IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සිලින්ඩරයේ ගෑස් සංයුතිය කියන්න උසාවියෙන් සමාගමට කල් දෙයි

(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අඩංගු  කළ හැකි සංයුතිය  කුමක්ද  යන්න  සහ එම සංයුතිය  අදාළ  සිලින්ඩරයේ  ප්‍රදර්ශනය කිරීමේ හැකියාව  පිළිබඳව   දැනුම්  දීමට හෙට (15) වන තෙක්  ලිට්රෝ ගෑස් සමාගමට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර  ආනයනය කර  බෙදා හැරීමට  කටයුතු කල ගෑස් සමාගම්  සහ වගකිව යුතු  රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ   නීතිමය පියවර ගන්නා  ලෙස   නියෝග කරන්නැයි  ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ   රිට්  පෙත්සම  ඊයේ කැඳවූ  අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙලෙස  කල් ලබා දෙන ලදී.

රුවන් ප්‍රනාන්දු  සහ  විනිසුරු සම්පත් විජේරත්න   යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

විවෘත  නොකල ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට සහ ගෑස් සිලින්ඩරය ක අඩංගු කල හැකි ගෑස්  සංයුතිය  කුමක්ද,  එම සංයුතිය  ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි ද යන්න පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවයෙන් විමසා  සිටියේ  ය.

එලෙස එකඟතාවයට පැමිණෙන්නේ නම් පෙත්සම මගින්  ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය  නිකුත්  කිරීමේ අවශ්‍යතාවයක්  ඇති නොවන  බව විනිසුරු මඩුල්ල  පෙන්වා දුන්නේය.

එහිදී   පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි  ජ්‍යෙෂ්ඨ  අතිරේක සොලිසිටර් ජෙනරාල්  ෆර්සානා ජමීල් මහත්මිය සහ ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර  මහතා   සදහන් කලේ විවෘත නොකල  ගෘහස්ථ ගෑස් සිලින්ඩර  නැවත කැඳවීමට මේ වන විටත්  කටයුතු කර ඇති  බව ය.

අධිකරණය යෝජනා කල සෙසු කරුණු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී  සහතිකයක්  ලබා දිය නොහැකි  අතර එම කරුණු ඉටු කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව  පිළිබඳව  අදාළ  සමාගමෙන්  උපදෙස් ලබා ගත යුතු  බවද ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා  සදහන් කලේය .

ඒ සදහා  හෙට ( 15) වන තෙක්  කල් ලබා දෙන ලෙසද ජනාධිපති නීතීඥවරයා අධිකරනයෙන් අවසර   ඉල්ලා සිටියේය.

එහිදී  ලාෆ්  හෝල්ඩින්ග් වෙනුවෙන්  පෙනී සිටි නීතිඥ සුරේන්  ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ   ලාෆ්  ගෑස් සිලින්ඩර වල සංයුතිය වෙනස් කර නැති බවත්,   එම සිලින්ඩර  නැවත  කැඳවන ලෙස  පාරිභෝගික කටයුතු අධිකාරියෙන්  තමාට කිසිදු දැනුම් දීමක් ද නොකල බවය.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා  සිටියේ  ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කිරීම නිසා  එම සිලින්ඩර  සහ ගෑස්  ලිප් පුපුරා යාමේ සිද්ධි කිහිපයක්  දිනකට  වාර්තා  වන බව ය. ඒ හේතුවෙන්  විශාල  පිරිසක්  අනතුරු වලට  ලක්  සිටින  අතර අවධානමකට ලක්ව සිටින  බවද ඔහු  සදහන්  කලේය.

වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම   සිද්ධිය  සිදු වන බවද සදහන් කල පෙත්සම්කරු තමා ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස  ඉල්ලා  සිටියේය.

කරුණු සලකා බැලූ අධිකරණයට  පෙත්සම  හෙට ( 15) කැඳවීමට ද අභියාචනාධිකරණය  තීරණය කලේය.

ප්‍රමිතියෙන් තොර ගෑස්  සිලින්ඩර  නිකුත්  කිරීම  සම්බන්ධයෙන්  පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන්නැයි   පොලිස්පතිට නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස්  හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න,  රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු  දස දෙනෙකු  නම් කරනු ලැබ සිටිති.



අදහස් (5)

සිලින්ඩරයේ ගෑස් සංයුතිය කියන්න උසාවියෙන් සමාගමට කල් දෙයි

සන්ක Tuesday, 14 December 2021 05:57 PM

මේක පැය 24න් විසදන්න ඕන බරපතල ප්‍රශ්නයක්. රටේ සමස්ත ජනතාවම අද කුස්සියේ ගෑස් උදුන පත්තු කරන්නේ නැහැ. මිනිස්සු මැරිලා, සමහරුට දරුණු තුවාල ගෑස් පත්තු කරලා රටේ හැම තැනම.

:       0       13

ravin Tuesday, 14 December 2021 06:13 PM

එක දවසක් හොඳටම ඇති. ලිඛිත ලියවිල්ලක්නේ

:       0       12

Shan Tuesday, 14 December 2021 11:25 PM

ඔව් නේද? තව මිනිස් බිලි 10ක් වත් ගන්නකම් කල්දෙන්න. මෙහෙමත් මෝඩයෝ... අනේ ඇත්තට...

:       0       0

සුරලොව ඇල්මන් Wednesday, 15 December 2021 05:36 AM

නාගානන්ද මහත්තයෝ,ගෑස් වල සංසංයුතිය නොවෙයි වසර කීපයක් තුල ගෑස් ඇනවුම් කල ලිපිවල සත්‍ය පිටපත් ගෙන්වා බලන්න එතකොට වැරැද්ද හොදින්ම පෙනේවි.ඇනවුම් කිරීම අනුව තමා ඕඩරය නැත්නම් සැපයීම ලැබෙන්නේ

:       0       0

Ratne Wednesday, 15 December 2021 06:52 AM

පාරිභෝගික අධිකාරිය විසින් ලැබෙන අල්ලස් හෝ වෙනත් කුමන හෝ පුද්ගලික වාසි හේතුවෙන් වගකීම පැහැර හැර ඇති විට, නාගලකන්ද මහතා පුද්ගලිකවම මැදිහත්වීම ඉතා ප්‍රශංසනීයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 558 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 11 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 252 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 778 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 991 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 566 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site