IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


‘‘සිලනිකාට‘‘ ඉඩක් දෙන්න ගසේ හිමිකරු සූදානමින්

(විනීතා එම් ගමගේ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී හමුවූ කෲඩියා සිලනිකා ශාකය තම ඉඩමේ රෝපණය කරන්නැයි ඒ ආසන්නයේ  පදිංචිකරුවකු වන එම්. අයි. එච්. එස්. මුණසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ල සිටියි.

එම ගස හමුවූයේ තමන් සතුව තිබී අධිවේගී මාර්ගය සඳහා පවරාගත් ඉඩමෙන් බවත් සම්පූර්ණ ඉඩම පවරා නොගත් බවත් තමන් සතු ඉතිරි ඉඩමේ මෙම ගස රෝපණය කිරීම සඳහා ලබා දිය හැකි බවත් මුණසිංහ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.

විධිමත් විද්‍යාත්මක පරික්ෂණයකින් පසු මෙම ගස දැනට පවතින ස්ථානයේ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන බවට තහවුරු වේ නම් එහි එම ගස ආරක්ෂිතව ප්‍රතිරෝපණය කරන්නැයි ද ඔහු ඉල්ලා ඇත.

මෙම ශාඛය එතැනම පවතිද්දී මාර්ගය වෙනත් දිශානතියකට හැරවීම, ගස අයත්වන පරිසර පද්ධතිය හුදකලා කර එය මැදිවන ලෙස අධිවේගී මාර්ගය ඉදිකිරීම හෝ එය ගලවා මුතුරාජවෙල පරිසර භූමියකට ගෙන යාමට දැනට යෝජනා වී ඇති බවත් තමන් ඉදිරිපත් කරන්නේ මේ යෝජනා සියල්ලටම වඩා වියදමින් හා ආරක්ෂිත යෝජනාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

 



අදහස් (9)

‘‘සිලනිකාට‘‘ ඉඩක් දෙන්න ගසේ හිමිකරු සූදානමින්

gamunu Friday, 19 March 2021 12:26 AM

මෙම ශාඛය එතැනම පවතිද්දී මාර්ගය වෙනත් දිශානතියකට හැරවීමට ඉඩමේ ඉතිරි කොටස මහාමාර්ගය සඳහා ලබා දෙන්න. වසර ගණනාවක් පැරණි විශාල ගස් ඉවත් කිරීම සුදුසු නැතිවාසේම ප්‍රායෝගික නොවන අතර කිසිවකුගේ ගිණුමකට රුපියල් කෝටිගණනක් ලබාදෙන වැඩසටහනකි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 19 March 2021 02:02 AM

එක්කෝ මුණසිංහ මුක්කුවක් ගැහුවා ප්‍රශ්නයට.. එහෙම නැතිනම්, මුණසිංහට වරප්‍රසාද දෙන මුවාවෙන් ඔහුට කියා මූක්කුවක් ගැස්සෙව්වා. මේ දෙකෙන් එකක් තමයි වුණේ. එසේ නැතිනම්, මේ හදිසියේ මොකක්ද මුණසිංහට හැදුණු රුදාව.. ගස ගලවා නැවත ඉන්දනවාට වඩා හොඳ ගස එසේම තියෙන එක. මුණසිංහට පුළුවන් ගස සිටුවීමට දෙන ඉඩ ප්‍රමාණය ගස එසේම තිබියදී මාර්ගය තම ඉඩමෙන් ඉදිකරවන ලෙස ඉල්ලීමක් කරන්න. සියලු පාරවල් වැසී තිබෙන නිසා නයාට එන්න විදිහක් නැහැ. ඒ නිසා නයා මුණසිංහගේ කරමතින් ආවා. මේ බොළඳ උපක්‍රම වලින් රට රවටනු නොහැකිය. දැන් දැන් ජනතාව බුද්ධිමත්ය.

