IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


සැවොම එක්ව රට ගොඩනගමු

(අංජුල මහික වීරරත්න)

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා කීය.
 
ජනාධිපතිවරයා මේ බව කීවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමිනි. 

ඊට සහභාගී වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා,

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය  පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදයේ දී ලාභය නොතකා සේවය ලබා දුන්නා. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන්නේ ද එයයි. එතුමාට මෙතරම් කෙටි කාලයකින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි වෙයි කියා අපද සිතුවේ නැහැ. නමුත් අපට අද එය පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඇස් පෙනෙන කන් ඇසෙන කෙනෙක් නම් එතුමා අපේ රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා කියා පිළිගන්න වෙනවා.



අදහස් (21)

සැවොම එක්ව රට ගොඩනගමු

Perera Friday, 21 June 2024 12:42 PM

රටේ ණය ගෙවන්නේ නැතුව තව ණය අරන් පොහොර ඉන්ධන ගෙනලිලා ලොරි ටෝක් දෙනවා හරියට ආර්ථිකය දියුණු කරලා වගේ

:       22       26

Perera Friday, 21 June 2024 12:54 PM

රට ගොඩදාන්න රට වට්ටපු එවුන් එකික එකතු වෙන්න කියන්නේ අපිටද පිස්සුඔහෙලාටද?

:       11       29

Nimal Friday, 21 June 2024 01:12 PM

කොරෝනා කාලේ ලාභය නොතකා ෆාමසියකින් මාස්ක් එකක් දුන්නේ රුපියල් 350 ට

:       4       25

සිරා Friday, 21 June 2024 01:24 PM

හොරු හෙලුවෙන්ම එලිබැහැලා...

:       13       26

Hafeel Friday, 21 June 2024 01:41 PM

මේ රාජිත, ඩීල් දාස, සුසිල්, මනූෂ කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ, ඔවුන් තමයි හරියට කියනවා නම්, සර්ව පාක්ෂික සාමාජිකයෝ. විශේෂයෙන්ම මෙම රාජිත තමයි වරක් කියා තිබුනා, එදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගාමිණි දිසානායක සහ රනිල් අතර පැවති රහස් ඡන්දයේදී, ඔහු රනිලුත් එක්ක ඉඳ ගැන ගාමිණීට ඡන්දය දුන්න කියල. එහම කරලා ඔහුම පසුව ප්‍රසිද්ධියේ කිව්වා. එහම චරිතයක් තමයි රාජිත කියන්නේ. රාජිතටත් ලැජ්ජාවක් නැහැ, රනිල්ටත් ලැජ්ජාවක් නැහැ.

:       7       24

බද්රානි Friday, 21 June 2024 01:53 PM

ලූලා නැති වලේ කනයා පණ්ඩිතයා" වගේ පහුගිය සමයේ මේ රට පාලනය කල, නුගත්, හොර, දුෂිත, අමන පාලනයෙන් පසුව මෙතුමා යම් තාක් දුරට මේ රට ස්ථාවර කල බව සත්‍යයක්... නමුත්, ඉතින් තෙල් ටිකයි, ගෑස් ටිකයි ලබා ගන්න පෝලිමේ ඉන්න ඕනා නැහැ කියන එකද රටක සංවර්ධනය කියන්නේ... ලංකාව හදන්න නම්, ඔය පාර්ලිමේන්තුවේ දැනට සිටින හා විශ්‍රාම ගිය අයගේ වරප්‍රසාද කපා හරින්න ඕනා... ඔවුනුත් රටේ අනෙක් ජනතාව මෙන් විශ්‍රාම වැටුපෙන් ජීවත් විය යුතුයි... විශ්‍රාම ගිය ජනාධිපති ලාට ආරක්ෂකයින් මොකටද..? ඔවුන්ට රජයෙන් නිවාස ලබා දෙන්නේ ඇයි..? වරප්‍රසාද ලබන මෙතරම් විශාල ඇමති මණ්ඩලය නඩත්තු කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලින් නේද..? රාජ්‍ය අමතිලාගෙන් සිදුවෙන සේවය කුමක්ද..? හොර තක්කඩි කල්ලියක් මේ රටේ ජනතාවගේ රීරි මාංශ හුරා ගෙන කමින් ප්‍රභූන් ලෙස වැජබෙනවා...රටේ ජනතාව හිඟන්නන් කර, නුඹලා ලබන සැප වලට මේ සසර පුරාවටම වන්දි ගෙවන්න සිදුවෙනවා..අනෙකුත් රටවල නායකයින් තමන්ගේ ජාතිය ලෝකයේ ප්‍රෞඩ ජාතිය බවට පත්කරන්න මොනතරම් වෙහෙස වී කටයුතු කරනවාද..? නුඹලයි අපියි දෙගොල්ලොම මේ ලෝකෙන් චුත වෙලා වැනසිලාම යන්න ඕනා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ!!!

