IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සීයා හීනෙන් කීයු මැණික් මල්ල ගන්න ගිය මුණූපුරා ඇතුළු 7ක් අල්ලයි

(එච්. චන්දන)

තම සීයා  හීනෙන් කියූ මැණික් මල්ලක් ගොඩ දැමීම සදහා නිවස තුළ කැණීම් කරමින් සිටි මුණුපුරෙකු ඇතුළු   පුද්ගලයින් 07 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

ආරච්චිකට්ටුව - බුරුතකැලේ ප්‍රදේශයේදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර බුරුතකැලේ පදිංචි පිය - පුතු දෙපලක්ද,දූනගහ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු,කොටුගොඩ සහ මාරවිල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ මීමුරේ පදිංචි මන්ත්‍රාචාර්යවරයෙකුද වන බව පොලීසිය කියයි.

පොලීසිය වැටලීම කරන විට නිවස තුළ අඩි 18 ක් පමණ කැණීම් සිදු කර තිබී ඇත.එම ස්ථානයේ තිබී කැණීම් සදහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

නිවසේ කාමරයක් තුළ මැණික් මල්ලක් තිබෙන බවට මිය ගොස් සිටින තම පියා පුතාට හීනෙන් පවසා ඇති බවත්,එම මැණික් මල්ල ලබා ගැනීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු කළ බව අත්අඩංගුවේ පසුවන නිවසේ හිමිකරු පොලීසිය හමුවේ පවසා ඇත.

 

 



අදහස් (8)

සීයා හීනෙන් කීයු මැණික් මල්ල ගන්න ගිය මුණූපුරා ඇතුළු 7ක් අල්ලයි

Indhika Wednesday, 07 February 2024 12:09 PM

දණ්ඩ නීති සංග්‍රහයේ මොන නීතියද මේකට බලපාන්නේ ?

:       0       26

Rata Perata Wednesday, 07 February 2024 12:48 PM

ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගත්ත උන්ට නම් කිසිම හෙනයක් නැහැ

:       0       37

Rohana Wednesday, 07 February 2024 01:27 PM

මට හිතෙනවා මේ වගේ දේවල් වල ලොකු වරදක් නෑ කියලා. මොකද මිථ්‍යා මත වැරැදි වෙන්න පුළුවන්. ඒත් එයාලාගේ ගෙදර... එයාලාගේ මහන්සිය... සල්ලි... ඔය මැණික් මල්ල හමුවුණොත් වැරැදිලා හරි රටටත් හොඳයි නේද? මොකද හිතන්නේ අපේ අනික් අය... මේ වගේ කේස් එකක නීතිය දන්න කෙනෙක් විස්තර කළා නම් හොඳයි. ස්තුතියි...!

:       0       22

Ilanganthilaka Wednesday, 07 February 2024 02:40 PM

රටේ පැරණි නටබුන් සහ රාජධානිවල තිබ්බ බොහෝමයක් නිධන්වලට වුණු දේවල් දන්නෝ දනිති. ඔය හාරපු තැන ඇත්තටම මැණික් මල්ලක් තිබුණත් ඒකෙන් ඒ මනුස්සයා ගොඩයයි. මේ ඉන්න විදිහට හිඟා කකා ඉන්නේ නැතුව...!

:       0       15

Ilanganthilaka Wednesday, 07 February 2024 02:42 PM

රටේ පැරණි නටබුන් සහ රාජධානිවල තිබ්බ බොහෝමයක් නිධන් වලට වුණු දේවල් දන්නෝ දනිති. ඔය හාරපු තැන ඇත්තටම මැණික් මල්ලක් තිබුණත් ඒකෙන් ඒ මනුස්සයා ගොඩයයි. මේ ඉන්න විදිහට හිඟා කකා ඉන්නේ නැතුව...!

:       0       5

සුරනිමල Wednesday, 07 February 2024 03:05 PM

තමන්ගේ ඉඩමේ තියෙන වස්තුවක් ඉඩම් හිමිකරුට නැත්නම්... මට තේරෙන්නේ නෑ මේ ඇයි කියලා. මන් අහලා තියෙනවා ඉස්ලාම් ආගමේ නම් යම් කෙනෙකුට බූදලයක් හෝ නිධානයක් තමන්ගේ ඉඩමෙන් හම්බ වුණා නම් 20%ක්‌ රජයට ගෙවන්න ඕනෑ කියලා...!

:       0       6

මොට්ටයෝ Thursday, 08 February 2024 08:19 AM

මෙහෙමත් මෝඩයෝ රැලක් ඉන්න රටක් හදන්නෙ කොහොමද හීනෙන් කිව්වා වුනත් උන්ට කියලා තියෙන්නෙ වත්තේ බිම් කොටා මැණික් ගන්න කියලා වෙන්න පුළුවන් එහෙම කලානම් ආහාර වර්ග මෙතරම් මිලක් තියෙන කාලයේ මැණික් ලැබුනා වගේම තමයි හීනයේ තේරුම හරියට අවබෝධ කරගෙන නැහැ උන්දැලා හිතන්න ඕන උන්ගේ සීයා යමක් කමක් උපයාගෙන හිටපු මිනිහෙක්ද කියලා එහෙම නොකල එකෙකු මැණික් මල්ලක් හැංගුවෙ කොහොමද හිතන්නේ නැද්ද

:       0       2

වෙජේරත්න බී. බණ්ඩාර Thursday, 08 February 2024 09:13 AM

මේ මැරිච්ච පිස්සු සීයා මොකටද ඕක පොළොවේ වැළලුවේ. තමන්ගේ පුතාට දීලා මැරෙන්න තිබුනනේ. තණ්හාව තමයි. මැරෙනකන් අතහරින්න හිතෙන්න නැතුව ඇති. මේවා රජවරුන්ගේ කාලේ නිදන් නෙමෙයි නේ. තමන්ගේ දෙමව්පියන්ගේ දෙයක්නේ ඉතිං ඇයි මේ මනුස්සයා ඔය මැණික් මල්ල ගත්තාම තියෙන වරද මේ අහේනි කාලේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 39 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1279 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 573 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 977 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 283 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 384 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site