IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 5 ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)
                                                             
ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය  දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් අද(03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.

අකුරැස්ස ප්‍රාදේශිය සභාවට අයත් යැයි පැවසෙන ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිව්දෙනා මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොල පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නිති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු  ලොරි රථයේ ගමන් ගත් සියළු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර , ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරිම නල්ලතන්නිය පොලිසිය විසින් තාවකාලිකව නතර කර ඇත.

සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුව් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මළු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවදානය යොමු නොවි පැමිණ ඇති බවමස්කෙලිය පොලිසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (24)

සිරීපාදේ යන්න ගිය අකුරැස්ස ප්‍රා. සභාපති ඇතුළු 5 ක් අත්අඩංගුවට

Laksitha Paris Sunday, 03 May 2020 10:58 AM

අනේ මෙ වගේ මෝඩයෝ... අනේ මගේ රටට බුදු සරණයි ...

:       0       1

Nandalal DE SILVA - France Sunday, 03 May 2020 11:06 AM

රාජ්‍ය ලේබල් ගහගෙන, එක එක විදියේ කොළ අලවාගෙන ආපු නිසා මෙච්චර දුරක් මේ "වන්දනාකරුවන්ට" යහතින් එන්න ලබාදුන් ආරක්ෂක අංශ නිලධාරීන්ට එපින් බලෙන් නිවන් සුව ලැබේව කියනවා හැරෙන්න වෙන මොනා කියන්නද ? රටේ තිබෙන යුනිෆෝර්ම් උනත් රාජ්‍ය ලාංචන, A 4 කඩදාසි ඉදිරියේ දනින් වැටී තිබෙන බව පැහැදිලිවම පේනවා. ඇදිරි නිති බලපත්‍ නැතුව පැමිණි මොවුන්ගෙන් අකුරැස්ස පොලිසියේ නිලධාරීන්.... "යන්නේ කොහේද, මල්ලේ මොනාද ?" කියා ප්‍රශ්න කරානම්, මෙතරම් දුර ගෙවාගෙන යාමට පිටත් උන වන්දනාව එතැනින්ම අවසන් වෙනවාට කිසිම සැකයක් නැත !!!

:       0       7

Truth Sunday, 03 May 2020 11:25 AM

මහඑවුන් කතරගම යද්දී, පොඩි එවුන් සිරිපාදෙ යනවා කියන්නේ මෙව්වට තමයි.

:       0       76

Samitha Senaka Aluthgamage. Sunday, 03 May 2020 11:48 AM

ආරංචියේ හැටියට මේ සභාපති මද කාපු කෙනෙක්.මොහු චන්ද කාලේ තමාටම බැනලා පෝස්ටර් ගැහුවාලු. ඒකෙන්ම ඔහු දිනුවාලු. කොහොමද මොලේ? ඒ උනාට මේපාර බඩු මාට්ටු.

:       1       21

SL Sunday, 03 May 2020 11:52 AM

ව්‍යවස්ථාවක් චන්දයක් මගින් රටේම ඉන්න ඉහළම බුරුවන් සහ හොරුන් ටික පාර්ලිමේන්තුවට,පළාත් සභාවට , ප්‍රාදේශීය සභාවට යවලා අහසට දත නියවන එකම ජාතිය අපි වෙන්න ඕනේ. මෙය වෙනස්විය යුතුයි . සියලුම දේශපාලකයින්ට තමන් කළ සාමාජීය වැඩ වලට ලකුණු ක්‍රමයක්, නිර්ණායකයක් දියයුතුයි. නිකන්ම ඕනේ බුරුවෙකුට චන්ද ඉල්ලන්න අවස්ථාවක් නොදිය යුතුයි.

:       0       159

සෙනෙවිරත්න Sunday, 03 May 2020 12:33 PM

රන්ජන්ට වගේ උනන්දුවක් නැහැ වගේ.

:       0       1

Pradeep Sunday, 03 May 2020 12:58 PM

අකුරැස්සේ සිට මස්කෙළියට යනතුරු පරික්ෂාවන්ට හසු නොවී ගියා කියන්නේ කොතැනක හෝ යම් වරදක් සිදුව තිබෙනා බවයි. ආරක්ෂක අංශ වල මහත්වරුනි සැළකිලිමත් වන්න. මේ ආකාරයට ආයුධ, මත් ද්‍රව්‍ය සහ වෙනත් තහනම් භාණ්ඩ ප්‍රවාහනය කළ හැකියි.