:       7       26

ගමේ එකාලා Friday, 21 June 2024 01:54 PM

බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ ඔක්කොම එකතුවෙලා රටම බන්කොලොත් කෙරුවා ? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා.හොන්දට තිබුනු අපේ රට ලෝකෙම හිගාකන තත්ත්වයකට පත් කෙරුවා .අතීතය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       7       26

මැක්ස් Friday, 21 June 2024 02:07 PM

මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ ආර්ථික අර්බුදය ඇති වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතු කාරණාවලට මුල් අඩිතාලම දැමු ආණ්ඩුවේ අගමැති ලෙස කටයුතු කල පුද්ගලයාම ආර්ථිකය බේරා ගත් පුද්ගලයා වශයෙන් උත්කර්ෂයට නැංවීමයි. ඉතිහාසයේ පෙර නොවූ විරු තරමට විදෙස් ණය ලබා ගෙන රටට පලදායි වැඩක් නොකල ආණ්ඩුවේ අගමතිවරයා සහ එහි සුව ඇමති වශයෙන් සිටි පුද්ගලයාම තම තමන්ගේ පිට කසා ගැනීමයි. කෙසේ වුවත්, රනිල් ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයා වන අනුර කුමාරත් මෙම පින්තුරයේ සිටියා නම් වඩාත් සුදුසුයි

:       26       20

Kazi Shajahan Friday, 21 June 2024 02:21 PM

රාජිත මෙදා පනින්නේ නැ. නමුත් සජබේ සේරම සැලසුම් ජනාධිපතිට දිලා වැඩේ කරගන්නවා

:       4       22

Dr anuea Friday, 21 June 2024 02:36 PM

එකගයි.. එක්ව රට ගොඩනගමු

:       26       12

රංබොඩ Friday, 21 June 2024 02:59 PM

පට්ට පොරක් එක්ක රට ගොඩදාන්න හදන්නෙ. හොයලා බැලුව නම් කෙහෙලියට එහා

:       7       24

Pinjana Friday, 21 June 2024 03:14 PM

යකෝ, මේ කියන්නේ අපි ( මහජනයා) රට බංකොලොත් කරා කියලා. මුන් දෙගොල්ලො එකතුවෙලා රටේ ජනයා ජාති, ආගම් වලට බෙදලා, තරගෙට මහජන ධනය හොරා කාල, රට බංකොලොත් කරලා, අපිට කියනවා එකතු වෙලා රට හදන්න. ඔව් පිනෝ අපි එකතු වෙලා මේ පාර තොපි ඔක්කොම එකට තියලා අකුලෝගෙනම යවනවා. ඊට පස්සේ අපි ජාති, ආගම් බේද නැතුව එකතුවෙලා රට හදනවා.

