IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්

(රෝෂන් තුෂාර)

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන්   මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (30) පැවසීය.

අන්තර්ජාලය හරහා සිදුවන වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමට හැකි බවත් එම සයිබර් අපරාධකරුවන්ගේ ජාලය පිළිබඳව විමර්ශන සිදු කරන හෙයින් අත්අඩංගුවට පත් සැකකරුවන්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසියේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙරට ප්‍රධාන පෙළේ  පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බවට සහ ඔන්ලයින්  ආදායම් මාර්ග හඳුන්වා  දෙන බවට  ෆේස්බුක් ටෙලිග්‍රැම් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර  රුපියල් මිලියන 3.6කට අධික මුදල් වංචා කළේ යැයි කියන යුක්‍රේන ජාතික තරුණයින් දෙදෙනෙක්  අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය එම කරුණු ඉදිරිපත් කළේය.

දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන දහවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට පත් හරුනොව් නිකිතා සහ සෙවෙට්ස් ලිබොමීර් නැමැති යුක්‍රේන ජාතික සැකකාර තරුණයින් අධිකරණයට ඉදිරිපත් කළේය.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් බරපතළ ගණයේ අපරාධයක් අන්තර්ජාලය හරහා සිදු කර ඇති බවය.

පසුගිය 22 දින ලංකාවට පැමිණි සැකකරුවන් පළ කළ දැන්වීම නරඹා එම දැන්වීම හරහා සිය පුද්ගලික තොරතුරු සැකකරුවන්ට මුදාහළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් මගින් මෙම වංචාවන් සිදුකර ඇති බවද රහස් පොලිසිය පැවසීය.

කඩවත ප්‍රදේශයේ කාන්තාවකගේ බැංකු ගිණුමකින් හා බේරුවල ප්‍රදේශයේ තරුණයෙකුගේ බැංකු ගිණුම් වලින් මෙසේ මුදල් වංචා කර ඇති සැකකරුවන් එම මුදල් බයිනෑන්ස් හා යු එස් ඩි ටී වොලට්වල තැන්පත් කර ඇති බවත් සඳහන් කළේය.

සැකකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතිය ගැන පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් අන්තර්ජාලය හරහා සිදුකර ඇති බවද  අදාළ ජාවාරම උණවටුන ප්‍රදේශයේ සිට සිදු කර ඇති බවට මෙතෙක් විමර්ශනවලින් අනාවරණය වන බවද සඳහන් කළේය.

සැකකාර තරුණයින් දෙදෙනා මෙම අන්තර්ජාල ජාවාරමට කිසිසේත් සම්බන්ධ නොමැති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිගාර ගුණරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් පැවසීය.

රහස් පොලිසිය ඉදිරිපත් කරන ටෙලිග්‍රෑම් නමැති අන්තර්ජාල සමූහයේ "අයිටැම්" නමින් පෙනී සිටින පුද්ගලයා උණවටුනට පැමිණි මෙම තරුණයින් දෙදෙනාට  කතාකොට ඔහු සන්තකයේ ඇති ශ්‍රී ලංකා රුපියල් මුදල්  යු එස් ඩි ටි හා බයිනෑන්ස් මුදල් (අත්‍යන්ත මුදල්) බවට පරිවර්තනය කර දෙන ලෙසත් එසේ පරිවර්තනය කර දෙන්නේ නම් සියයට විස්සක කොටසක් සැකරුවන්ට ලබා දෙන බවට පැවසූ හෙයින් ,සැකකරුවන් විසින් ගාල්ලට ගොස් එසේ සිදුකර තමන්ගේ සියයට විස්සක කොටස ලබාගෙන ඇති බව සඳහන් කළේය.

අවුරුදු 18 හා 19 වයසේ පසුවන තරුණයන් මෙරටට පැමිණි සංචාරකයින් බවත්,ඔවුන් වංචා කළේ යැයි කියන සියලු මුදල් ලබාදී හෝ සිය රටට යෑමට කැමති හෙයින් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ බව රහස් පොලිසිය  සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් දෙදෙනා ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (0)

සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 544 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 955 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 808 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1579 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 233 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site