IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සයුර රකින රැල්ල ඇරැඹෙයි

(නිපුන් ගරුක)

“සයුර රකින රැල්ල” ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතය සහ “සමුද්‍රීය පරිසර ආරක්ෂණ අභ්‍යාස ආයතනය” (MEPA Academy) විෂය භාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

වෙරළ පවිත්‍ර කිරීමේ ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතයක් ලෙස “සයුර රකින රැල්ල” ආරම්භ වන අතර තරුණ තරුණියන්ට සමුද්‍රීය රැකියා අවස්ථා සඳහා දැනුම ලබා දීමේ අරමුණ ඇතිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අභ්‍යාස ආයතනය (MEPA Academy) ආරම්භ කර ඇත.

“එම්.ඊ.පී.ඒ ඇකඩමිය”ට අදාළ අවබෝධතා ගිවිසුම සාගර විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ හුවමාරු කර ගැනීම සහ ඇකඩමියට අදාළ නිල ලාංඡනය එළිදැක්වීම ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණු අතර අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් නිර්මාණය කළ රුපියල් විසි පහක් වටිනා විශේෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය අග්‍රාමාත්‍යතුමාට මෙහි දී පිළිගැන්විණි.

ශ්‍රී ලංකාවේ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජවෙල් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත (සංවර්ධන වැඩසටහන්) රොබට් ජුගාම් මහතා මෙහි දී මෙරට සමුද්‍රීය කලාප රැක ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිත්‍යාග කළ සමුද්‍රීය ආරක්ෂණ උපකරණ කට්ටල සහ සයුර රකින රැල්ල ගීත නිර්මාණය අඩංගු ගීත තැටිය ගායක භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් මහත්වරු විසින් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබූහ.

සැප්තැම්බර් මස 18 යෙදී තිබුණු අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වෙරළ සංරක්ෂණ සහ පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර, තැපැල්පති රංජිත් ආරියරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (3)

සයුර රකින රැල්ල ඇරැඹෙයි

ගමේ එකාලා Monday, 11 October 2021 07:39 PM

නිල් බලකාය, තාරුණ්‍යයට හෙටක් කියලා පටන් ගත්තු ඒවාට මොනවා වුණාද දෙයියෝ තමයි දන්නේ..!!! පවුල් වල අයගේ නම්වලට තියෙන ගිණුම් ගැන නම් කියලා වැඩක් නැහැ...

:       1       8

Nihal Tuesday, 12 October 2021 10:17 AM

ඉස්සෙල්ලම නැව් ගිලවන්න උපන් හපන් ඇමතිට සයුරේ අගය කියලා දෙන්න.

:       0       3

සලීම් Tuesday, 12 October 2021 11:49 AM

"සයුර රකින රැල්ල ඇරැඹෙයි" මේ මොන බොරුද? අර මුහුදු සිමාවෙන් එපිට ගිනිගත්ත නැවක් අපේ මුහුදු සීමාවට ගෙන්නාගෙන නිරපරාදේ විස රසායනික සහිත කන්ටෙනේර් 2800 ක් එක්කම අපේ මුහුදේ ගිල්ලලා... පරිසරවේදීන් කියන විදියට අපේ මුහුදු සම්පත අවුරුදු 20 කට විතර විනාශ කරලා දැම්ම.මේවට වගකියන්න වාරයේ ඇමති වත් කිසිම බලධාරියෙක් වත් අද හොයාගන්නවත් නැහැ.අපේ රටේ ඉතිහාසේ කිසිම රජයක් මේ වගේ ගොන් තකතීරු වැඩ නම් කරලා නැහැ.අද රටම මුහුණපා තියෙන මේ තත්වය හරිම සෝචනීයයි .

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 935 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 751 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 765 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5858 32

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2138 10

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 817 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 611 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site