(යොහාන් භාසුර)
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාල සංශෝධනයන් මේ මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර තල් අරක්කු හැර සෙසු අරක්කු සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 10 ක වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ දමා තිබේ.
රුපියල් 250,000 ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති අතර රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් කෝටිය දක්වා ඉහළ නංවා තිබේ.
විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 ක් දක්වා ඉහළ නංවා ඇති අතර රුපියල් ලක්‍ෂ 10 ක්ව පැවැති මත්පැන් සඳහා වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුරාබදු ගාස්තු ඉහළ දමයි
ROCKY Sunday, 14 January 2024 12:35 PM
බදු ඉහළ දැම්මට අයකර ගන්නේ නැහැනේ...!
ranjith Sunday, 14 January 2024 01:32 PM
ජනතාව තවතවත් සූරාකනවා. අන්තිමට ඔය බදු මේ අය ගෙවන්නෙත් නෑ තාම...
Abaran Sunday, 14 January 2024 02:09 PM
මැදපෙරදිග ඇතැම් රටාවක් හැරෙන්නට ලෝකේ සෑම රටක්ම සේවාවන් සපයන්නේ බදු අදායමින්. අපේ රටේ බොහෝදෙනා හිතාගෙන ඉන්නේ රජයේ සේවාවන් සියල්ල නොමිලේ ලබාදුන්නත් බදු යනු ධනපතියන් පමණක් ගෙවිය යුත්තක් බවයි. අනිත් පැත්තෙන් රජයේ සේවකයින්ට ඔවුන් චෝදනා කරනවා.. ඒ අය යැපෙන්නේ මේ අය ගෙවන බද්දෙන්ය කියා... ලැබෙන පළමු අවස්ථාවේදීම රජයට වංචාවක් කරන්න තමයි බහුතරයක් උත්සාහ කරන්නේ... හොරෙන් ලයිට් ගන්නවා..., හොරෙන් වතුර ගන්නවා. බස් එකේ කෝච්චියේ හොරෙන් යනවා. ඒ ටී එම් එක ළඟ රුපියල් 5000ක් වැටිලා තිබුණොත් කීයෙන් කීදෙනාද එක අයිතිකරුට දෙන්න උත්සාහ කරන්නේ... වැඩිදෙනෙක් විලාසිතාවක් වගේ ආණ්ඩුවට බැන බැන තමන්ගේ යුතුකම් ඉටු නොකර ඔහේ ඉබාගාතේ යනවා. තනි තනිව තම තමන් හැදෙන්නේ නැතිව රටක් හදන්න බැහැ.
GajamanSunday, 14 January 2024 07:45 PM
අගය කළයුතු අදහසක් කියන්න පුළුවන් හැම කෙනෙක්ම තමන්ට මුදල් ලැබෙන්නේ කොහොමද? ඒවාට රජයට මුදල් කොයින්ද හිතන්නේ නැහැ... මෑතකදී පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරුකාරියක් අල්ලස් අරගෙන සිපිරිගෙට නියමවෙලා තිබුණා... එයින් පේනවා තමන්ගේ මඩිස්සලෙට ගන්න මිස ඒවා ලැබෙන ආකාරය හිතන්නේ නැහැ... ඔය සංගම් කාරයෝ කිසිවෙක් අපිට දහදාහක් දියව්, විසිදාහක් දියව් කියනවා මිස වැඩ වර්ජන කරමින් සංවර්ධනය අඩාල කරනවා මිස රටේ ආර්ථිකය දියුණුව සඳහා අරක කරපන්, මේක කරපන් කියලා කිසිදාක වර්ජනයක් කරන්නේ නැහැ... හැම වෙලාවේම කියන්නේ දියව් දියව් කියලා විතරයි... (එහෙම අදහස් දෙන්න දැනුමක් නැතුව ඇති ) ඉතින් කොහොමද රට හදන්නේ...?
Prabha Sunday, 14 January 2024 02:35 PM
ගෙවන්න තියෙන මුදල් අයකරගන්නේ නැත්තේ ආණ්ඩුව කඩා වැටෙයි කියන බයටද?
චන්දන Sunday, 14 January 2024 05:47 PM
මත්වතුර මිල නැවතත් වැඩි වෙනව...අර හිග බදු වලට මොකද කරන්නේ ..අමතක කරනව ද..