IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිවිල් ආරක්ෂකයන්ට වන්දියක් අරන් ගෙදර යන්න වරම

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ සිවිල් ආරක්ෂක නිලධාරීන් විශාල  පිරිසක්  වැඩ නොකර පඩි ගන්නා බවත්  කැමති නම් වන්දි මුදලක් ලබාගෙන   සේවයෙන් ඉවත්වීමට  වැඩපිළිවෙලක් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන්  ළඟදීම  හඳුන්වා දෙන බවත්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

එසේ ඉවත් වීමේදී  දෙන වන්දි මුදල තවමත් තීරණය කර නැති බවත්  සේවා කාලය සැලකිල්ලට ගෙන එම වන්දි මුදල තීරණය කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම රජයේ බලාපොරොත්තුව බවත්   තිස් හතර දහසක් සිටින සිවිල් ආරක්ෂක බලකායට  අලුතින් බඳවා ගැනීම 2015 වසරේ සිටින අවස්ථා ඇති බවත් ඔහු සඳහන් කළේය.

රටේ අවශ්‍යතාව අනුව ඔවුන්ගෙන් සේවයක් ලබා ගැනීම සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

කොළඹට එව්වොත් එහෙම තියා ගන්නා ලෙස දේශපාලන අධිකාරියෙන් බලපෑම් එන බව පැවසූ දෙන්නකෝන් මහතා මේ අයට තෝරා ගැනීමට අවස්ථාවක් දෙන බවද ප්‍රකාශ කළේය.

රටේ අවශ්‍යතාව අනුව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බවත්  එසේ කටයුතු කිරීමේ ගෙදර සිට සේවය කිරීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කුමාරසිරි මන්ත්‍රීවරයා පැවසුවේ ලක්ෂ 50ක් වත් ගෙවන්නේ නම් සේවයෙන් ඉවත්වීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවයි.



අදහස් (4)

සිවිල් ආරක්ෂකයන්ට වන්දියක් අරන් ගෙදර යන්න වරම

සංඡිව Wednesday, 06 December 2023 03:23 PM

ලක්ෂ පනහක්වත් දිල යවන ඒක සදරනයි

:       6       1

Hafeel Wednesday, 06 December 2023 05:20 PM

හරියට මෙයා ජනතාවට වැඩ කරලා, දීපු පොරොන්දු ඉටු කරලා සහ රට බංළොත් භාවයෙන් නිදහස් කරපුවා වගේ කතා. ඔක්කෝටම කලින් ඕගොල්ලෝ ගෙදර යන්න. නැත්නම් තියන්න ඡන්දයක් ගෙදර යවන්න.

:       2       4

lakmal Wednesday, 06 December 2023 11:02 PM

ඇත්තටම හොඳ දෙයක් ඔබතුමාගේ තීරණය .කඩිනමින් ඉවත්ව යාමට අවස්තාව ලබා දෙන්න

:       0       1

Lalla Thursday, 07 December 2023 12:03 AM

රටේ අනිත් සේවාවල සේවකයන්ට දෙන වන්දිය ලක්ෂ විසිපහයි.මේ අයට පණහක් දෙන්නේ මොන විශේෂය වෙනුවෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 11 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 617 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1237 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2850 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3219 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 376 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site