IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට

 

( රොමේෂ් මධූෂංක)

යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (16) දින මියි ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය රෝහලගත කරන විට ඇය සයමස් ගැබිනියක්ව සිටි හෙයින් දරුව බේරා ගැනීමටද රෝහල් වෛද්‍යවරුන් විසින් දැඩි පරිශ්‍රමයක් දැරුවද දෙදෙනාගෙම ජීවිත බේරාගැනීමට නොහැකි වූ බවට රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳ කාමරයක් තුල ඉටිපන්දමක් හෝ යමක් දැල්වීමට ගත් උත්සහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලීමෙන් ඇය රෝහල්ගත කල බවටය.

කෙසේ වෙතත් අදාල මරණය සියදිවි හානිකරගැනීමක්ද, අත්වැරදීමකින් සිදුවූවක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකොට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය චාවකච්චේරි නීර්වේලි ප්‍රදේශයේ පදිංචි තමිලනී සතීස් නැමති 35 හැවිරිදි අවුරුදු 06 දියණියකගේ මවක්ද වන අතර ඇගේ සැමියා චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවක වරයෙක් වශයෙන් සේවය කරයි.

 



අදහස් (3)

සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට

Nihal Monday, 17 February 2025 09:41 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       4       71

Hemantha Tuesday, 18 February 2025 12:04 PM

පව් අපැහැදිලි මරණයක් පරීක්ෂණ යක් කරන්න

:       1       6

Ranaraja - I was So Saddened when this heard. We must have a Methodology to protect our Brainy Scholars. We give our great condolences to her Family. pr Thursday, 20 February 2025 02:57 AM

මේක ඇහුවම මට ගොඩක් දුක හිතුනා. අපගේ බුද්ධිමතුන් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් අපට තිබිය යුතුය. ඔවුන් අපගේ අනාගත නායකයින් වේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 49 0

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්ව


ජනපති ලේකම්- වියට්නාම තානාපතී හමුවක්
2025 පෙබරවාරි මස 21 40 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලය


කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි
2025 පෙබරවාරි මස 21 329 0

මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මී


’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’
2025 පෙබරවාරි මස 21 355 0

පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය


ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි
2025 පෙබරවාරි මස 21 294 0

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 397 0

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය න


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 90 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 383 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site