:       0       203

RaveendraSunday, 03 May 2020 03:31 PM

ඇත්ත වශයෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අප සැමවිටම වැරැද්ද වැරැද්ද ලෙසම දකිමු එයට කිසිදු පක්ෂයක් අදාලම නැත. හොද දෙය කරන්නේ කවුද "එම මිනිසාව" කිසිදු පක්ෂ බේදයකින් තොරව අගය කරමු.

:       0       107

මෝ Sunday, 03 May 2020 01:05 PM

ලංකාවේ දේශපාලුවන් හිතන් ඉන්නෙ ඒ අයට ඕනැ දෙයක් කියන්න පුලුවන් ඕන දෙයක් කරන්න පුලුවන් ,ඕනෙ නීතියක් කඩන්න පුලුවන් කියලා.රටට අවශ්‍ය වන්නේ මෙවැනි දඩාවතේ යන දේසපාලුවන් අල්ලා ගැටගසා කූඩු කිරීමේ අවංක උවමනාවක් සහ ඒ සදහා ශක්තිමත් කොන්දක් ඇති නායකයෙකි. වත්මන් ජනපතිතුමාට ඒ කොන්ද තිබේයැයි උදක්ම විශ්වාස කරමි.

:       158       51

chandima Sunday, 03 May 2020 01:38 PM

මේ හදිස්සියෙන්ම කොවිඩ් වයිරසේ නැතිවෙන්න බාරයක්වත් වෙන්න ගියාද දන්නේ නැහැනේ.

:       0       10

roshan Sunday, 03 May 2020 02:38 PM

සිරිපාදෙ යන්න බෑ. හැබැයි ඔක්කොටම කලින් තැබෑරුම් ඇරියා. තැබෑරුම් ඇරපු දවසේ ඉදන් තමයි රෝගීන් වැඩිවෙන්න ගත්තේ.

:       178       20

Raveendra Sunday, 03 May 2020 02:39 PM

මරණාධාර සමිතියක සභාපතු වෙලා "මේ ගොන් වස්සා " මෙසේ නීතියට අවනත නොවේ නම් දියවන්නාඔයේ තියෙන " රටට ගිනි දෙන " සමිතියේ නිකම්ම නිකන් සාමාජිකයෙක් වුනොත් "මේ බුරුවා " කෙසේ නීතියට සලකයිද ?? මෙම අදහස් අප රටේ මුල් පුරවැසියාට කියවීමට හැකි වේවා !

:       0       214

lalithm Sunday, 03 May 2020 02:40 PM

මේ වගේ කමකට නැති අපතයින්ව සභාපතිකමට පත් කර ගත්තේ අකුරැස්සේ මිනිස්සුන්ට මොලේ කචල්ද? පක්ෂ නායකයින්ට වෙන මිනිස්සු නැතිවද?අනික මේ අයට මහත්වරු කියලා කියන්නේ මහත්වරුන්ට හොරු කියන්නද?

:       0       38

RaveendraSunday, 03 May 2020 03:18 PM

සහතික ඇත්ත "සෑම පක්ෂයක සිටින මෙවන් වල් බල්ලන්ව " ප්‍රසිද්ධියේම අප සැම ප්‍රතික්ෂේප කළ යුතුමය. ඒ සදහා සැමවිටම පෙළ ගැසෙමු. " රටට අවංකව යමක් කරන්නේද ඒ මිනිසාව මොන පක්ෂයක වුවද " අප නිහතමානිව අගය කරමු.

:       0       5

PrasadSunday, 03 May 2020 03:33 PM

ගසේ හැටියට ගෙඩි, අකුරස්සේ මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකයෝ.., කලින් කුපාඩියා , මෙ සැරෙ බෙබද්දා...

:       0       171

මුණසිංහMonday, 04 May 2020 12:36 AM

තමන් වැරැද්දක් කළපළියට තමුන්ගේ පරම්පරාවේ ආච්චි සීයාගේ ඉඳලා දරු මුණුපුරන් දක්වා සියලු දෙනාට දොස් පවරන එක හරිද? එහෙමනම් ඔයාගේ කතාව හරි!

