(සුජිත් හේවාජුලිගේ )
සයිනොපාම් එන්නත ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේම ශරීරයන්හි හොඳින් ප්‍රතිශක්තිය ගොඩ නැංවෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත .
එසේම ඩෙල්ටා සහ බීටා වයිරස ප්‍රභේද සඳහාත් සයිනොපාම් එන්නතෙන් ඉහළ රැකවරණයක් සැලසෙන බවද එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ , ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .
සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබුවේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි .
සයිනොපාම් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 282ක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදු කර ඇත .
මේ අනුව සයිනොපාම් එන්නත් මාත්‍රා දෙකම ගත් වයස 20ත්39ත් අතර පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය සියයට 98.9දක්වාද වයස 60වැඩි පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය සියයට 93.3ක් දක්වාද වර්ධනය වන බව මෙම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ආචාර්ය ජීවන්දර මහතා වැඩිදුරටත් කීවේය .
මේ අතර ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේද සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් අරඹනු ලැබ ඇත .
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘සයිනොපාම්‘ ගැන ජපුරෙන් සුබ ආරංචියක්
මහසෙන් Tuesday, 20 July 2021 11:11 AM
ඇත්තම තත්වය මෙය නම් සන්තෝසයි. රජයක් ලෙස ගත් නිවැරැදි තීරණයක් නිසා මෙතක් කලකට...
kamal Tuesday, 20 July 2021 11:55 AM
ලෝකෙ අනිත් විද්වතුන්ගේ සොයාගැනීම අනුව සයිනොෆෝර්ම් 50%-70%ක රැකවරණයක් සැලසෙන බව කියන්නේ... මේ ඉතුරු ටික කඩේට යන ගමන් දීපු ලකුණුද?
පෙරේරා Tuesday, 20 July 2021 12:22 PM
පුද්ගලයන් 282ක්? යථාර්ථවාදී වන්න, සර්!
යාපා Tuesday, 20 July 2021 12:40 PM
ජවිපෙ හා සමගි ජන බලවේගය වැනි කාලකණ්ණි එදා රට නොමග යැව්වේ කොහොමද මේක හොඳ බෙහෙතක් නෙවෙයි කියලා. මනුස්සයින් මරලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරලා බලය ලබාගන්න එක විතරයි එකම අරමුණ වුනේ. ඒත් රජය ඒ හැමදෙයක්ම පාලනය කරලා මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවා. අද එය ඔප්පුවෙලා. කාලකන්නි දේශපාලකයින්ට හෙනම ගහන්න ඕනෑ සමාජය නොමග යවලා එන්නත් කරණය කඩාකප්පල් කරන්න හැදුවාට...
Kumara Tuesday, 20 July 2021 01:23 PM
තණකොළ කන පුරුදු තව අඩුවෙලා නෑ. තව කාපල්ලා... උඩ පැන පැන කයි..
nirmala Tuesday, 20 July 2021 01:44 PM
අැයි මේ අබුද්ධික මිනිස්සු ලොකු පුටුවලට යවන්නේ? ලෝකයම පිළිගන්න මිනුම් අනුව මේ එන්නතේ කාර්යක්ෂමතාව 79. මේ වීරයාට අනුව එය 95. "හොඳින් ප්‍රතිශක්තිය ගොඩ නැංවෙන බව" යන්නෙහි "හොඳින්"යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න මේ බුද්ධිමතා විසින් මෝඩ අපට පැහැදිලි කල යුතුය.