(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඊයේ (09 ) රාත්‍රී 08.20 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා මෙම කණ්ඩායමේ පළමු බංගලදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ සර්බිබියානු වීසා බලපත්‍රය පිළිබඳ සැක සිතූ එම නිලධාරීන් , මෙම ගුවන් මගියා , ඔහු විසින් ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී එම සර්බියානු වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වීමත් සමගම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , ඔහුට මෙම ගුවන් ගමන සදහා උදව් උපකාර කළ බංගලදේශ ජාතිකයෙකු , කටුනායක ගුවන් තොටුපොළ අමුත්තන්ගේ ශාලාවේ රැදී සිටින බවට කරුණු අනාවරණය වී තිබේ .
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී , මේ ආකාරයට සර්බියාව බලා ගුවන් ගත වීම සදහා බලාපොරොත්තුවෙන් තවත් බංගලදේශ ජාතිකයන් 06 දෙනෙකු මීගමුව ලැගුම් හළක රැදී සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබේ .
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , මෙම බංගලදේශ ජාතිකයන් රැදී සිටි මීගමුව ලැගුම් හළ වටලා එම පිරිස ද අත් අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි