IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ

(අමිල චින්තක ගමගේ සහ කෝෂි ද සොයිසා)

සේවකයන් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් පෙරේදා (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් තැපැල් සේවකයන් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය සියයට 90 ක් සාර්ථක බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවැසීය.

ලංකාවේම තැපැල් මධ්‍යස්ථාන සියයට 80ක්ම වසා තිබූ බවත් විවෘතව තිබූ තැපැල් කාර්යාලවල ද කිසිදු මහජන සේවාවක් සිදු නොවූ බවත් බණ්ඩාර මහතා කීය.

සේවක ගැටලුව ඉක්මනින්ම විසඳන ලෙස ජනාධිපතිවරයාට සංදේශයක් බාර දුන් බව ද එයට යහපත් ප්‍රතිචාරයක් ලැබෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

අද 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවකයන් සේවයට වාර්තා කරන බව ද එහෙත් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන්නේ නම් 24 වැනිදා සිට නැවත අඛණ්ඩව  වැඩ වර්ජනයේ යෙදීමට තම සංගමය බලාපොරොත්තු වන බව ද තැපැල් සේවක වෘත්තිය සමිති එකමුතුව  සඳහන් කළේය.

මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු හත්දාහක් පමණ තිබෙන බවත් තැපැල් කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වා ගැනීමට අවම වශයෙන් සේවකයන් දහසක්වත් බඳවා ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන බවද ඔහු කීය.

වැඩ වර්ජනය සම්බන්ධව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරුද්ධ ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තැපැල් ස්ථානාධිපතිවරයාගේ සිට නියෝජ්‍ය තැපැල්පති දක්වා සෑම නිලධාරියකුම අසනීප නිවාඩු වාර්තා නොකර මුළු රටේම තැපැල් කාර්යාල ඒ ආකාරයටම පවත්වාගෙන ගිය බවයි. ඒකාබද්ධ  වෘත්තිය සමිති පවසන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පුරප්පාඩු හිඟය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය. එම සංගමය වැඩ වර්ජනය සඳහා සහයෝගය ඉල්ලා සිටියද මේ අවස්ථාවේ ඒ සඳහා සහයෝගය පළ නොකළ ද වර්ජනය සඳහා සාධාරණ හේතු තිබෙන බව පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේය. 


තැපැල් සේවකයොත් අසනීප නිවාඩු

2024-06-12
22:08

(නිමල කොඩිතුවක්කු)

තැපැල් සේවකයින් අද(12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (5)

සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ

kotiya Thursday, 13 June 2024 01:50 AM

සේවකයෝ නැතුව තැපෑල කොහොමත් අකර්මන්‍යයිනම් උබලගේ වර්ජනෙන් වැඩක් නෑනේ.....

:       0       5

kure Thursday, 13 June 2024 02:11 AM

කුහක පාටියේ කාඩර්ලට කරන්න පුළුවන් ලොකුම දේ තමයි කඩාකප්පල් කිරීම තුළින් රජය අප්‍රසාදයට පත්කිරීම . මේ වර්ජන රැල්ල ළඟ එන ඡන්දෙ පහුවෙනකන්ම යාවි . මුන් නාස්තිය දුෂණය ගැන කතා කරන්නේ නමුත් අවුරුද්දකට දවස් කියක් වර්ජන කරමින් වැටුප ගන්නවද? පුළුවන් නම් වැටුප නොගෙන හිටපල්ලකො . මේ මගුල් විකුණන එකම තමයි හොඳ . මොකද මුන් හොර හැත්තක් . පඩි ගත්තට එකෙන් බාගෙකට වත් සරිලන වැඩක් කරන්නේ නැහැ .

:       1       5

Ratavasiya Thursday, 13 June 2024 06:23 AM

මෙහෙම අසනීප වෙන්න ගෝඨාභය ජනාධිපති කාලයේ කොවිඩ් රෝගය සදහා බලහත්කාරයෙන් (කොවිඩ් කාඩ්පත නැතුව ප්‍රදේශයෙන් පිටතට යාම ප්‍රශිද්ධ ස්ථාන හා රජයේ ආයතන වලට ඇතුල්වීම තහනම් වෙනවා කියලා කරපු ප්‍රචාරය නිසා බලහත්කාරයෙන් කියලා කිව්වෙ ) සිදුකළ එන්නත් නිසා තමයි ඒවායේ විපාක දැන් දැන් ජනතාව විදිනවා එන්නත නොගත් කිසිවෙකුට කිසිම අසනීපයක් නැහැ රජයේ සේවයේ ඔක්කොමලා ලෙඩ්ඩුවෙලා එනිසා එම එන්නත අනිවාර්ය කිරීම මුලින්ම යෝජනා කල එකාටත් එය අනුමත කළ හා ප්‍රචාරය කල හැම එකෙකුටමත් කිසිදාක කිසිම සෙතක් වෙන්නෙ නැහැ දැන් නම් කරන්න තියෙන්නෙ අසනීප සේවකයින් සියලු දෙනාම අයහපත් සෞඛ්‍ය තත්වය මත විශ්‍රාම ගැන්වීම තමා

:       1       2

Prabha Thursday, 13 June 2024 02:30 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්

:       1       2

Lalla Friday, 14 June 2024 09:47 AM

තැපෑල අඩපණ කරන්නේ සේවක වෘත්තීය සමිතිවල නොසන්ඩාල වැඩ. හැමදාම වර්ජන තර්ජන... ඔය වගේම තමා ලංවිම සිපෙට්කෝ වරාය ජල සම්පාදන.... නමුත් දැන් දෙකක් දියවෙන්න පටන්ගත්ත.. ඔය සියල්ල එසේම විය යුතුය .. නිකම්ම පඩිගන්න තත්ත්වයට රාජ්‍ය සේවය ජරාජීර්ණ කලේ වෘත්තීය සමිති....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1553 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site