:       0       0

මුණසිංහ Friday, 19 March 2021 02:17 AM

නියම පරිසර හිතකාමියෙක්... ඔහුට අපේ ප්‍රණාමය. තවත් ශාක විශාල ප්‍රමාණයක් තිබෙන බවත් කියනවා. මෙය ආරක්ෂා කර පාර වෙනස් කරන්න කෝටි 8000ක් යන බවත් කියැවෙනවා. මේ සියල්ල සලකා බලා අවම පාඩුවක් සිදුවන විදියටයි සංවර්ධන වැඩ සාමාන්‍යයෙන් කරන්නේ.

:       1       3

sharm warn Friday, 19 March 2021 03:32 AM

අනේ ඔබට බොහෝම පින්... කන්න ඕනෑ වෙලාවට කබරගොයත්, තලගොයා කරගන්න කාලකණ්ණි හොරු රට පාලනය කරන වෙලාවක. මේ සත් ක්‍රියාවට ඔබට ජාති ජාතිත් පින්. වර්ගය මොකක් වුණත් ඔබ රකින්න යන්නේ මිනිසෙකුට වඩා වටිනා සම්පතක්...

:       1       1

C.K.Lankaputhra Friday, 19 March 2021 04:07 AM

තියන තැනින් ගලවල ඔය වටිනා ගහ ඔය දානපති මහත්තයගෙ ඉඩමෙ හිටෙව්වම බැරි වෙලාවක්වත් ඔය ගහ මැරුනොත් ඒකෙ වගකීම ඔය මහත්තයා බාර ගන්නවද? වග කියන විදිය කොහොමද කියලත් කිව්වොත් හොඳයි නේද? එහෙම නැත්තං මේක බොර දියේ මාලු බෑමක් නෙවෙයිද? පොර වෙන්ඩ ගහන ගැහිල්ලක්ද? ආඳ මාලු ඉරට්ටෙන් කෑමක්ද? අපට නං මේ යෝජනාව අම්මප ප්‍රශ්න පත්තරයක්.

:       228       15

Lakmal Friday, 19 March 2021 05:41 AM

ගෙදර පොළවට කුඹුක් ලී අතුරපු හොර පරිසරවේදියෝ නං කවදාවත් ඔහොම කැප කිරීමක් කරන්නෙ නෑ

:       5       86

chathuri Friday, 19 March 2021 09:39 AM

ඔය අදහස කියන්න ඔබට ආණ්ඩුවෙන් කියක් දුන්නාද.?ලැජ්ජයි. කොහොමවත් දැන් ඔය ගස හොලවන්න බැහැ. අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඔය කියන ගණන්වලට වඩා මුදල් රටේ දේශපාලුවෝ හොරකම් කරනවා.මේ ගස ගලවලා විනාශකරනකම් සමහර මොලේ අමාරු කාරයින්ට නින්ද යන්නේ නැහැ.

:       116       3

VijayaSunday, 21 March 2021 05:17 AM

මහජන මුදල් අපතේ යවන්න කියලද කියන්නේ? ඔබට ඔහොම කියන්න ප්‍රතිවිරුද්ධ දේශපාලුවන් කීයක් දුන්නද? නිකන් මෝඩ කතා කියන්න එපා. අවසානයේ ජයගත යුත්තේ බහුතර ජනමතයයි. එය ඔබේ මතය නොවිය හැක.

:       0       0

sampath Saturday, 20 March 2021 06:52 PM

ඔය ගහ දැන් කෝටි ගාණක් වටිනවා. ආණ්ඩුව ලවාම තමන්ගේ වත්තේ පැළකරවන එකේ ප්‍රතිලාභ ගන්න හදනවා වත්ද? මේක තියන තැන තිබුණා නම් හොඳයි. මාර්ග රක්ෂිතයේ මෙතන විවේක ස්ථානයක් හදමු... ඔය ගහ යට ඉඳන් තේ එකක් එහෙම බීලා යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 82 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 16 165 0

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ


රජයේ තීරණයෙන් ගම්බද සිසුනට අසාධාරණයක්
2024 දෙසැම්බර් මස 16 430 0

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනු


ජනතාව ඉල්ලූ දේශපාලන පරිවර්තනය කරනවා
2024 දෙසැම්බර් මස 16 309 0

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


සංජීව මහනාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කරයි
2024 දෙසැම්බර් මස 16 310 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොල


රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 1330 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 194 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 99 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site