023 09:35 AM

ඊළඟට මොවුන් රටේ මුස්ලිම් ආගම පතුරවන්නේ ඔබලාගේ කරපිටින් ඇවිත්. ඕකුන්ට රැවටෙන්න එපා හාමුදුරුවරුනේ. ඕකුන් ලෝකයෝ.

:       40       14

Bamunuarachchi Tuesday, 29 August 2023 09:41 AM

බුද්ධ පුත්‍රයෙකුගේ දේහය හම්බයින් පිටින් ගෙනයන දුන්න බුරුවන් කව්ද? අන්‍ය ආගමික යෙකුට මක්කම නගරය කිට්ටුවෙන්වත් යන්න නොදෙන මුස්ලිම් කාරයෝ හාමුදුරු කෙනෙකුගේ දේහය උසුලාගෙන යාම විහිළුවක්. මේ කරන්නේ මෝඩ චීවර ධාරීන් රැවටීමක්.

:       45       15

fairoosTuesday, 29 August 2023 01:09 PM

සොබාදහමින් පඩිසම් ලැබුනේ නැද්ද තාම ?ළඟදීම ලැබෙයි ?

:       5       8

Bamunuarachchi Tuesday, 29 August 2023 03:21 PM

ඇයි සොබාදහමක් ගැන කථා කොරන්නේ කෝ අල්ලා? මෙහෙ හම්බ්සෙට් එක දැන් සුද්දවන්තයෝ වෙලා එහෙ සුන්නි සෙට් එක ෂියා සෙට් එක මරනවා. පාස්කු කොමිෂන් වාර්තාව අපි අහගෙන හිටිය.

:       15       11

Nalin Tuesday, 29 August 2023 10:09 AM

හාමුදුරුවෝ සිංහලයන්ට විරුද්ධව වැඩකරලා ගමේ හැමතැනම පල්ලි හදන්න උදව් කරන්න ඇති

:       36       11

M L M Nazeer Tuesday, 29 August 2023 10:36 AM

මනුෂ්‍යත්වය

:       1       30

Wilson Tuesday, 29 August 2023 10:38 AM

මෙවැනි යතිවරයානන් වහන්සේලා තව තවත් බිහිවේවා සැම ආගමකින්ම

:       1       32

Bunny Preena Tuesday, 29 August 2023 12:00 PM

ඉපදීම සහ මරණය අපව එක් කරයි ,වෙන් කරයි .බොහොම ගැඹුරින් හිතන්න මග පාදයි

:       1       24

Perakum Tuesday, 29 August 2023 03:22 PM

මෙහි දැක්වෙන අදහස් බැලුවම පොදු ජනතාව අතරත් අන්තවාදීන් ඉන්න බව පේනවා.

:       4       19

Amitha Kumarapeli Tuesday, 29 August 2023 06:07 PM

මේ රට කවදා හරි දියුණු වෙන්නේ ජාති,ආගම් බේදයෙන් තොරව ලාංකිකයන් විදියට හිතන්න පුරුදු වුන දවසටයි.මෙවැනි කටයුතු ඒ ගමනේ වැදගත් මං සළකුණු. දායක වූ සැමට ගෞරවණීය ස්තූතිය පිරිනමමි.

:       0       5

sumith Wednesday, 30 August 2023 07:42 AM

මාවනැල්ල බුදු පිළිම කපු කාලකන්නියා ගැන අමතක නැහැ .මේවා ශෝ විතරයි .ඒ ගැන කතාකරපු එකම මුස්ලිම් තරුණයා අද අසරණයි

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1068 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1970 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 273 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 881 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8880 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3193 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1373 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site