IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර හවුල්කාරිත්වය ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 (AIPM 2024) අමතමිනි. 

ජූනි 22 දක්වා කොළඹදී පැවැත්වෙන 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කරුවන්ගේ හමුව, ඉන්දියාවේ KPMG ආයතනය සහ ශ්‍රී ලංකාවේ KPMG ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කර තිබේ. 



අදහස් (14)

සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා

PATTA hora Saturday, 22 June 2024 01:19 PM

තව දුරටත්පි පිනා හිටියොත් හවුලේ නෙවෙයි, යටතේ තමයි ඉන්න වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මෙයාව ඇපත් නැතිව පන්නමු.

:       18       33

සමන්තSunday, 23 June 2024 02:52 AM

සංවර්ධනය සහ දේශපාලනය සහ කලාපයේ භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ගොබ්බයින් රනිල්ට බැන වදිමින් මේ නැවතත් සැරසෙන්නේ ගෝඨාභයට දී කෙලවාගත් එකේ දෙවැන්න කර ගැනීමටයි​. මේ ඉන්දියාවේ දශකය මිස ජ.වි. පෙ ප්‍රමුඛ ගොබ්බයින්ගේ දශකය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම අදහසකට ඉඩක් ඇති නමුත් ජනතාවගේ අභිලාෂයන් සහ රටේ ඉදිරි ගමන අඩාල කිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන මෙන් ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමි..

:       0       3

Pinjana Saturday, 22 June 2024 01:25 PM

හරියට ලංකාව මෙයාගේ බූදලේ වාගේ විකුණන්න, ලියලා දෙන්න හදන්නේ. රටම විකුණලා යන්න හදන්නේ. මහජනයාගේ අකමැති බව දන්න නිසා මිනිස්සු කෙරෙහි ඇති වෛරය පිරිමහන්නේ එහෙම.

:       16       34

සෙනෙවිරත්න Saturday, 22 June 2024 02:11 PM

හවුලේ? හවුලේ නොවෙයි කුලියට වැඩ කරන්නයි වෙන්නේ...

:       15       25

Prabha Saturday, 22 June 2024 02:18 PM

ඉන්දියාව කවදත් කළේ අපේ රට හූරාගෙන කන එක තමයි.

:       16       24

senaSaturday, 22 June 2024 03:57 PM

ඉන්දියාවට බැනලා වැඩක් නැහැ මේ කලකන්නි රට විනාශ කළා... ඒ මිනිස්සු ඒකෙන් ප්‍රයෝජන ගන්නවා...

:       1       0

රංබොඩ Saturday, 22 June 2024 04:01 PM

හවුලේ පවුල් කන්න මහත්තයෝ ඔය උපදේශකලත් එක්ක. රට නරා වලක ඔබන්නේ නැතිව...

:       1       0

nanda Saturday, 22 June 2024 04:30 PM

ඡන්දෙන් ඇවිත් කියන දෙයක් කියන්න.

:       7       11

krishna Saturday, 22 June 2024 05:41 PM

රනිල්ගේ අදහස හරි.... කට්ටිය කියන්නේ කියුබාව එක්ක එකතුවෙලා වැඩේ කරමු කියලාද?

:       0       1

Amali Saturday, 22 June 2024 06:05 PM

මෙයා මේ රටම එයාගේ ඉන්දියන් නෑදෑයින්ට විකුණනවා... කාලකන්නි පෙරේත ඉන්දියන්කාර රනිල්, හොඳක් වෙන්නේ නැහැ.

:       1       0

sara Saturday, 22 June 2024 08:05 PM

මෙතුමා එදා ඉඳලා කෙරුව එකම දේ ණය ගැනීම බදු ගැසීම විකිණීම බේස්ලට් දෙනවා කිව්වා... වයිෆයි නිකන් දෙනවා... කිව්වා පුංචි කාර් මිනිස්සුන්ට ගන්න කුරුණෑගල වොක්සැගන් කොම්පැනියක් දාලා දෙනවා කිව්වා... අපිත් ඒ කාලේ අසාවෙන් බලාගෙන හිටිය මේවා ලැබෙනකම් මෙතුමා කටින් බතල හිටෝනවා විතරයි දැනුත් කරන්නේ එකයි.

:       0       0

kotiya Sunday, 23 June 2024 12:04 AM

මෙතන කොමෙන්ට් දාපු ගොඩ දෙනෙක් කියන්නේ ඉන්දියාව සමඟ සහයෝගීතාව හොඳ නෑ කියලා. තව කට්ටියක් කියනවා චීනයත් එක්ක සහයෝගීතාවය හොඳ නෑ කියලා. තවත් කට්ටියකට ඇමෙරිකාවත් සමඟ සහයෝඟීතාවය හොඳ නෑ. අන්තිමට අර බූරුවාව පොළට අරන් ගිය තාත්තයි, පුතයි වගේ බූරුවාව කරේ තියන් තමා යන්න වෙන්නේ...

:       0       1

Nimal 1 Sunday, 23 June 2024 08:05 AM

වඩාත් නිවැරැදිව කියනවා නම් ඉන්දියාවටයි, අදානිලාටයි, මෝදිලාටයි රටම පාවාදෙනවා.

:       1       0

NAMAL Sunday, 23 June 2024 03:44 PM

ඉන්දියාව කවදාවත් කැමැති නැහැ ලංකාව දියුණු වෙනවාට... මේක ඉන්දියානුවෙක්ම ඔහුගේ කටින් කියපු දෙයක්... ඔවුන්ට අවශ්‍ය ලංකාව ඉන්දියාව මත යැපෙන්න ඕනෑ කියන එකයි. මේක දන්නේ නැති සමහරක් පර දේශපාලුවෝ ඉන්දියාව පස්සේ කොමිස් වෙනුවෙන් යනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 129 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 152 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 246 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 862 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 564 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 383 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site