(අංජුල මහික වීරරත්න)
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘති වලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන බවද ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
gama Saturday, 12 October 2024 05:48 AM
අනිවාර්යයෙන්, ඒ අය වැටුප් ගන්නේ ඒකට. ඔෆිස් ඇවිත් නිදා ගන්න නෙවෙයි...
Nilantha Saturday, 12 October 2024 02:04 PM
ඒ වුණාට මෙතෙක් කලක් රාජ්‍ය සේවයේ ඔක්කෝමලා හිටියේ තම තමන්ගේ පක්ෂ වලට එල්ලිලා මිස රට ගැන කිසිම හැඟීමක් ඇතුව නොවෙයි... අන්තිමට උන්දැලාත් කිසිම දෙයක් නොකර ඉඳලා කිව්වේ අවුරුදු 76ක් ආණ්ඩු මොනවාද කළේ කියලා තමයි කොහොම වුණත් සියලු රාජ්‍ය සේවකයින් සංවර්ධන වැඩ ගැන වගකිවයුතු නැහැ. මොකද දහස් ගණනක් සේවකයින් සංවර්ධන නිලධාරි කියලා කිසිවක් නොකර ඉන්නවා. ඔවුන්ට ඒ වගකීම අනිවාර්යයෙන් පැවරෙනවා. සෑම කෙනෙක්ම සංවර්ධන කටයුතු සඳහා වගකිවයුතු නම් සංවර්ධන නිලධාරින් කියන ඔක්කෝමලාගේ තනතුරු නාමය නොපමාව වෙනසක් කරන්න ඕනෑ...
pj Saturday, 12 October 2024 06:50 AM
බලයට එන්න පෙරාතුව කීවේ සහභාගි වෙන්නත් එපා කියලයි. ඔහොම යන්...
සෙනෙවිරත්න Saturday, 12 October 2024 08:09 AM
වෙනදා ඕව ණය මත කරන බව නෙවෙයි ඇඟෙව්වෙ තමන්ගෙ බූදලයෙන් කරනවා වගේ, දේශපාලඥයන් සහ නිළධාරීන් දෙගොල්ලො එකතුවෙලා කොමිස් ගැහිලයි කලේ. මේ ප්‍රකාශය අනුව වගකීම් සහ වගවීම් පැහැදිලිවම පේනව, මේක තමයි විය යුත්තේ.
සෙනෙවිරත්න Saturday, 12 October 2024 08:14 AM
මීලඟ නිදහස් සැමරුම ප්‍රභූන් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බව ප්‍රකාශයක් අසන්නට ලැබුන. එය කෙසේ දැයි පැහැදිලි නොවුනද මෙතෙක් කල් අප දුටු නිදහස් සැමරුමවූයේ දේශපාලඥයන්ගේ බිරින්දෑවරු දරුවන්, සහ හමුදාවේ උසස් අයගෙ සහ බිරින්දෑවරුන් වාහන වලින් පැමිණ රතු පලස් මගින් අසුන් ගත කර අහසට වෙඩි තැබීමත් නිරස කතාවත් පමණි. තානාපතිවරුන්ද පැත්තක වාඩිකරවීමටද ඔවුන් අමතක නොකරයි. මේ ක්‍රමය වෙනස් කිරීම ඉතාම හොඳ වැඩක්. අප පැතු වෙනස මෙයයි
Deepal Nirosh Saturday, 12 October 2024 01:26 PM
නිදහස සමරන්න කියලා පෙබරවාරි 4 වැනිදා රුපියල් කෝටි ගණන් වියදම් කරගෙන ගාලු මුවදොර/ නිදහස් චතුරශ්‍රයේ නටන පිස්සු විකාර සන්දර්ශනය නවත්වන්න. එදෑට සෑම නිවසකම/ රාජ්‍ය ආයතනයකම ජාතික ධජය ඔසවා තබන්න නියම කරන්න. ආගමික ස්ථානවල සැඳැවට ආගමික පුද පූජා හා නැමදීම් පමණක් පවත්වන්න නියම කරා නම් ඇති...!
Thoththababa Sunday, 13 October 2024 05:01 AM
නිදහස සැමරීම ලෝකයේ බොහෝ රටවල සිදුවෙනවා ඒවා ප්රවෘත්ති මගින් නොදකින බව පැහැදිලියි නැත්නම් මෙහෙම කියන්නෙ කොහොමද ඊළඟට මෑතකදී හිටපු ජනාධිපති පදිංචිව හිටියෙ පුද්ගලික නිවසක තමයි ඒත් අවශ්‍යතා නිසා ජනාධිපති මන්ධිරයේ කුස්සියේ අහාර එකතුවක් තිබුනා ඒවා අනවශ්‍ය දේවල් කියලා සේවකයින්ට ගෙනයාමට කියලා තිබුනා ඇත්තටම ඒ ආහාර තිබුනේ ජනාධිපතිට පරිභෝජනය සදහාද කියලා නුවනැත්තෝ සිතත්වා එහෙම ශෝබන වැඩ කරන්නෙ මෝඩ මිනිස්සු රවටා බලය ගැනීමේ උපක්‍රමයක් ලෙසටද කියලා තේරුම් ගන්න බැහැ සාමාන්‍යයෙන් මැයි දිනය තමයි අගමැති කියන ආකාරයට වෙනසක් වෙන්න ඕන