සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා ^Integrated Reports <IR>& 05න් එකක් ලෙස සම්මානයට පාත්‍ර විය.
සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය නිර්මාණය කිරීම, පාලනය, අවදානම් කළමනාකරණය සහ අනාගත දැක්ම පිළිබඳව සංක්‍ෂිප්ත සහ අදාළ වූ විස්තරයක් ඉදිරිපත් කර ඇත. තවත් එක් අභියෝගාත්මක වසරකදී ජාතියේ අවදානම් අවම කිරීමට සමාගම ඉතා ශක්තිමත් අරමුණක් ඇතිව ඉදිරියට ගිය ආකාරය මෙම වාර්තාව මගින් නිරූපණය කර තිබිණි.
2021 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා සමාගමේ මෙහෙයුම් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව මගින් එහි ආයතනික දල විශ්ලේෂණය, අගය නිර්මාණය කිරීම, භාරකාරත්වය, ආයතනික පාලනය සහ මූල්‍ය ප්‍රකාශන සඳහා ඒකාබද්ධ උපාය මාර්ග ගෙනහැර දක්වමින් එහි ‘ත්‍රිත්ව මූලික ප්‍රමුඛතා’ ^Triple Bottom Line& මත ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද විස්තර කර ඇත.
‘සංකලිත වාර්තාකරණය ව්‍යාපාරයක සෑම අංශයකින්ම විනිවිදභාවය පෙන්වීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වී ඇති අතර, සමාගම්වලට අසීමිත අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට සිදුවන මෙවැනි කාල වකවානුවකදී එය විශේෂයෙන් වැදගත් වනවා’ යැයි, සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි පාලිත ජයවර්ධන මහතා පැවැසීය. ‘එබැවින් අපගේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය කළමනාකරණ ගණකාධිකරණ ආයතනය වන CMA හි සූක්‍ෂ්ම දර්ශකය යටතට ගෙන විශිෂ්ට ලෙස සමත් වීම ගැන අපි සතුටු වෙමු’ යැයිද ඒ මහතා පැවසුවේය.
2013 දෙසැම්බර් මස නිකුත් කරන ලද ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ <IR> නිර්දේශ රාමුවට අදාළ වන මාර්ගෝපදේශ භාවිත කරමින්, වාර්ෂික සංකලිත වාර්තාකරණ සම්මාන තරගාවලියේ 08 වැනි සංස්කරණයට අනුව මෙම වසරේ සලකා බැලූ සංකලිත වාර්තා ඇගයීමට ලක් කරන ලදී. මෙම අගැයීම් ක්‍රියාවලිය සඳහා ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව, <IR> යටතෙහි සපයා තිබෙන මූල්‍ය නොවන තොරතුරුද සැලකිල්ලට ගන්නා ලදී.
සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාවද CMA ආයතනය විසින් විශිෂ්ටතම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක්වූ අතර, රට තුළදී ඉදිරිපත් කෙරෙන හොඳම මූල්‍ය වාර්තා අගැයීමට ලක් කරන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ^CA Sri Lanka& සම්මාන උළෙලේදීද රක්‍ෂණ සමාගම් කාණ්ඩයේ ඒකාබද්ධ රිදී සම්මානය දිනා ගැනීමටද සමත් විය.
595
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙස
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සෙලින්කෝ ලයිෆ්’ වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට වාර්තා 05 අතරට