IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘සොරකම් කළාට ගහන්න අයිතියක් නෑ-පොලීසිට කියන්න’

(ඉන්දිකා  රාමනායක)

සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම්  කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා  පුද්ගලයන්ට පහර දීම්  සිදුනොකර ඔවුන්  සම්බන්ධයෙන් ළගම ඇති පොලිසිය දැනුවත් කර   පොලිසියට බාර දෙන ලෙසට    පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා  ඉල්ලා සිටියි.

 භාණ්ඩ සොරකම් කිරීම විමර්ශන  කිරීමට පොලිසිය තිබියදි භාණ්ඩ සොරකම් කළ වරදට  කිසිවකුට පහර දීමක් සිදුකළ නොහැකි බවද හෙතෙම කීය.

මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහර දීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල් වල කළමනාකරුවන්  මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවද හෙතෙම පැවසීය.

බොරැල්ල කොටා පාරේ  සුපිරි වෙළෙඳ සැලක පසුගියදා   භාණ්ඩ සොරා ගත් තරුණියකට   එහි සේවයකයන් පිරිසක්  පහර දෙන  දර්ශනය ඇතුළත්  වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය වල ප්‍රචාරය වු බවත්, එම පහර දීමේ සිද්ධිය  කිසිසේත් අනුමත නොකරන බවද හෙතෙම පැවසීය.

කිසියම් කෙනෙකු  වෙළඳ සැලේ භාණ්ඩ සොරා ගන්න බවට නිර්ක්ෂණ   වුවහොත් ,   එයට විකල්පය පහර දීම නොව සේවකයන් ඒ සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර එම පුද්ගලයා හෝ කාන්තාව අල්ලා පොලිසියට බාර දීම  සිදුකළ යුතු බවද  හෙතෙම පැවසීය.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකට මෙම පහර දීම සිදුකර ඇති අතර, ඇය තදික්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින්නියක් බව හෙතෙම කීය.

මත්ද්‍රව්‍ය පාන සදහා මෙම කාන්තාවන  භාණ්ඩ සොරා ගෙන ඇති බවත්,  වෙළෙඳ වල භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන්  ඇයට  නඩු කිහිපයක්ම ඇති  පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (6)

‘සොරකම් කළාට ගහන්න අයිතියක් නෑ-පොලීසිට කියන්න’

Gune Sunday, 24 September 2023 04:16 PM

පොලිසියෙන් නම් එහෙම ගහන්නේ නෑ... අම්බානක නෙලනවා... ආයුධ පෙන්නන්න ගෙනියනවා, අතුරුදහන් කරනවා, අඬු පඬු දෙක තුනක් කඩනවා වගේ දේවල් විතරයි...

:       7       22

Infka Sunday, 24 September 2023 04:49 PM

ෂා.. පොලීසිය ලස්සනට රෙදිත් හෝදනවා...!!!

:       5       15

Krishan Sunday, 24 September 2023 06:04 PM

ජරාවට ඌරන් නැවෙති... සල්ලි වලට පොලිසිය නැවෙති. දැන් පහර කෑ ඇයට නඩු පිට නඩු. මත්ද්‍රව්‍ය චෝදනා රැසක් මරු දැන් පහරදුන් අය හොඳයි. මේ ආයතනයත් හොඳායි.. ඕකම තමයි ආයුධ පෙන්වන්න ගිය අයටත් වගේම වැරැදිලා පොලිසිය අතින් අහිංසක මිනිස්සුන්ට වැදිලා මැරුණාම කොහෙන් හෝ චෝදනා ගොන්නක් දානවා.. ඔය කියන තැනැත්තිය ඇඳුම් ගලවා පෙන්වන්නේ කිසිම දෙයක් හොරකම් කළේ නැහැ කියලා තමයි. නැතුව බේරිමට නොවේ. ඒ පෙන්වන විදියෙන් පැහැදිලියි, චොකලට් එහෙම දෙයක් ඇයගෙන් සොයාගන්න විදියක්... විඩියෝ එකේ දැක්කේ නැහැ මැනේජර්වත්...

:       8       11

Nirmal Sunday, 24 September 2023 06:12 PM

ගෙදර යන ගමන් ගුටි කන්න එන්න දිවයිනපුරා - මේ ආයතනයේ පණිවිඩයක් හොරා අහුවුණාම ඔයාලා ගහන්න එපා. අපිට බාරදෙන්න අපි ගහන්නම්... හොරා නොවුණත් හොරා කියවන්නම්.. අපිට ඉතිං සලකන්න ඕනෑ... අපි දන්නවනේ අපි පොල්අඩි ආයතනය...

:       5       14

සෙනෙවිරත්න Sunday, 24 September 2023 10:58 PM

මෙයා නඩුව අහල ඉවරයි. වාසි පැත්තට හෝයියා.

:       0       0

Bamunuarachchi Sunday, 24 September 2023 11:04 PM

දඬුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ අධිකරණයට. සොරකම් කිරීම සම්බන්දව පොලිස්සියට පැමිණිලි කරන්න කියන්න. අර තැනැත්තියට පහර දුන්න එවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්සිය කටයුතු කරන්න. පහර දුන්න එවුන් වීරයෝ වෙන්න හදලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 729 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1111 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 6735 2

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2265 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 9622 23

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1559 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40105 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25972 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 256 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1317 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site