සෙලාන් බැංකුව, අඛණ්ඩව 6 වන වරටත් ‘සෙලාන් වාර්ෂික විකුණුම් සම්මාන 2022‘ සම්මාන උළෙල පසුගියදා සංවිධාන කළේය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී, බැංකුවේ විකුණුම් කණ්ඩායම් සහ සබඳතා නිලධාරීන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කෙරිණි.
"Greater Together" තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙල සඳහා සමස්ත සමූහය නියෝජනය කරමින් ඍජු විකුණුම් කණ්ඩායම සහ සබඳතා නිලධාරීන් ඇතුළු ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයෝ සහභාගී වූහ. එහිදී සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තුළින් විකුණුම් අංශය ශක්තිමත් කිරීමේ අගය අවධාරණය කෙරිණි. අභියෝග ජයගැනීම, අසමසම ප්‍රතිඵල අත්කර ගැනීම සහ ශක්තිමත් විකුණුම් කණ්ඩායමක් ගොඩනැගීම කෙරෙහි සෙලාන් බැංකුව තබා ඇති විශ්වාසය මෙවර සම්මාන උළෙලේදී පිළිබිඹු විය. සෙලාන් බැංකු ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කිරීම සඳහා විකුණුම් කණ්ඩායම් දැක්වූ දායකත්වය ද කැපී පෙනෙයි.
අපගේ ඉලක්ක ජය ගැනීමටත්, මෙරට බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ මිනුම් ලකුණක් ලෙස අපගේ නාමය වඩාත් සවිමත්ව ස්ථාපනය කිරීමටත් විකුණුම් කණ්ඩායම් සහ සබඳතා නිලධාරීන් දක්වන අසමසම කැපවීම නිරන්තරයෙන් හේතු වී තිබෙනවා. අද දින සම්මානයට පාත්‍ර වූ සියලු සම්මාන ලාභීන් පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් එක්කරන අතර, වසර පුරා ඔවුන් විදහා පෑ සුවිශේෂී කාර්යසාධනය ඇගයුමට ලක් කිරීමට මෙය අවස්ථාවක්කර ගන්නවා. පසුගිය වසර පුරා මුහුණ දීමට සිදු වූ අභියෝග කිසිවකට, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය බිඳ හෙළීමට නොහැකි වුණා. අපගේ කුසලතා පූර්ණ කාර්යමණ්ඩල සාමාජිකයන් නිසාම, එළඹෙන වසරේදී තවත් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමන්‍යාධිකාරී - අලෙවි සහ විකුණුම්, ගාමික ද සිල්වා මහතා සඳහන් කළේය.
පැවරුණු සේවාවට අමතරව වසර පුරා සියයට සියයක් ඉක්මවූ අඛණ්ඩ කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්යමණ්ඩල සාමාජිකයන් හට මෙහිදී "Best of the Best" විශේෂ සම්මානය පිරිනැමුණු අතර, 2022 වසරේ මාසිකව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්යමණ්ඩල සාමාජිකයන්ට "Hall of Fame" සම්මානය පිරිනැමිණි
595
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සෙලාන් විශිෂ්ටයන් ඇගයීමට ලක්කෙරේ