(දයාරත්න ඇඹෝගම)
සියලුම රණවිරුවන්ට පදිංචියට, කෘෂිකාර්මික කටයුතු කරගන්නට,වාණිජ කටයුත්තක් කර ගන්නට ඉඩමක් ලබාදිමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.
අනුරාධපුර,මාතලේ හන්දිය,කුරැන්දන්කුලම ඒ මහතාගේ නිවසේ අද (22)දින පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව පැවසිය.
මෙම මාධ්‍ය හමුවේ තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසිය.
අපේ රටේ රණවිරුවෝ 27,000 වැඩි පිරිසක් ජිවිත පුජා කළා මේ භුමිය වෙනුවෙන්.ඊට සමාන ගාණක් අත්,පා,ඇස්.පුජා කළා රට වෙනුවෙන්.ඒ රණ විරැවන්ට තමයි මේ භුමියේ අයිතිය තියෙන්නේ.භුමිය අයිති රණවිරැවන්ට ඉඩමක් නොදි අපි වෙනත් වෙනත් අයට ඉඩම් ලබාදිම සාධාරණ වෙන්නේ නැහැ.
ඒ නිසා මම කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඒ සියළුම රණවිරැවන්ට පදිංචියට,කෘෂිකාර්මික කටයුතු කරගන්නට,වාණිජ කටයුත්තක් කර ගන්නට ඉඩමක් ලබාදෙන්නට.ඒ සදහා දෙන ඔප්පු,බලපත්‍රය බැංකු ණයක් ලබාගන්නට ශක්තිමත් අයිතිය තහවුරු කරන බලපත්‍රයක් බවට පත්කරන්නට කැබිනට් අනුමැතිය ලබාදුන්නා.ඒක රණවිරැවෝ වෙනුවෙන් කළ උපහාරයක් විදියටයි අපි දකින්නේ.
රටේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරිම රජයේ අපේක්ෂාවයි.ධිවර කටයුතු කර්මාන්ත සංවර්ධනය.ඒ වාගේම රැකි රක්ෂා උත්පාදනය ඇති කරන වැඩ සටහනක් තමයි පසුගියදා අගමැති තුමා ඉදිරිපත් කළ අය වැයෙන් පෙනෙන්නේ.
සමහර අය බලාපොරොත්තු වෙනවා සිනි මිල අඩුකරන්න හාල්මිල අඩු කරන්න ඒ වාගේම රජයෙන් ලැබෙන සහනාධාර මොනවද කියන එක බලාන ඉන්න පිරිසකුත් ඉන්නවා.ඒ සියළුම දෙනාට මේ සහනාධාර,රැකි රක්ෂා ලබාගන්න නම් මේ රට හැමදාම උගස් කරලා,ණය වෙලා කටයුතු කරන්න බැහැ.ඒ නිසා රටේ ස්වයං නිෂ්පාදනයක් අපේම ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගාගන්න සකස් කළ අයවැයක් විදියට තමයි අපි මේක දකින්නේ.
පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියත් එක්ක කොරෝනා වයිරසයත් එක්ක කඩාවැටිච්චි රට ඉදිරියට ගෙනියන්න රජයට විශාල අභියෝගයක් තිබෙනවා.2021 වන විට මේ අභියෝග වලට මුහුණ දිලා රට ඉදිරියට රැගෙන යන්නට මේ රජයට හැකියාව තිබෙනවා.
මුලු ලෝකය පුරාම කොරෝන විශාල වශයෙන් පැතිර යන අවස්ථාවක් දැන් තිබෙන්නේ.ඒහෙම කියලා ලෝකයේ කොහේවත් රටක් සම්පුර්ණයෙන් වහලා නැහැ.දැන් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ කොරෝනා සමග වාසය කියලා. රටක් සම්පුර්ණයෙන් වහලා දැම්මොත් බංකොළොත් වෙනවා.එහෙම වුනොත් ජනතාවට කන්න නැතිව මැරිලා යනවා.මේ හේතුන් නිසා පාසල් වහන්න බැහැ.දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් විමට ඉඩ හරින්න බැහැ.
