(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රෝගියකු රෝහල්ගත කිරීමට ගිය සුවසැරිය ගිලන්රථයක රියැදුරකුට හා එහි හෙද නිළධාරිනියකට මහරගම වත්තේගෙදර ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම වත්තේගෙදර හා පිළියන්දල පදිංචි (26) හැවිරිදි දෙදෙනකු බව පොලීසිය කියයි .
අසනීප තත්ත්වයන් පසුවන පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා පැමිණෙන ලෙසට 1990 සුවසැරිය ගිලන්රථ මධ්‍යස්ථානයට ඇමතුමකට ඇමතුමක් ලැබී තිබූ අතර ඒ අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සුව සැරිය ගිලන් රථයක් මහරගම වත්තේගෙදර විලියම් අල්විස් මාවත ප්‍රදේශයට එදින අලුයම 01 පමණ ගොස් තිබේ.
එම අවස්ථාවේදී බීමතින් සිටි පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කරන ලෙසට එහි සිටි පුද්ගලයින් පැවසීමත් සමඟ ගිලන් රථයේ හෙද නිධාරිනිය ඊට විරෝධය පළ පළකර ඇති අතර එ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදු වී පසුව සුවසැරිය ගිලන් රථයේ රියැදුරාට සහ එහි හෙද නිළධාරිනියට පහර දී තිබේ.
පසුව පහරකෑමට ලක් වූ දෙදෙනා 1990 සුව සැරිය ගිලන් රථ මධ්‍යස්ථානය දැනුවත් කොට ඇති අතර එහි නිලධාරීන් වෙනත් ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ .
ඔවුන්ගේ තත්වය සාමාන්‍ය බවද පොලිසිය කියයි .
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුවසැරියේ රියදුරුට-හෙදියට පහරදුන් දෙදෙනාට වැඩ වරදී
කොන්දොස්තර Saturday, 20 May 2023 08:19 AM
සුවසැරිය ආරම්භ කළ අවස්ථාවේ ඒක විනාශ කරන්න පිරිසක් උපරිමයෙන් උත්සාහ කළා. එම උත්සාහය අලුයට ගිණි පුපුරු වගේ තියෙනවා කියලා හිතෙනවා. මේක එම ගින්න නැවතත් මතුවීමක් වෙන්නම පුළුවන් හොඳින්ම සොයා බලන්න...