(තුසිත කුමාර ද සිල්වා)
සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ බේරුවලදී විවිධ වෙනස්කම්වලට ලක්කර එන්ජින්, චැසි අංක,සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග අද අත්අඩංගුවට ගත් බව කියයි .
මෙම ජාවාරමේ මහ මොළකරු වන ප්‍රධාන සැකකරු ගරාජ් බාස් කෙනකු වන අතර කොළඹ ප්‍රදේශයෙන් සොරකම් කරගන්නා බේරුවලට ප්‍රදේශයට රැගෙන විත් අඩු මුදලට විකුණා තිබෙන අතර පොලිස් අත්අඩංගුවේ පසුවන මෙම ජාවාරම්කරුවන් එම ත්‍රීරෝද රථ අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් විවිධ ගරාජ්වල මෙන්ම විවිධ ස්ථානවල සඟවා ඒවායේ මුල් චැසි අංක , එන්ජින් අංක සහ ලියාපදිංචි අංක වෙනස්කර වරින්වර ත්‍රීරෝද රථ විකිණීමට සැලසුම් කර ඇත.
බ්‍රෝකර්වරයකු ලෙස උපාය දූතයකු යොදවා ත්‍රිරොද රථයක් මිලට ගන්නා මුවාවෙන් ලබාගත් තොරතුරුමත ප්‍රථමයෙන් මහ මොළකරු සහ සහයක සැකකරු ත්‍රී රෝද රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි .
මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබා දුන් පදිංචි ලිපිනය ව්‍යාජ එකක් බව හඳුනාගත් පොලීසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ගිය අතර එහිදී මෙම පුද්ගලයාගේ නිදන ඇඳහි මෙට්ටය යට තිබී එකල මහත් ආන්දෝලනයට ලක්වූ ,,සහරාන්,, නැමැත්තා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා වූ යුගයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ,, කඩු වලට සමාන අඩි දෙකක් පමණ දිග ඇති කඩුවක් ,, ප්‍රධාන ජාවාරම්කරු ගෙ නිවසේ තිබී පොලිස් භාරයට ගත් බව කියයි .
මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස සොරකම් කරන ත්‍රිරොද රථ අඩු මුදලට ලබා ගෙන ත්‍රීරෝද රථවලට විවිධ රක්ෂණ සමාගම්වලින් අබලිව භාවිතයෙන් ඉවත්කරන එන්ජින් හා චැසි අංක කොටා ඊට අදාළ ලියාපදිංචි පොත් පත් ව්‍යාජ ලෙස සකසා විකිණීම කටයුතු කර තිබෙන බවත් විමර්ශන සිදුකරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම ජාවාරම්කරුවන් මෙම ත්‍රීරෝද රථ මුදල් හදිස්සියකට යැයි කියා රුපියල් ලක්ෂ දෙකහමාරක් තුන යන ගණන්වලට විකිණීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි .
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සොරාගත් ත්‍රිරෝද පහක් සමග දෙකක් දැලේ
fairoos Thursday, 23 September 2021 05:58 PM
කොහොමද අපේ ඥාණසාර හාමුදුරුවන්ගේ හෙළිදරව්ව