IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිරගෙයි පුතුට දෙන්න අම්මා කුඩු ගෙනල්ලා

(සුමිත් පොතුපිටිය)

කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය පුත්‍රයාට ලබාදිමට සබන් කැටයක් තුල සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල කැබැල්ලක් රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ , ගෝනපල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විසින් නඩු පවරා බන්ධනාගාර ගතකර සිටින සිය පුත්‍රයාට ලබාදීම සදහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවට හෙලිව ඇති බව පොලිසිය පවසයි .

බන්ධනාගාර නිළධාරින්ට සැකසිටී පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1300 ක්, කුඩා දුම්කොල කැබැල්ලක් සහ හදුනානොගත් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1600 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

 



අදහස් (6)

සිරගෙයි පුතුට දෙන්න අම්මා කුඩු ගෙනල්ලා

jayantha Thursday, 08 August 2024 09:28 PM

පුතාගේ වයස කීයද?

:       0       1

Asanka Friday, 09 August 2024 05:10 AM

අම්මලා දරුවන්ට ආදරය නිසා වරදක් කලත් නොසළකා හරිනවා සමහරක් අම්මලා කියන්නෙ කොල්ලෙක් වුනාම ගෑනු වගේ නොසිට ටිකක් බොන්න කන්න ඕන කියලා ඉතින් එහෙම අම්මලාගෙ දරුවො නොමගට යනවා අතීතයේ කතාවක් තිබුනා එක දරුවෙක් දවසක් පාසලේදී කෙනෙකුගේ දෙයක් හොරකම් කරගෙන ආවාම අම්මා ප්‍රශංසා කලා එහෙම දිගින් දිගටම කරල අන්තිමේ මිනීමැරුමක් කළ පුතා මරණ දඩුවම් ලැබීමට නියමිත දවසේ අම්මා බලන්න ගියාම අම්මගෙ දිව කඩා ගත්තා කියලා තමයි කියන්නෙ ඒ පුතා කිව්වලු මුල්ම දවසේ හොරකම් කලාම දඩුවමක් දුන්නා නම් මට මෙහෙම වෙන්නෙ නැහැ කියලා අන්තිමේ කිව්වලු.

:       0       2

KUMARA Friday, 09 August 2024 11:14 AM

මචක් තම දරුවාට අයහපතක් කරන්නේ නැත. ඒක ලෝක ධර්මතාවයක්. මේ අනුව, මෙසේ වන්නේ මන්දැයි සොයා බැලිය යුතුයි. කොරෝනා කාලයේ මා දන්නා අයෙකුගේ සොහොයුරා මත්කුඩු නොමැති වීම නිසා සියදිවි නසා ගත්තා. පුනරුත්ථාපනය වන විට සියදිවි නසා ගැනීම වැලකීමට යම් ක්‍රමවේදයක් සැලසිය යුතු බව පෙනී යනවා. නමුත් කිසි සේත්ම මේ ක්‍රියාව අනුමත කළ නොහැකියි. මේ සම්බන්ධව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පසුබිම සොයා බැලිය යුතු බව පමණක් පවසමි.

:       0       4

Pradeep Kumara Friday, 09 August 2024 11:59 AM

සාර් පාලනයට එරෙහි වූවන් සිරගත වූ පසු ඔවුන්ගේ මව් වරුන් සාර් පාලනයට විරුද්ධ පත්‍රිකා හොර රහසේ ගෙන ගොස් බෙදා හැරියා රුසියාවේ.

:       0       2

sunil Friday, 09 August 2024 03:10 PM

මේ අම්මා තම පුතුට ඇති ආදරය නිසා කළ දෙයක්.

:       0       2

Chandula Friday, 09 August 2024 04:59 PM

වරදක් කළත් සිතකින් නොවෙයි... රිදවන්නේ පලිගන්නේ ඇයි? අම්මා කෙනෙකුගේ ආදරය.., දැන දැනත් නොමග ගිය පුතාට, නමුත් මම අදහනවා. පුතාව යහමගට ගන්න පුළුවන් වේවි මෙයින්ම... තමන්ගේ අම්මාවත් හිරගෙට දාපු පුතාට මෙයින්වත් මොලේ පෑදේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 931 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5685 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3251 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 280 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1568 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28402 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site