(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද්ධ මිත්තනිය සහ මුත්තණුවන් ඝාතනයේ සැකකාර මුනුපුරා ද්විත්ව ඝාතනයෙන් අනතුරුව පලාගොස් උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුයේ ඇල්ල බල්ලකෙටුව නාවලගම පාරේ පදිංචි 22 හැවිරිදිඅවිවාහක තරුණයකු යැයි පොලිසිය කීය .
බල්ලකෙටුව නාවලගම පාරේ නිවසක 4දින රාත්‍රි සිදු වූ මෙම ද්විත්ව ඝාතනයෙන් අනතුරුව සැකකරු එදිනම රාත්‍රි ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර , පසුව බල්ලකෙටුව ,ඇල්ල , බණ්ඩාරවෙල පොලිසිවල විශේෂ පොලිස් කංඩායම් ,පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කංඩායම් කීපයක් එක්වී සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් දියත්කල බවද උසස් පොලිස් නිළධාරියකු පැවසීය .
එහිදී සැකකරු උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව එම නිළධාරියා සඳහන් කළේය.
මෙම සැකකරුගේ පියා නොමැති අතර මව වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි බවද පොලිසිය කියයි .
මොහු බල්ලකෙටුව නාවලගම පාරේ පදිංචි සිය මිත්තනියගේ සහ මුත්තණුවන් ගේ රැකවරණය යටතේ එම නිවසේ වසර ගණනක් පදිංචිව සිටි ඇති අතර , කලක් යුදහමුදාවේ සේවය කර පසුව ඉන් පලාවිත් ඇතැයි පොලිසිය සදහන් කළේය .
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සීයා-ආච්චී ඝාතනයේ මුණුපුරා අල්ලයි
Root Cause Friday, 07 April 2023 11:09 AM
මේවට අල්ලන්න ඕනේ , මේ දරුවන් රවට්ටලා කුඩු අයිස් පොවන කුඩු මුදලාලිලා සහ උන්ට ඇප දෙන කාලකන්නි ටික . කුඩු අයිස් වලට දරුවන්න ඇබ්බැහි වෙන ඖෂධ වන දුම් වැටි,බීඩි තහනම් කලයුතුයි. ඇබ්බැහි වුනු කෙනාගේ මනස ඉල්ලන වෙලාවට ඒ දේ ලැබෙන්න ඕනේ, ඔවුන්ගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ. ඔවුන් කරන දේවල් බොහොමයක් කරන්නේ විකුර්ති වූ මනසකින්. දඬුවම් දෙන්න ඕනේ එකා ට ඇප දීල, කුඩු අයිස් බිස්නස් ඕනේ විදියට කරගෙන යන්න දෙන එකේ ප්‍රතිපල මේවා
පිටිගල මිලානෝFriday, 07 April 2023 01:55 PM
දේශපාලුවෝ කුඩු මුදල් වලින් යැපෙනතාක්කල් ඔබ කියන දෙය සිදුවන්නේ නැත. මතකනේ මයිනා මීගමුවට පියාඹලා ගිහිල්ලා උම්මා දීලා කුඩුලේන්සුවාව බේරාගත්ත හැටි….