(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ මහතා පැවසීය.
සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් සිල්වා පියතුමා ඇතුළු කතෝලික පූජක තුමන්ලා පිරිසක් විසින් සූම් තාක්ෂණය ඔස්සේ 2019 වර්ෂයේ දී සිදු සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉකුත් 23 වැනි දින ජාත්‍යන්තර වැඩසටහනක් පවත්වමින් විදේශ රටවල සිටින ජනතාව අමතා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක සුරේෂ් සලේ මහතා පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔහුගේ ජීවිතේට සහ පවුලේ සාමාජිකයන්ටගේ ජීවිතවලට හානි දායක වන ලෙස ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට ඉකුත් 25 වැනි දින සිදු කළ පැමිණිල්ලක් කළේය. එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ අංක එක ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් වෙත මෙම දැනුම් දීම සිදු කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිල් ගාමිණි පියතුමා අද සී.අයි.ඩී.යට
යෝගා Thursday, 28 October 2021 07:21 AM
නීතිය අතට ගන්න යන කොයි පූජක පක්ෂයකටත් මෙය පාඩමක් වෙයි.
Janaka from MataraThursday, 28 October 2021 12:45 PM
අතට ගන්න අයට වෙන දේ ඤාණසාර හිමිගෙනුත් අපි දැක්කා නොවැ...
Perera Thursday, 28 October 2021 08:15 AM
ඊ ගාවට කාදිනල් තුමාද ?
Alfread de CostaThursday, 28 October 2021 11:29 AM
නිර්දෝශී ඔබට කවුරු හරි බොරු චෝදනාවක් කරොත් මොකද කරන්නේ?
Sanju Thursday, 28 October 2021 12:38 PM
නිර්දෝෂී අහිංසකයින් මැරීම සාදාරණද .ඔබේ පව්ලේ කෙනෙක්ට එහෙම උනොත් ඔයා මොකද කරන්නේ .මතක තියාගන්න සමහර විට මේ මෙගා නාට්‍යය අවසාන වෙන්නේ කාදිනල් තුමා හා පියතුමන්ලා හිරේ දාලා
Alfread de CostaThursday, 28 October 2021 04:08 PM
Sanju, කවුද ඔතන ඒ අහිංසකයින්ගේ මරණය සාධාරණීකරනය කරලා තියෙන්නේ? මම කියන්නේ සාක්ෂි නැතුව හිතෙන හිතෙන කෙනාට චෝදනා කරන එක ඒ මැරිච්ච අහිංසකයින් ආපහු මරනවා වගේ වැඩක්... අපිට ඕන ඇත්තටම මේක කරපු අය හොයා ගන්න. නැතුව දේශපාලන ගේම්වලට අහු වෙන්න නෙමේ...
Surain Thursday, 28 October 2021 10:13 AM
ආණ්ඩුව අසුචි වලට වැටිච්ච වෙලාවේ මෙවැනි දේ කිරීම වල උඩින් කොන්ක්‍රීට් ආවරණයක් දැමීම වැනිය.
RathnasekaraThursday, 28 October 2021 11:27 AM
බෝම්බ ප්‍රහාරය පිලිබඳව නඩු අධිකරණයේ ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, පුද්ගලයන් චූදිතයන් ලෙස නම් කර මාධ්‍ය ප්‍රකාශ කිරීම ඕනෑම රටක අධිකරන පද්ධතියටම කරන අපහාසයක් සහ උද්ධච්ච කමකි. යමෙක් පිලිබඳ සැකයක් හෝ සාක්ශි ඇත්නම් කල යුත්තේ අදාල නඩුවේදී එම සාක්ශි ඉදිරිපත් කිරීම හෝ සීඅයිඩී, ටීඅයිඩීයට පැමිණිලි කිරීමයි. මේ පියතුමන්ලා මොනවද මේ කරන්නේ ?
surainThursday, 28 October 2021 12:18 PM
සියල්ල ඔබතුමන්ලාට ඕන විදිහට විය යුත්තේ. අනේ මහත්තයෝ අපේ රටේ සී.අයි.ඩී. එක ගැන අපි නොදන්නවයැ. ඈත ඉතිහාසයෙන් බලන්න... ටින්කිරි ගාගෙන දුවන්නේ නැතිව..
Don perera Thursday, 28 October 2021 12:53 PM
පියතුමාගේ කතාවේ ඇත්තක් තියෙනවා.
Prabha Thursday, 28 October 2021 01:12 PM
හැමෝම එකතුවෙලා දැන් මේ ප්‍රහාරය මහ අවුල් ජාලයක් කරලා තියෙන්නේ...