:       27       0

සෙනෙවිරත්න Sunday, 03 May 2020 05:26 PM

රාජපක්ෂ වශීබෝලෙ , අන්ධ දෙශපාලනය, මේක වැඩිවනවා විනා අඩුවීමක් නැහැ, ඉදිරියේදි තවත් බලතැහැකි.

:       0       91

චමින්දMonday, 04 May 2020 12:49 AM

lalithm, ඔබේ අදහස ඇත්ත කියල හිතෙනවා.

:       0       1

jayath Sunday, 03 May 2020 03:13 PM

මේ වගේ කැනහිල්ලු තමයි හෙට අනිද්දට අපේම මිනිස්සු ටික එක්ක්කාහු වෙලා දියවන්නා පට්ටියට යවන්නේ.මේ ලඟදි එක ළඟ කීයක් උනාද ? සෙවනගල පැත්තේ එකයි (ළමා අපචාර ) අනිත් එකා බූරුවා ගහල දැන් මේ කාලකන්නි ක්‍රමයෙන් මේ රට කවදාවත් මිදෙන්නේ නැහැ මෙතෙන්ට කෙලින්ම අදාළ නොවුනත් මේකත් ඒ දම්වැලේම පුරුකක්. පහුගිය දවස්වල ජා ඇල සුදුවැල්ලේ මිනිස්සුව දඬුකඳේ ගැහුවා කුඩ්ඩෝ කියලා. ඒක ඇත්ත. නමුත් මේ කුඩ්ඩෝ ටික පෝෂණය කරන්නේ ඒ පැත්තේ ඉන්න මෙන්න මේ අයගේ කුලකයේ දේශපාලුවන්. ඇත්ත ඒකයි.

:       0       1

විපරමා Sunday, 03 May 2020 03:36 PM

ඇදිරි නීති බලපත්‍රයක් නැතිව යන්න ඇත්තෙ දේශපාලුවෙක් හින්දා වෙන්ඩ ඇති. හුගක් දේසපාලුවෝ හිතාගෙන ඉන්නෙ රටේ නීතිය උන්ට වලන්ගු නැහැ කියලා. ඔක්කොම දූෂිත වැඩ කරපු එවුන් අද නිදහසේ සුවසේ ඉන්නවා.

:       0       31

ධම්ම Sunday, 03 May 2020 05:56 PM

නාවලපිටිය නගරාධිපතිගේ අඹගමුවේ බූරුවාපොලට එන්න ඇති.

:       0       74

Perera Sunday, 03 May 2020 06:46 PM

රජයේ දේපළ තමුන්ගේ පුද්ගලික උවමනාවන්ට යොදා ගැනීම පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව, නගර සභාව දක්වා පැතිර ගොස් ඇත.රටේ නීති කැඩීම දේශපාලන තනතුරුවල ප්‍රධාන බලතල වලින් එකක් බවට පත්වී ඇත. නුසුදුස්සන්ව නායක තනතුරුවලට පත් කරගැනීම රටේ සම්ප්‍රදාය බවට පත්වී ඇත. ලංකාවට ගොඩ ඒමක් පෙනෙන මානයේ නැත.

:       0       1

ඇත්ත Monday, 04 May 2020 05:14 AM

මේ අය පක්ෂවලින් නෙරපා දේශපාලනයෙන් එළවා දැමිය යුතුයි. රටට වැඩක් නැති මිනිස්සු

:       0       1

Rata Perata Monday, 04 May 2020 06:49 AM

මුල් පුරවැසියා තියෙන නීති ඔක්කොම නවල ඇවිල්ල ඉන්නේ ඔතනට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත


රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 272 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 378 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


හිටපු මැති ඇමැති 43කගේ නිවාස වන්දිවලට එරෙහිව පෙත්සමක්
2025 මාර්තු මස 11 166 0

‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරී


කීර්ති පැස්කුවල්ගේ නම විකුණු අය අල්ලන්න
2025 මාර්තු මස 11 181 0

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අති


සිගරට් තොඟයක් සමඟ කොස්තාපල් අත්අඩංගුවට
2025 මාර්තු මස 11 221 0

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරයෙක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 200 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 194 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site