IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද (29) නියෝග කළාය.

අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම කොමිසමට නියම කළාය.

අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළාය.

අනර්ථකාරී වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය .

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව, විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන රජිව් රවිනාත් යන අය ඊයේ (29) දින බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔහු මෙම නඩුවේ 31 වන සැකකරු ලෙස නම් කෙරිණි.

බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මුලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සම්පත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය .

මෙම ප්‍රශ්නාර්ථ වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය

මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

සෑම ඉරු දිනකම උදැසන 09- 12 අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

 



අදහස් (7)

සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

GAMUNU Thursday, 29 July 2021 09:29 PM

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත් වනවා සේම පුද්ගලික හෝ රජයේ TV ආයතන මගින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් වයස 15ට අඩු දරුවන් යොදාගෙන විකාශනය කරන්නාවූ සංගීත වැඩසටහන් නැවැත්වීමටද කටයුතු කළයුතුවේ. දරුවන්ගේ අධ්‍යාපනය පසෙකලා ජනප්‍රිය රැල්ල පසුපස දුවන්නා වූ දෙමපියන් හටද මේ පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතුව ඇත...

:       14       1210

කමල්Thursday, 29 July 2021 11:14 PM

බොහෝම අගෙයි ගැමුණු ඔබේ අදහස්. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉන්න සමාජයට යහපත මොකක්ද, අයහපත මොකක්ද කියලා තේරුම් ගන්න බැරි පිරිස දැන්වත් ඇස් ඇර කටයුතු කරනවා නම් හොඳයි.

:       0       26

gamunuFriday, 30 July 2021 07:22 AM

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ තිබෙන අකර්මන්‍ය වූ , දේශපාලනීකරණය වූ සියලු ආයතන ඉන් මුදවා ,වගකිවයුතු සහ වගවියයුතු ආයතන බවට පත් කිරිමට රටට වගකියන්නාවූ අලුත් කණඩායමක් පාර්ලිමේන්තුවට ඉදිරි මැතිවරණයේදී පත් කරමු

:       0       56

RaveendraFriday, 30 July 2021 09:10 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.එලෙසම මෙම තහනම් කිරීම නම් ජෙප්පන්ට මෙන්ම ඩොලර් වලින් සැපවත් ජිවිත ගත කරන "NGO ටකරන් මඩු හැත්තට" නම් කනට මීපැණි වක්කරන ලෙස දැනෙනු ඇත. මක්නිසාදයත් මෙන්න සමාජ මාධ්‍ය ය තහනම් කරනෝ,....මාධ්‍ය නිදහස අවහිර කරනෝ.... මාධ්‍යට අත නොතබනු ,වැනි ගොන් බුරු පෝස්ටර් එල්ලගෙන මිනිසුන්ට වදයක් වන ලෙස ඉදිරියේදී උද්ඝෝෂණ දැකිය හැකි වෙනු ඇත.

:       256       379

NuwanFriday, 30 July 2021 11:37 AM

200%ක් සහතික ඇත්ත... දෙකම එකයි.. එකකින් සල්ලි අරන් ළමයි විකුණනවා. අනිකෙන් වැඩිහිටියන්ගේ සහ ළමයින්ගේ මනස විකිණෙන තැනට හරි ගස්සනවා.

:       0       12

Ruhunu Thursday, 29 July 2021 11:09 PM

ඉතා හොද ක්‍රියාවක්.

:       0       6

සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 July 2021 08:31 AM

මෙය සිදුවිය යුතුව තිබුණේ මීට පෙරය. ප්‍රමාද වී හෝ ගත් පියවර අගනේය. කිසිඳු හැදියාවක්, සංස්කෘතියක් ගැන නොදත් පිරිසක් තම තමන්ගේ නොහැදියාව ප්‍රදර්ශනය කොට රට හා සමාජය වනසන දේ නතර කළ යුතුමයි. ඒ වුණත්, සමාජ මාධ්‍යවල නියැලී සිටින සත්‍ය පෙන්වා දෙන අය දඩයම් කිරීමට මේ බලතල යොදා නොගත යුතුයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 4 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 12 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 99 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 247 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 640 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 567 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site