IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල

( අමිල චින්තක ගමගේ )

දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමගින් විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සර්ව ආගමික සිද්ධස්ථාන පියැසි මත  සූර්ය බල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

මෙහි පළමු අදියර යටතේ 2025 වර්ෂය මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික ස්ථානයන්හි පියැසි මත මෙම කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල සවි කිරීමට අපේක්ෂිතය.

මෙමඟින් ආගමික සිද්ධස්ථානයන්හි විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරිවන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරේ.

මූලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලිබල පද්ධති පන්දහස තුළින් මාසිකව එක් සූර්ය විදුලිපැනල පද්ධතියකින් විදුලි ඒකක 500 – 600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතය.

 



අදහස් (1)

සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල

mirmitha Monday, 28 October 2024 10:41 AM

පුදුමාකාර, කට්ට කයිරාටික ජාතියක්. ගිලන් රථ, පන්සල් භාවිත කරලා හදවතට ඇනල මොළේ දුර්වල කරනවා. ලංකාව තමන්ගේ සැටලයිට් රටක් කරගන්න ඕනෑම කපටි වැඩක් කරනවා.

:       25       5

ඔබේ අදහස් එවන්න

දියත

අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 28 153 0

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්


හිනා වෙන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ
2024 ඔක්තෝබර් මස 28 40 0

ට්‍රැක්ලන්තේ අලුත්ම තත්වේ ගැන කතා කරන්න ගියොත් ඉතින් ආණ්ඩු පෙරලිලා මොන මොන දේවල් සිද්ද වුණත් ට්‍රැක්වාසීන්ගේ කිසි වෙනසක් නෑ. අව්වට වේලි වේලි, වැස්සට ත


වන අලි පහරින් දෙදරු මව මරුට
2024 ඔක්තෝබර් මස 28 63 0

සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කි


එස්.ටි.එෆ් කොස්තාපල් එස්.ටි.එෆ් එකෙන්ම අල්ලයි
2024 ඔක්තෝබර් මස 28 517 0

රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලි


අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට
2024 ඔක්තෝබර් මස 28 384 1

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්


රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් දිරන්න ඇරලා
2024 ඔක්තෝබර් මස 28 1067 0

ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1003 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site