පළාත් සභා පාලනය අද ජනතාවට හුරැ වෙලා තිබෙන්නේ.රටේ පළාත් නවයට බලය බෙදලා තිබෙනවා.වාරිමාර්ග,කෘෂිකර්ම,අධ්‍යාපන,සෙෘඛ්‍ය වැනි ප්‍රධාන විෂයයන් වලින් සියයට හැත්තෑපහක් පමණ සිදුවන්නේ පළාත් සභා වලින්.අද ඇත්තටම පළාත් සභාවල නිලධාරිවාදයක් ඇතිවෙලා තිබෙනවා.මහජන පැමිණිලි ලැබිලා තිබෙනවා.මේක අපේ රටේ සංවර්ධනයට බරපතල ප්‍රශ්නයක් බව පැහැදිවම අපි තේරැම් අරන් තිබෙනවා.ඒ නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා.
අපි විසිවැනි ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතර ජන්දයකින් සම්මත කර ගත්තා.අයවැය සම්මත කර ගත්තා තුනෙන් දෙකකින්.අපට පැහැදිලිවම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙනවා.ඒ නිසා අපට ඕනේ වේලාවක පළාත් සභා මැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා.ඒ සදහා අවශ්‍ය නිතිරිති පාර්ලිමේන්තුවේදි සම්මත කරගැනිමේ හැකියාවත් රජයට තිබෙන බවද ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි පැවසිය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ සියලුම රණවිරුවන්ට ඉඩම් ලබා දෙනවා’
MO77 Sunday, 22 November 2020 11:24 AM
රජයේ ඉඩම් ඔබේ පුද්ගලික දේපල ලෙස ප්‍රදානය කරන්න බැහැ.
Sanath Sunday, 22 November 2020 05:38 PM
ඉස්සර වෙලා තියෙන ඒවට ඔප්පුව දීලා හිටියා නම් හොඳයි නේද?
puppa Monday, 23 November 2020 01:35 AM
හැබැයි මම ඒ ඉඩම්වල ගස්, පස්, බොරලු, වැලි ටික අරගත්තායින් පස්සේ...
Rata Perata Monday, 23 November 2020 07:20 AM
මොන ඔලමොට්ටල කතාද මේ? මේ වගේ හාල්පාරුවන්ට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕනේ.
sharm warnMonday, 23 November 2020 09:48 AM
ජොලිම කතාව කියන්නේ... මේ අයට ඡන්දෙ දුන්න අය බේතටත් හොයාගන්න අමාරුයි දැන්.
sharm warn Monday, 23 November 2020 08:12 AM
ආ... මෙයා. රණවිරුවන්ගේ නම විකුණලා තව කලාවකට වැඩක් දෙන්න වගේ. දැන් පරිසර නීතියත් නමලානේ තියෙන්නේ. මොනවා මොනවා කරගන්න බැරිද? කට්ටියට හරිම සතුටු හිතෙයි. පව් දෙයියනේ.
de silva Monday, 23 November 2020 09:00 AM
රණවිරුවන්ට දෙනවා කියලා මෙයා කැලේ කපලා, ගස්ටික විකුණලා සල්ලි සාක්කුවේ දමාගෙන, ඉඩම් ටික බෙදලා දීලා, සම්බන්ධීකරණ ලේකම්ලා මාර්ගයෙන් කීයක් හරි ඒකෙනුත් කීයක් හරි ගසාවි.
isuru Wednesday, 25 November 2020 09:48 AM
ගෙදරින් ගෙනැල්ලා වෙන්න ඇති.. කිඹුල් කඳුළු වෙන්න ඇති. මේවා විහිළු කතා.
BamunuarachchiThursday, 26 November 2020 01:48 PM
එතකොට රිෂාඩ් බදියුදීන් ඉඩම් බෙදුවේ ගෙදරින් ගෙනැල්ලද? මේ ගොල්ලන්ටත් මුලතිව් ප්‍රදේශවලින්ම ඉඩම් දෙන්න.. එතකොට එක ජන වර්ගයක් එකරාශී වීම නවතිනවා. මැටි කතා කියන්න එපා හලෝ...