:       4       34

Achini Friday, 21 June 2024 03:16 PM

මහබැංකු සිනි වංචා මිග් වාහන ඒවාත් අමතක කරන්න එපා. ඕන් මතක් කලා

:       6       32

Dharmatileke Friday, 21 June 2024 03:24 PM

ඡන්දයක් ලං වෙකොට මතක් වෙන්නේ රට හදන්නේ. ඡන්දෙන් පස්සේ

:       5       29

චන්දිම Friday, 21 June 2024 05:22 PM

අන්න හරි, ඔවු අපි කවුරුත් එකට සමගියෙන් එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕනි . අපි කවුරුත් එක්ව එකතුවෙලා රට ගොඩ ගන්නම්. අනේ පින් සිද්ධවෙයි ඔහෙලා කරුණා කරලා චුතවෙලා යනවද ඊළඟ මැතිවරනෙන් පස්සේ වත්? අපිටනම් මහා මල වදයක් වෙලා තියෙන්නේ අල්ලගත්ත තැන මුල අදින්නනේ හදන්නේ හරියට ගෙවලයෝ වගේ.

:       3       14

පියන්ත Friday, 21 June 2024 05:57 PM

උබලා මතක තියා ගනිල්ලා අපි දන්නවා උබලා ඔක්කොම හොරැ කියල

:       0       0

Danushka Perera Friday, 21 June 2024 06:18 PM

රට බංකොලොත් කලෙි කවුද? අවංක මිනිසුන් නෙමෙයි

:       2       11

Lankabarana Saturday, 22 June 2024 06:29 AM

රට බංකොලොත් කලේ බත් කටට කසිප්පු කාලට රටේ ගැන නොසිතා තමන්ගේ එදාවේල පමණක් ගැන හිතපු මිනිස්සු විතරක් නොවෙයි උන්ගෙ වැරදි නිවැරදි කරන්න කටයුතු කරපු උගතුන් හා බුද්ධිමතුන් කියන ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කළ රටේ ජනතාව තමයි කොටින්ම කියතොත් දුරදිග නොබලා රටේ අනාගතය ගැන නොසිතා ඊයේ ගෙවී ඉවරයි හෙට තව ලබා නැහැ අද ජොලියෙන් හිටියනම් ඇති කියලා ඡන්දය පාවිච්චි කළ ජනතාව රටේ බංකොලොත් භාවයට සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි.

:       0       0

විපරමා Friday, 21 June 2024 08:33 PM

ගොඩ ගන්න රටක් තියෙන්න එපැයි.. බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි, දූෂිත දේශපාලුවෝ එකතුවෙලා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරලා හමාරයි...

:       0       0

anuranga Friday, 21 June 2024 10:30 PM

උබලම තමයි මේ රට බංකොලොත් කරේ, මොකද අපි මේ රට පාලනය කරේ නැහැනෝ, අපි තවත් ඔය සුරංගනා කතා වලට රැවටෙන්නේ නැහැ තොපි ඔක්කොම හොරු, සතොස කඩනකන් බලා ඉදල, මහ බැංකුව කඩනකන් බලා ඉදල, මිනිස්සුන්ට හොර බෙහෙත් පොවල ඔක්කොම සල්ලි පිල්ලි ගහල දැන් එනව අපිට බණ කියන්න අපි රැවටෙයි ඕවට

:       0       0

Nimal Saturday, 22 June 2024 03:18 PM

ප්‍රභාකරන්ව විශ්වාස කරත්, රාජිත නම් විශ්වාස කරන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

උප්පැන්නයක් ගන්න ඇවිත් යකා නටලා
2025 මාර්තු මස 06 313 0

හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී


පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න
2025 මාර්තු මස 06 271 0

පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 209 1

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


බොරු කියන වෙබ් අඩවි නියාමනයකට
2025 මාර්තු මස 06 753 8

අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්


අධිකරණයට නාවොත් දේශබන්දු අත්අඩංගුවට ගන්නවා
2025 මාර්තු මස 06 1004 3

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු ක


ජනපති - අධ්‍යාපන අමාත්‍යාංශ සාකච්ඡාවක්
2025 මාර්තු මස 06 504 3

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසා


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20079 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 145 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 480 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 547 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site